කේරළ ගංජා සමඟ මහියංගණ අධිකරණයේ ආරක්ෂ නිලධාරියෙක් අත්අඩංගුවට යාපනය සිට මහියංගණය දක්වා රුපියල් ලක්ෂ පහක් වටිනා කේරළ ගංජා කිලෝ හතරයි ග්‍රෑම් 12 රැගෙනයමින් සිට මහියංගනය අධිකරණ සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියකු හා තවත් අයකු අද (24) දහවල් අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි. 24 September 2018
යතුරුපැදි අනතුරින් පුද්ගලයෙක් මරුට මිනුවන්ගොඩ දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ බල්ලපාන ප්‍රදේශයේදී සිදු වු අනතුරකින් යතුරු පැදිකරුවකු රෝහල් ගතකිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 24 September 2018
මිතුරන්ට මත්කුඩු සාදයක් දැමූ අය අත්අඩංගුවට රුපියල් එක් ලක්ෂ තිස් දාහක් සොරකම් කර පැය හතරක් ඇතුළත ඉන් රුපියල් හතළිස් දහසක මුදලක් වියදම් කරමින් මිතුරන්ට මත්කුඩු සාදයක් පැවැත් වූ පුද්ගලයෙකු සැකපිට දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 24 September 2018
ටොනාඩෝවකින් කහටගස්දිගිලියේ නිවාස 44කට හානී අයිස් කැට වැස්සත් සමඟ කහටගස්දිගිලිය ගම්මාන කීපයකට බලපෑම් කරමින් හදිසියේ හමා ගිය දරුණු ටොනාඩෝ තත්වයක් හේතුවෙන් නිවාස (44) කට පූර්ණ හා අර්ධ හානී සිදුවී විදුලිය බිදවැටි මහ මාර්ග රැසක් අවහිරවී ඇති බව කහටගස්දිගිලිය ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ අපදා ඒකකය පවසයි. 24 September 2018
දකුණු මුහුද මාස 9 ට ධීවරයන් 12 ක් බිළිගනී ජනවාරි සිට මේ දක්වා ගතවු කාලය තුළ දකුණු දිග මුහුදේ සිදුවු අනතුරුවලින් ධිවරයින් හත් දෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු අතුරුදන්වි තිබේ. 24 September 2018
මීගොඩ සිවිල් ආරක්ෂක සභාපතිට පහරදුන් දෙන්නෙක් අත්අඩංගුවට මීගොඩ හේනවත්ත සිවිල් ආරක්ෂක කමිටු සභාපති රංජිත් ආනන්ද මහතාට අමානුෂික ලෙස පහරදී තුවාල සිදු කළ කණ්ඩායමේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා වන ‘රතු බෝලයා’ සහ ‘අබා’ යන පුද්ගලයන් දෙදෙනා හෙට්ටියාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 24 September 2018
හැටන් යුනිෆිල්ඩ් වතුයායේ නිවසක ගින්නක් හැටන් පොලිස් වසමට අයත් යුනිෆිල්ඩ් වතු යායේ වැලින්ටන් කොටසේ රියදුරු නිල නිවාසයක් ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් පොලිසිය පැවසිය. 24 September 2018
බලංගොඩ සතිපොළේ එළවළු මිල පහළට බලන්ගොඩ නගරයේ සති පොළෙහි එළවළු වෙළෙදසල්වල අලෙවි කරන උඩ රට සහ පහත රට එළවළු වර්ග වල මිල ගණන් වර්ෂයකට පසු මේ දිනවල දෙගුණයකින් පමණ පහත බැස ඇතැයි නගරයේ එළවළු වෙළෙන්දෝ පවසති. 23 September 2018
පුවක්පිටිය පුරාණ විහාරයේ ඇසළ පෙරහර පුවක්පිටිය පුරාණ විහාරයේ 42 වන වරට පවත්වනු ලබන ඇසළ පෙරහර 22 වැනි දින රාත්‍රීයේ වීදි සංචාරය කරනු ලැබීය. 23 September 2018
නිසි වැටුපක් ඉල්ලා තලවකැලේ වතුකම්කරුවෝ පාරට බසිති ජිවන වියදමට සරිලන වැටුපක් ගෙවන ලෙස බල කරමින් වතු සමාගම්වලට එරෙහිව තලවකැලේ නගර මධ්‍යයේදි අද 23 September 2018
හක්කපටස් පුපුරා අලි පැටවකු මරුට වව්නියාව ඉලමරදන්කුලම් ප්‍රදේශයේදී කිසියම් පුද්ගලයෙකු විසින් තබන ලද හක්කපටස් බෝම්බයක් පුපුරා යාමෙන් මිය ගිය අලි පැටවෙකු සිරුරක් සොයාගත් බව වනජීවී නිලධාරීන් පවසයි. 23 September 2018
මල් සිටුවන මුවාවෙන් කංසා වගාකළ අයෙක් අත්අඩංගුවට කොච්චිකඩේ පොලිස් වසමට අයත් මඩම්පැල්ල ප්‍රදේශයේ නිවසක් පිටුපස මල් වවනා මුවාවෙන් මල් පෝච්චිවල කංසා වගාකර තිබු පුද්ගලයකු අද (23) අලුයම අත්අඩංගුවට ගත් බව මීගමුව කොට්ඨාස නීතීය බලගැන්වීමේ ඒකකය පවසයි. 23 September 2018
පරෙවියන් ඇල්ලීමට වහළයට නැගී සිසුවා සිවිලිමෙන් වැටී මරුට පරෙවියන් ඇල්ලිමට පාසල් වහළයකට නැග ගත් සිසුන් පිරිසක් අතර සිටි 13 වියැති සිසුවකු වහළයේ සිවිලිම කඩා ගෙන බිමට වැටී බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටියදි අද ( 23 දා ) අලුයම මිය ගොස් ඇති බව උඩප්පුව පොලිසිය කියයි . 23 September 2018
වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට අරගලංවිල ගල්එළිය ගම්මානයේදී වනඅලි ප්‍රහාරයකට ලක් වු පුද්ගලයින් දෙදෙනකුගෙන් අයෙකු මියගොස් අනික් පුද්ගලයා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. 23 September 2018
නුවරඑළිය සංචාරයේ පැමිණි තරුණයන් 25 දෙනෙකු අත්අඩංගුවට සති අන්ත දිර්ඝ නිවාඩුවට හැටන් මාර්ගය ඔස්සේ නුවරඑලිය සංචාරය සදහා පැමිණි තරුණයන් 24 දෙනෙකු සැකපිට පොලිස් අත්අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එන්.ජෙ.එල්.ජමිල් මහතා පැවසිය. 22 September 2018
බස්රථයකට සහ වෙළඳ සැලකට වෙඩි ප්‍රහාරයක් කැකනදුර කොකාවිල පෙදෙසෙහි දි බස්රථයකට සහ වෙළඳසැල සැලකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ගන්දර පොලිසිය පවසයි . 22 September 2018
පුත්තලම ප්‍රා සභාපති බන්ධනාගාර රියෙන් සභා සැසියට පුත්තලම ප්‍රාදේශීය සභාවේ සැසිවාරයට සහභාගී වීම සඳහා ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතා අද බන්ධනාගාර නිළධාරින්ගේ ආරක්ෂාව මැද රැගෙන ආවේය. 21 September 2018
පොල් ගෙඩි ප්‍රශ්නයකට ගෙට ගිනි තියලා පොල් ගෙඩි දහයක් කැඩීම මුල් කරගෙන ඉංගිරියවත්ත උඩ කොටස ප්‍රදේශයේ නිවසක් ගිනි තැබී යැයි කියන සිද්ධියකට පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය පවසයි. 21 September 2018
අරුවක්කාඩු කසල අංගනයට පුත්තලම ප්‍රා. සභා මන්ත්‍රීවරුත් විරෝධය පාති පුත්තලම ප්‍රාදේශීය සභා සැසිවාරයේදි අද (21) සභාපතිවරයා ඇතුළු සියලුම මන්ත්‍රීවරුන් අරුවක්කාඩු කසල අංගනයට විරෝධය දැක්වීම සිදු කෙරිණි. 21 September 2018
අ‘පුර නගර සභාවේ මුල්‍ය වංචා සිද්ධියේ සැකකරුවෝ යළි රිමාන්ඩ් අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂ අනූ හතර දහස් අසූ දෙකක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් විෂය බාර නිලධාරිනිය ආදායම් පාලක ඇගේ සැමියා සහෝදරයා සහ මිතුරියක තවදුරටත් ලබන මස 5 වන දින දක්වා රිමාන්ඞ් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්ප කුමාර මහතා අද (21) නියෝග කළේය. 21 September 2018
අඹේපුස්ස යුද හමුදා කඳවුරේ සෙබළෙකු මරා දාලා ශී‍්‍ර ලංකා යුද හමුදාවේ මීරිගම අඹේපුස්ස පිහිටි සිංහ රෙජිමේන්තු මූලස්ථාන කඳවුරු භූමියේ සම්මානනීය රැකවල් රාජකාරියේ යෙදී සිටි රයිෆල් සෙබලකු අද (21) අලුයම පිහියෙන් ඇණ මරා දමා ඔහු අත තිබූ ගිනි අවිය පැහැරගෙන ගොස් ඇතැයි මීරිගම පොලිසිය කියයි. 21 September 2018
තංගල්ලේ යතුරුපැදි අනතුරකින් විදේශීකයෙක් මරුට ඉතාලි ජාතිකයකු ධාවනය කරමින් තිබූ යතුරුපැදියක් අද (21) අලුයම තංගල්ල සීනිමෝදර වැව අසලදී පාරෙන් ඉවතට පැන පෙරලී යෑමෙන් තුවාල ලැබූ විදේශිකයා මිය ගොස් ඇතැයි තංගල්ල පොලිසිය පවසයි. 21 September 2018
නියඟයෙන් උතුරේ ලක්ෂ තුනහමාරක් පීඩාවට උතුරු පළාතට බලපා ඇති දැඩි නියං සහිත කාලගුණය හේතුවෙන් මේ වන විට උතුරේ පවුල් 103,404 කට අයත් පුද්ගලයින් 357,767 දෙනෙකු විපතට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් පෙන්වා දෙයි. 21 September 2018
හැටන් ස්ටැඩන් වතු කම්කරුවෝ වර්ජනයක රජය මගින් වතු කම්කරුවන් වෙනුවෙන් ඉදිකරන නව නිවාස ව්‍යාපෘතියට සමගාමිව තම වතු යායේ ඉදි කිරිමට සැලසුම් කර ඇති නිවාස 50 ක් ඉදි කිරිමට වතු පාලන අධිකාරි මගින් ලබා දි ඇති ඉඩම සුදුසු නොමැති බව පවසමින් වතු කම්කරුවන් පිරිසක් අද (21) හැටන් ස්ටැඩන් ප්‍රදේශයේදි තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටවැඩ වර්ජනය කරමින් විරෝධතාවයක නිරත වුහ. 21 September 2018
මිතුරාගේ මුදල් පසුම්බිය සොරාගත් තරුණයින් දෙදෙනකු අත්අඩංගුවට ඉතාලියේ සිටි පැමිණි මිතුරෙකුට අයත් විදේශ හා ලංකාවේ මුදල් තොගයක් සමඟ එම මිතුරාට අයත් වීසා ලියකියවිලි සොරාගත් තරුණයන් දෙදෙනෙකු අද (20) සැකපිට අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 21 September 2018
බාලවයස්කාර දැරියට අතවර කළ ලොකු තාත්තා අත්අඩංගුවට 12 හැවිරිදි දැරියකට අතවර කළැයි සැකපිට 43 හැවිරිදි ලොකු තාත්තා අත්අඩංගුවට ගත් බව බෝගහකුඹුර පොලිසිය පවසයි. 21 September 2018
වල් අලි පහරදීමකින් ගොවියෙක් මරුට වව්නියාව, ඕමන්ත සේමමඩුව ප්‍රදේශයේදී වල් අලියෙකු පහරදීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් ගොවියකුගේ මළසිරුරක් හමු වූ බව ඕමන්ත පොලීසිය පවසයි. 21 September 2018
ගුරුවරියක පහර දුන්නැයි සිසුවිය රෝහලේ පොල්ගස්ඕවිට පාසලක ගුරුවරියක තම දියණියට අමානුෂික ලෙස පහර දුන් බව කියමින් සිසුවියකගේ මවක කළ පැමිණිල්ලක් අනුව විමර්ශන කටයුතු ආරම්භ කරන ලදැයි කහතුඩුව පොලිසිය පවසයි. 20 September 2018
අයිස් හොන්ඩරයක මිල වැඩිවීමට විරෝධය අයිස් හොන්ඩරයක මිල රුපියල් 250 දක්වා වැඩි කිරිමට විරෝධය පල කරමින් ගාල්ල ධිවර වරායේ ධිවර කාර්මිකයෝ අද (20) විරෝධතාවයක නිරත වුහ. 20 September 2018
නැ’හිර හිටපු පළාත් සභා ඇමැති ලෙබ්බේ මහතා ඉල්ලා අස්වෙයි හිටපු අමාත්‍ය එම්.ඒ.එල් අතාවුල්ලා මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග්‍රසය බිහි කීරිමෙහිලා කටයුතු කළ එම පක්ෂයේ නියෝජ්‍ය සභාපති, උත්තරිතර මණ්ඩල සාමාජික නැගෙනහිර හිටපු පළාත් සභා අමාත්‍ය එස්.එම්.උදුමා ලෙබ්බේ මහතා එම පක්ෂයේ සියලු තනතුරු වලින් ඉල්ලා අස්වී තිබේ. 20 September 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025