(ටී. එල්. ජවුෆර්කාන්)
නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කළ දෙදෙනෙකු මඩකලපුව පුදුකුඩිඉරිප්පුහි විශේෂ කාර්ය බලකාය මගින් අද(17) අත්අඩංගුවට ගත් බව කාත්තාන්කුඩි පොලිසිය පවසයි.
වැලි ප්‍රවාහනයට භාවිත කළ ටිපර් රථ දෙකක් විශේෂ කාර්ය බලකාය බාරයට ගත් බව පොලීසිය කියයි.
බලපත්‍රයේ සඳහන් ස්ථානය වෙනස් කර කාත්තාන්කුඩි ප්‍රදේශයට වැලි ප්‍රවාහනය කිරීමේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් හා රථය මඩකලපුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කාත්තාන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd