(සුමතිපාල දීයගහගේ )
අහංගම නගරයේ පවත්වා ගෙන යන පාපැදි අමතර කොටස් වෙළද සැලක් සහ ඡායාරූප රාමු කිරිමේ ආයතනයක් අද (26) අලුයම හදිසියේ හට ගෙන ඇති
ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශවී ගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.
අහංගම මුනිදස් මාවතේ පිහිටි මෙම වෙළද ආයතන දෙක අද අලුයම ගිනි ගැනීමෙන් පසුව අහංගම පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා
ඇතත් එම ගොඩනැගිලි දෙක මුලුමනින්ම පිලිස්සී ගොස් තිබේ.
මෙම ගින්න නිසා රුපියල් ලක්ෂ විස්සකට වැඩි අලාභයක් සිදුවී ඇති බවට වෙළද ආයතන දෙකේ අයිතිකරුවන් පොලිසියට පැමිණිලිකර ඇත.
ගින්න හටගත් අන්දම මෙතෙක් අනාවරණයවී නැති අතර අහංගම පොලිසිය මේ පිළිබද පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd