IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දෙමටගොඩ චමින්දගේ ඥාති නැගණියක් ඇතුළු 3 ක් රිමාන්ඩ්

(කවිතා සුබසිංහ) 

හෙරොයින් ග්‍රෑම් 33යි මිලි ග්‍රෑම් 730ක් ලඟ තබා ගැනීම හා ප්‍රවාහන කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් දෙමටගොඩ චමින්දගේ ඥාති නැගණිය අතුළු තවත් දෙදෙනකු ඔක්තෝබර් මස 10 වැනි දා දක්‌වා රිමාන්ඩ් ගත කරන ලෙස මහර මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (27) වැනිදා නියම කළේය.

නඳුන් රන්දන මල්ලවාරච්චි , බස්තියන් කෝරාලගේ පවන් අශේන් රොද්‍රිගු ,මල්වත්තගේ නිලුෂා පෙරේරා නැමති තිදෙනෙකු මෙලෙස රිමාන්ඩ් ගත කෙරිණ.

සැකකාරිය රෝගී තත්ත්වයෙන් පසුවන බැවින් ඇයව බන්ධනාගාර රෝහල වෙත ඉදිරිපත් කරන ලෙසත් මරණීය තර්ජන ඇති බැවින් විශේෂ ආරක්ෂාවක් යටතේ බන්ධනාගාරයේ රදවන ලෙස ද විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහේෂ් පොතුවිල මහතා අධිකරණයේදී කරුණු පැවසීය.

හෙරොයින් ප්‍රවාහනයට ආධාර දුන් බව කියන මල්වත්තගේ නිලුෂා පෙරේරා නැමති විත්තිකාරිය දෙමටගොඩ චමින්ද නැමති ප්‍රබල පාතාල නායකයාගේ ඥාති නැගණියක් වන බව ද අධිකරණයේ දී කියවිණි.

නඳුන් රන්දන නැමැත්තාට හෙරොයින් ග්‍රෑම් 33 මිලි ග්‍රෑම් 730ක් ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් ද, පවන් අශේන් රොද්‍රිගු හා නිලුෂා පෙරේරා යන අයට හෙරොයින් ප්‍රවාහනයට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් ද මෙම නඩුව ගොනු කර තිබිණ.

සැකකාරිය අසනීප තත්ත්වයෙන් පසුවන බවට අධිකරණයේදී ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගත් හේශාන්තද මැල් මහතා සැකකාරිය වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙසද නියම කළේය. 



අදහස් (0)

දෙමටගොඩ චමින්දගේ ඥාති නැගණියක් ඇතුළු 3 ක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site