(දයාරත්න ඇඹෝගම)
බාලවයස්කාර 12 හැරිවිදි පෙම්වතිය දෙවරක්ම අපයෝජනය කර පලා ගොස් ඇති 27 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ තඹුත්තේගම,ගම්මාන හත,වෙහෙරගල පදිංචි 27 හැවිරිදි අයෙකි.
සැකකාර පෙම්වතාත් බාලවයස්කාර පෙම්වතියත් තඹුත්තේගම ප්‍රදේශයේම පදිංචිකරුවන්ය.
පසුගිය අප්‍රේල් 27 වැනිදා උපකාරක පන්තියකට තඹුත්තේගම නගරයට පැමිණ ඇති මෙම බාලවයස්කාර තරුණයා විසින් සිය යතුරුපැදියේ නංවා ගෙන එප්පාවල හන්දියේ පිහිටි වෙල්යායේ පැළකට කැඳවා ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
එම සිද්ධියෙන් පසුව නැවත තමන් සොයා පැමිණි පෙම්වතා සිය නිරුවත් ඡායාරූප කිහිපයක් රැගෙන ගොස් දුෂණය කර තිබේ.
සිය නිරුවත් පින්තුර පෙන්වා දිගින් දිගටම පෙම්වතා සිදුකළ බලපෑම් නිසා ඇය විසින් සිය දෙමාපියන්ට මේ බව දන්වා තිබේ.
ඒ අනුව ඔවුන් විසින් ඊයේ (17) මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබිණි.
මෙම පැමිණිල්ල මත සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගැනීමට තඹුත්තේගම පොලිසිය විමර්ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බාලවයස්කාර දැරිය අපයෝජනය කළ සැකකරු සොයා විමර්ශන