ව්‍යාජ ලෙස සැකසූ මැලේසියානු ගුවන්ගමන් බලපත‍්‍රයක් භාවිතා කරමින් ප‍්‍රංශය බලා ගුවන්ගත වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු තායිලන්තයේ බැංකොක් හි ස්වර්ණභූමි ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී තායි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පළවන බර්නමා පුවත් සේවය අද (27) වාර්තා කළේය.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ පී.තර්මලිංගම් නැමැති 45 හැවිරිදි ලාංකිකයෙකි.
අත්අඩංගුවට ගන්නා විට සැකකරු සතුව නීතිවිරෝධී ලෙස සකස් කළ ඉන්දීය ගුවන් ගමන්බලපත‍්‍රයක්ද පැවති බවද එම වාර්තාවේ සඳහන් වේ.
තායි ගුවන්තොටුපළ බලධාරීන් විසින් මොහුගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම් වලදී හෙළිවී ඇත්තේ එම ලාංකිකයා මැලේසියානු ජාතික තැරුව්කරුවෙකු මාර්ගයෙන් ව්‍යාජ මැලේසියානු ගුවන්ගමන් බලපත‍්‍රය සකසා ඇති බවය.
එලෙස සැකසූ ගුවන් ගමන් බලපත‍්‍රය රැගෙන ක්වාලාලම්පූර් සිට බැංකොක් වෙත බස් මාර්ගයෙන් පැමිණි මෙලෙස ප‍්‍රංශය බලා පිටත්ව යෑමට උත්සාහ කර ඇත.
එසේම සැකකාර ලාංකිකයා තායිලන්තයට පැමිණි ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර ඔහු සම්බන්ධයෙන් කිසිදු අපරාධමය චෝදනා නොමැති අයෙක් බවද තායි බලධාරීන් විසින් හෙළිදරව් කර ගෙන ඇත.
වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සඳහා සැකකාර ලාංකිකයා එරට ආගමන විගමන නිලධාරීන් බාරයේ රඳවා තැබීමටද තායි බලධාරීන් පියවර ගෙන ඇත.
125
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාජ ගමන් බලපත‍්‍රයක් සමඟ ලාංකිකයෙකු බැංකොක්හිදී අත්අඩංගුවට