(දයාරත්න ඇඹෝගම)
බාලවයස්කාර 12 හැරිවිදි පෙම්වතිය දෙවරක්ම අපයෝජනය කර පලා ගොස් ඇති 27 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ තඹුත්තේගම,ගම්මාන හත,වෙහෙරගල පදිංචි 27 හැවිරිදි අයෙකි.
සැකකාර පෙම්වතාත් බාලවයස්කාර පෙම්වතියත් තඹුත්තේගම ප්‍රදේශයේම පදිංචිකරුවන්ය.
පසුගිය අප්‍රේල් 27 වැනිදා උපකාරක පන්තියකට තඹුත්තේගම නගරයට පැමිණ ඇති මෙම බාලවයස්කාර තරුණයා විසින් සිය යතුරුපැදියේ නංවා ගෙන එප්පාවල හන්දියේ පිහිටි වෙල්යායේ පැළකට කැඳවා ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
එම සිද්ධියෙන් පසුව නැවත තමන් සොයා පැමිණි පෙම්වතා සිය නිරුවත් ඡායාරූප කිහිපයක් රැගෙන ගොස් දුෂණය කර තිබේ.
සිය නිරුවත් පින්තුර පෙන්වා දිගින් දිගටම පෙම්වතා සිදුකළ බලපෑම් නිසා ඇය විසින් සිය දෙමාපියන්ට මේ බව දන්වා තිබේ.
ඒ අනුව ඔවුන් විසින් ඊයේ (17) මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබිණි.
මෙම පැමිණිල්ල මත සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගැනීමට තඹුත්තේගම පොලිසිය විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd