( ටී.කේ.ජී.කපිල )
ඇමෙරිකානු ඩොලර් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙයින් එක් අයෙකු 31 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර , අනෙක් පුද්ගලයා 35 හැවිරිදි පමුණුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . මොවුන් දෙදෙනා විවිධ විදේශ රට වලින් ගුවන් මගින් භාණ්ඩ රැගෙන විත් මෙරට තුළ අලෙවි කිරීමේ නියුතු ව්‍යාපාරිකයෝ වෙති .
ඔවුන් දෙදෙනා ඊයේ (26) දින දහවල් 1.25 ට සිංගප්පූරුව බලා පිටත්ව ගිය එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 348 දරණ ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු වල සහ ඔවුන් ඇද සිටි කලිසම් වල සාක්කු වල රුපියල් 36,11,140 ක් (තිස් හය ලක්ෂ , එකොළොස් දහස් , එකසිය හතලිහක් ) ක් වටිනා ඇමෙරිකානු ඩොලර් 21,242 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකානු ඩොලර් තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට