සුමතිපාල දීයගහගේ
ඉතාලි ජාතිකයකු ධාවනය කරමින් තිබූ යතුරුපැදියක් අද (21) අලුයම තංගල්ල සීනිමෝදර වැව අසලදී පාරෙන් ඉවතට පැන පෙරලී යෑමෙන් තුවාල ලැබූ විදේශිකයා මිය ගොස් ඇතැයි තංගල්ල පොලිසිය පවසයි.
45 හැවිරිදි මෙම ඉතාලි ජාතිකයා පසුගිය අගෝස්තු 3 වැනි දා විවේකයක් ගත කිරිමට ශ්‍රි ලංකාවට පැමිණ තංගල්ල ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නවාතැන් ගෙන ඇත.
ඊයේ (20) රාත්‍රී තංගල්ල ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වී ආපසු යමින් සිටින විට මෙම සංචාරකයා ගමන් කළ යතුරුපැදිය මෙසේ අනතුරකට ලක්ව මිය ගොස් ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.
මියගිය විදේශීකයාගේ මරණ පරීක්ෂණය අද (21) තංගල්ල රෝහලේ දී සිදුකිරිමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තංගල්ලේ යතුරුපැදි අනතුරකින් විදේශීකයෙක් මරුට