(කවිතා සුබසිංහ)
වයස අවූරුදු 09ක දැරියක ට ලිංගික අතවර සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයකු ඔක්තෝබර් මස 03 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහර වැඩ බලන මහෙස්‌ත්‍රාත් සමන් විතානආරච්චි මහතා නියෝග කෙළේය.
කඩවත පදිංචි පතිරණගේ වික්ටර් ඇන්ටනී ප්‍රනාන්දු (63) නැමති අයෙකු මෙලෙස රිමාන්ඩ් ගත කෙරිණ.
චෝදනා ලැබ සිටින විත්තිකරු, ලිංගික අතවරයට ලක් වු දැරියගේ මවගේ අනියම් සැමියා ලෙස වසර එකහ මාරක පමණ කාලයක සිට කුලී නිවසක එකට ජීවත් ව ඇති බව ද අධිකරණයේ දී කියවිණි.
කඩවත පොලීසිය ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා උප පොලිස් පරීක්ෂක වත්සලා මහත්මිය විසින් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර කරුණු දැක්වුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd