ධීවර සමිතියක ඇතිවු ආරවුලකින් නිලධාරීන් දෙදෙනකු ඇතුළු තවත් අයෙක් රෝහලේ තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පැවැති ධීවර සමිතියක් අතරතුරදී ඇතිවූ ආරවුලක් දුරදිග යාම නිසා ධීවර අමාත්‍යංශයේ නිළධාරින් දෙදෙනෙකු හා තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 28 September 2018
බසයයක හැපී පුද්ගලයෙක් මරුට හයිලෙවල් මාර්ගයේ හෝමාගම ගලවිලවත්ත මංසන්ධියේදී මාර්ගය හරහා මාරුවෙමින් සිටි පුද්ගලයෙකු කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ බස් පෞද්ගලික රථයක ගැටීමෙන් අද (28) සිදු වූ අනතුරින් අනතුරට ලක් වූ පදිකයා බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි හෝමාගම පොලිසිය පවසයි. 28 September 2018
වන අලි පහර දීමකින් අයෙක් මරුට මැදවච්චිය සියඹලාගස්වැවදී වන අලියකු පහර දීමෙන් 72 හැවිරිදි පුද්ගලයකු මියගිය බව මැදවච්චිය පොලිසිය කියයි. 28 September 2018
හක්කපටස් කෑ වල් අලියාගේ ජිවිතය බේරා ගැනීමට දැඩි පරිශ්රමයක මන්නාරම මඩු පරසන්කුලම්හි පෙරියවලයං කඩ්ඩු ප්‍රදේශයේ දී හක්කපටස් කෑ වල් අලියකුගේ ජීවිතය බේරා ගැනීමට වනජීවි නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන් විසින් අද (28) දැඩි පරිශ්රමයක නිරත විය. 28 September 2018
ඇල්පිටියේ යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට ඇල්පිටිය පිටිගල ප්‍රධාන මාර්ගයේ අමුගොඩ ප්‍රදේශයේ දී අද (28) අලුයම යතුරුපැදිකරුවකු මාර්ගයෙන් ඉවතට පැන නිවසක ගෙට්ටුවක වැදීමෙන් වු අනතුරකින් මිය ගොස් ඇති බව පිටිගල පොලිසිය පවසයි. 28 September 2018
නිවැරදි සිංහලය කෘතිය එළිදකී කොළඹ විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා විසින් රචිත ’’නිවැරදි සිංහලය කෘතිය ජනගත කිරීම සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී සිදු කෙරිණි. 28 September 2018
විදේශීය දුම්වැටි තොගයක් අත්අඩංගුවට මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ කලක සිට මහාපරිමාණයෙන් සිදුකළ විදේශීය දුම්වැටි අලෙවිකරන ස්ථානයක් වටලා දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසියි කියයි. 27 September 2018
දෙමටගොඩ චමින්දගේ ඥාති නැගණියක් ඇතුළු 3 ක් රිමාන්ඩ් හෙරොයින් ග්‍රෑම් 33යි මිලි ග්‍රෑම් 730ක් ලඟ තබා ගැනීම හා ප්‍රවාහන කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් දෙමටගොඩ චමින්දගේ ඥාති නැගණිය අතුළු තවත් දෙදෙනකු ඔක්තෝබර් මස 10 වැනි දා දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස මහර මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (27) වැනිදා නියම කළේය. 27 September 2018
බූන්දල වනෝද්‍යානයේදී ගිනිඅවි 2 ක් සමඟ සැකකරුවන් 2 ක් අත්අඩංගුවට මෙරට නිෂ්පාදනය කරන ලද බෙහෙත් කොටන ගිනිඅවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (27) බූන්දල ජාතික වනෝද්‍යානය තුළදී අත්අඩංගුවට ගත් බව වනජීවි නිලධාරීහු පැවැසූහ. 27 September 2018
ව්‍යාජ ගමන් බලපත්‍රයක් සමඟ ලාංකිකයෙකු බැංකොක්හිදී අත්අඩංගුවට ව්‍යාජ ලෙස සැකසූ මැලේසියානු ගුවන්ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ප්‍රංශය බලා ගුවන්ගත වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු තායිලන්තයේ බැංකොක් හි ස්වර්ණභූමි ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී තායි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පළවන බර්නමා පුවත් සේවය අද (27) වාර්තා කළේය. 27 September 2018
රන් මුදු 10 ක් සමඟ ලාංකිකයෙක් රේගුවේදී අල්ලයි රන් මුදු දහයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුවේ සිට රැගෙන පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (27) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 27 September 2018
බගවන්තලාව හින්දු කෝවිල් දෙකක් හොරු කඩලා බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් වතු යායේ මැද කොටසේ පිහිටි හින්දු කොවිල් දෙකක් කඩා දේව රූපවලට පළඳවා තිබු රන් ආභරණ සහ පින් කැටයේ තිබු මුදල් සොරාගෙන ගොස් ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය. 27 September 2018
අහංගම සුනඛ මධ්‍යස්ථානය වසා දැමීමේ යෝජනාවට විරෝධතා අහංගම මිදිගම කලපුව ප්‍රදේශයේ පවත්වාගෙන යන ඇනිමල් එස්.ඕ.එස්. සුනඛ මධ්‍යස්ථානය වසා දැමීමට වැලිගම ප්‍රාදේශිය සභාව විසින් යෝජනාවක් සම්මත කිරිමට විරෝධය පල කරමින් සත්ව අවිහිංසාවාදි පිරිසක් අද (27) පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන ලදී. 27 September 2018
නිසි මිලක් ඉල්ලා අර්තාපල් ගොවීහු පාරට බසිති අර්තාපල්වලට සාධාරණ මිලක් දෙන්නැයි ඉල්ලා වැලිමඩ අල ගොවීහු අද(27) දහවල් බදුල්ල නගරයේ ඌව පළාත් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණය කළහ. 27 September 2018
ඇමෙරිකානු ඩොලර් තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ඇමෙරිකානු ඩොලර් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 27 September 2018
නැන්දාගේ පිහි ප්‍රහාරයකට ලක්වූ දියණිය රෝහලේ තම නැන්දාගේ පිහි ප්‍රහාරයකට ලක්වූ බව කියන වයස අවුරුදු 4ක දැරියක ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 26 September 2018
ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට වැලිගම ඉබ්බාවල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ මිලි මීටර් නවය වර්ගයේ පතරොම් යෙදිය හැකි රිවෝල්වරයකට සමාන මෙරට නිශ්පාධිත ගිනිඅවියක් එම ගිනි අවියට යොදන ජීව උණ්ඩ හතරක් සහ ගිනිඅවිවලට සවි කරන බයිනෙත්තුවක් සමඟ පුද්ගලයෙකු මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයවිසින් අත්අඩංගුවට ගෙන ඇත. 26 September 2018
ගෙවත්තට පැමිණි කිඹුලා අල්ලා රක්ෂිතයට මුදා හරී වවුනියාව පූන්තොට්ටම් ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි දැවන්ත හැල කිඹුලෙකු ඇල්ලු වව්නියාව වනජීවි නිලධාරීන් අද (26) උදෑසන එම කිඹුලා රක්ෂිතයකට මුදා හැරීමට පියවර ගත්තේය. 26 September 2018
නව හැවිරිදි දැරියකට අතවර කළ අයෙක් රිමාන්ඩ් වයස අවූරුදු 09ක දැරියක ට ලිංගික අතවර සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයකු ඔක්තෝබර් මස 03 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහර වැඩ බලන මහෙස්ත්‍රාත් සමන් විතානආරච්චි මහතා නියෝග කෙළේය. 26 September 2018
හිටපු කොටි නායක දීලීපන් සැමරේ කොටි සංවිධානයේ හිටපු සාමාජිකයෙකු වන දිලීපන් නොහොත් රාසයියා පාර්දීපන් නැමත්තාගේ 31 වන ගුණ සැමරුම අද (26) යාපනය නල්ලූර් කෝවිල පිටුපස ඇති ස්ථානයකදී දේශපාලන නියෝජිතයින් පිරිසකගේ සහ සාමාන්‍ය වැසියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවත්විණි. 26 September 2018
ගින්නකින් අහංගම වෙළඳසල් දෙකක් මුළුමනින්ම විනාශයි අහංගම නගරයේ පවත්වා ගෙන යන පාපැදි අමතර කොටස් වෙළද සැලක් සහ ඡායාරූප රාමු කිරිමේ ආයතනයක් අද (26) අලුයම හදිසියේ හට ගෙන ඇති ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශවී ගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි. 26 September 2018
ක්‍රීඩා පිටියක් ඉල්ලා උද්ඝෝෂණයක් බදුල්ල ඔලියමණ්ඩිය පොදු ක්‍රීඩාංගණය ස්ථිරව ජනතාවට ලබා දෙන්නැයි පවසින් ගම්වාසීහු අද(26) උද්ඝෝෂණයක නිරත වුහ. 26 September 2018
නියගයෙන් මාතලේ පවුල් 5908 ක් පීඩාවට මේ දිනවල පවතින අධික නියගය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 5908ක් පිඩාවට පත්ව ඇති බව මාතලේ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ චමින්ද අමරවිර මහතා පැවසිය. 26 September 2018
උඩරට මැණිකේ දුම්රියේ හැපුණු අයෙක් රෝහලේ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටුණු අයෙකු අද (25) බරපතල ලෙස තුවාල ලබා ඇති බව හැටන් පොලිසිය පැවසිය. 25 September 2018
දිය මකුළුවකුගේ සපා කෑමට ලක් වු තරුණයෙක් රෝහලේ දිය මකුළුවෙකු සපා කෑමෙන් පසුව අසාධ්‍ය තත්ත්වයට පත් මීගහකිවුල කැටවත්ත ගම්මානයේ තරුණයෙකු අද (25) දහවල් මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කර ඇත. 25 September 2018
සත්මාල ඇල්ලේ දියනෑමට ගිය තරුණයෙක් මරුට දෙනියාය ,පල්ලෙගම සත්මාල ඇල්ලේ දිය නෑමට ගිය පිරිසක ගෙන් එක් පුද්ගලයකු දියේ ගිලී මිය ගොස් ඇති අතර ඔහුගේ සිරුර අද (25) පෙරවරුවේ නාවික හමුදාව විසින් සොයා ගත් බව දෙනියාය පොලිසිය කියයි. 25 September 2018
ජල ව්‍යාපෘතිය සභාවට පවරාගන්නැයි උද්ඝෝෂණයක් ලෝක බැංකු ආධාර යටතේ හාරිස්පත්තුව රුවන්පුර ඉදි කර ඇති ප්‍රජා ජල ව්‍යපෘතිය මගින් තමන්ට නිසි ලෙස ජලය ලබා නොදී අධික ජල ගාස්තුවක් අය ගැමියෝ අද(25) උද්ඝෝෂණයක නියැලුණහ 25 September 2018
ඌරු කොටුවට-අලි ගැටළුවට විසඳුම් ඉල්ලා වැලිකන්දේ උද්ඝෝෂණයක් මහා පරිමාණ ගම් ඌරු කොටුවක් හේතුවෙන් උද්ගතව ඇති සෞඛ්‍ය ගැටළු හා දුර්ගන්ධය ඉවසා ගැනීමට නොහැකි බව සහ වන අලි ගැටළුවට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් වැලිකන්ද සිංහපුර ගම්වාසීහු අද (25) උද්ඝෝෂණයක නිරත වූහ. 25 September 2018
මෝටර් රියක ගැටී කාන්තාවක් මරුට අක්මිමන තොටගොඩ ප්‍රදේශයේ දි මෝටර් රථයක ගැටිමෙන් කාන්තාවක් අද (25) මියගොස් ඇති අතර අනතුරට අදාල මෝටර් රථය පලාගොස් ඇති බැව් අක්මිමන පොලිසිය පවසයි. 25 September 2018
කුමනේදී හමුවු අලි පැටවා නැගෙනහිර වනජීවි කලාපයේ කුමන ප්‍රදේශයේ දි මවගෙන් මඟහැරී සිටි අලි පැටියෙක් අම්පාර වනජීවි සෞඛ්‍යය ඒකකය වෙත ගෙනවිත් තිබේ. 24 September 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025