(සුමතිපාල දීයගහගේ )
අහංගම නගරයේ පවත්වා ගෙන යන පාපැදි අමතර කොටස් වෙළද සැලක් සහ ඡායාරූප රාමු කිරිමේ ආයතනයක් අද (26) අලුයම හදිසියේ හට ගෙන ඇති
ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශවී ගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.
අහංගම මුනිදස් මාවතේ පිහිටි මෙම වෙළද ආයතන දෙක අද අලුයම ගිනි ගැනීමෙන් පසුව අහංගම පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා
ඇතත් එම ගොඩනැගිලි දෙක මුලුමනින්ම පිලිස්සී ගොස් තිබේ.
මෙම ගින්න නිසා රුපියල් ලක්ෂ විස්සකට වැඩි අලාභයක් සිදුවී ඇති බවට වෙළද ආයතන දෙකේ අයිතිකරුවන් පොලිසියට පැමිණිලිකර ඇත.
ගින්න හටගත් අන්දම මෙතෙක් අනාවරණයවී නැති අතර අහංගම පොලිසිය මේ පිළිබද පරීක්ෂණ පවත්වයි.


2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගින්නකින් අහංගම වෙළඳසල් දෙකක් මුළුමනින්ම විනාශයි