IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හැටන් ස්ටැඩන් වතු කම්කරුවෝ වර්ජනයක

(රංජිත් රාජපක්ෂ)   

                   
රජය මගින් වතු කම්කරුවන් වෙනුවෙන් ඉදිකරන නව නිවාස ව්‍යාපෘතියට සමගාමිව තම වතු යායේ ඉදි කිරිමට සැලසුම් කර ඇති නිවාස 50 ක් ඉදි කිරිමට වතු පාලන අධිකාරි මගින් ලබා දි ඇති ඉඩම සුදුසු නොමැති බව පවසමින් වතු කම්කරුවන් පිරිසක් අද (21) හැටන් ස්ටැඩන් ප්‍රදේශයේදි තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටවැඩ වර්ජනය කරමින් විරෝධතාවයක නිරත වුහ.


කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය මගින් වතු කම්කරුවන් වෙනුවෙන් ඉදි කෙරෙමින් පවතින නව නිවාස ව්‍යාපෘතියට සමගාමිව තම වතු යායේ ස්ටැඩන් වත්ත කොටසේ නිවාස 50 ක් ඉදිකිරිමට අමාත්‍යය පලනි දිගම්බරම් මහතා විසින් ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, එම නිවාස ඉදි කිරිම සදහා වතු පාලන අධිකාරිය මගින් ලබා දි ඇති ඉඩම සුදුසු නොවන බව පවසමින් මෙසේ වර්ජනයේ නිරත විය.


විරෝධතාවයේ නියැලි සිටි  එම වතු යායේ වතු කම්කරුවන් පවසනුයේ වතු පාලන අධිකාරිය මගින් ලබා දුන් ඉඩම ඉතා දුෂ්කර ස්ථානයක පිහිටි බවයි, එම ස්ථානයේ නිවාස ඉදිකල හොත් තම රැකියාව කරගෙන යාමට බාධාවක් පැමිණෙන බවත්, තම දු දරුවන් පාසලට යාමට  පවා විශාල දුරක්  පයින් ගමන් කිරිමට සිදු වන බවත් ඔවුහු පවසති.


යලිත් වෙනත් ඉඩමක් ලබා දිමට නොහැකි බව වතු අධිකාරිවරයා පැවසිමත් සමගම වතු අධිකාරිවරයා සහ විරෝධතාවයේ නියැලි සිටි වතු කම්කරුවන් අතර උණුසුම් තත්ත්වයක්ද ඇති විය.


පැය දෙකකය ආසන්න කාලයක් පැවති විරෝධතාවයෙන් පසු දික්ඔය වැවිලි මානව සංවර්ධන කාර්යයාලයේ නිලධාරින් එම ස්ථානයට පැමිණ වතු කම්කරුවන් සමඟ සාකච්ඡා කරමින් කියා සිටියේ එම නිවාස ව්‍යාපෘතිය ඉදි කිරිම සදහා දැනට වතු පාලන අධිකාරි මගින් ලබා දි ඇති ඉඩම සුදුසු නොවන බවට ලිඛිතව තම කාර්යයාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසත් එම පැමිණිල්ල අනුව වතු පාලන අධිකාරිය සමඟ සාකච්ඡා කර එම නිවාස ව්‍යාපෘතිය ඉදිකිරිම සදහා එම වතු යායේම වෙනත් සුදුසු ස්ථානයක ඉඩමක් වෙන් කිරිමට කටයුතු සිදු කරන බවයි.


 

 



අදහස් (0)

හැටන් ස්ටැඩන් වතු කම්කරුවෝ වර්ජනයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site