(පාලිත ආරියවංශ)
12 හැවිරිදි දැරියකට අතවර කළැයි සැකපිට 43 හැවිරිදි ලොකු තාත්තා අත්අඩංගුවට ගත් බව බෝගහකුඹුර පොලිසිය පවසයි.
මෙම දැරියගේ පියා සහ මව වෙනත් ප්‍රදේශයක තේ වත්තක වැඩකරන අතර දැරිය පාසල් යාම සඳහා 70 හැවිරිදි මිත්තනියගේ නිවසේ නතරකර තිබේ.
සැකකාර ලොකු තාත්තා ද විවාහක බිරිඳගෙන් වෙන් වී පැමිණ මෙම නිවසේ ජීවත්වන බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
පොලිසියට ලැබුණු තොරතුරු මත මෙම දැරිය ගෙන්වා ප්‍රශ්න කිරීමේදී සැකකාර ලොකු තාත්තා පසුගිය දිනයන් හි අවස්ථා කීපයකදීම තමාට අතවර කළ බව ප්‍රකාශ කළ බව පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd