IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අ‘පුර නගර සභාවේ මුල්‍ය වංචා සිද්ධියේ සැකකරුවෝ යළි රිමාන්ඩ්

( උපාලි ආනන්ද)


අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂ අනූ හතර දහස් අසූ දෙකක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් සැකපිට  අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින  අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් විෂය බාර නිලධාරිනිය ආදායම් පාලක ඇගේ සැමියා සහෝදරයා සහ මිතුරියක තවදුරටත් ලබන මස 5  වන දින දක්වා රිමාන්ඞ් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්ප කුමාර මහතා  අද  (21)  නියෝග කළේය.


දෙවන සහ සහ තුන් වන සැකකරු ඇප මත මුදා හරින්නැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්දන වීරකෝන් මහතා කල ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ මහේස්ත‍්‍රාත්වරයා දෙවන සහ තුන් වන සැකකරුවන්ට ඇප ලබා දෙන්නේද? නැද්ද? යන්න නියෝගය මීළඟ නඩු දිනේයදී  ප‍්‍රකාශයට පත් කරන බවද දැන්වීය.

 
තවදුරටත් රිමාන්ඞ් කලේ මෙම මූල්‍ය ප‍්‍රධාන සැකකාරිය වන අනුරාධපුර තිසාවැව  ගෙවල් 60 අංක 4 ලිපිනයේ පදිංචිකරුවන් වන  අනුරාධපුර මහ නගර සභාෙවි වැටුප් විෂය බාර නිලධාරිණිය වන ඒ ඩබ් ශාලිකා එරන්දි අමරසිංහ සැමියා වන අනුරාධපුර මහ නගර සභාෙවි ආදායම් පාලක ඞී එම් ආර් සම්පත් අනුරාධ කුමාරසිංහ ඇගේ සහෝදරයෙකු වන අනුරාධපුර නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන අසංක ප‍්‍රසාද් අමරසිංහ සහ අනුරාධපුර මහ නගර සභාෙවි සේවය කරන ඇගේ මිතුරියක වන  අනුරාධපුර අභයගිරිය පාර කුට්ටම්පොකුණ  අංක 212/2 ලිපිනයේ උඩවත්තේගෙදර ලෝකානන්ද පද්මිණි යන සැකකරුවන් සහ  සැකකාරියන් සිව් දෙනාය 



අදහස් (0)

අ‘පුර නගර සභාවේ මුල්‍ය වංචා සිද්ධියේ සැකකරුවෝ යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site