රොමේෂ් මධුෂංඛ
උතුරු පළාතට බලපා ඇති දැඩි නියං සහිත කාලගුණය හේතුවෙන් මේ වන විට උතුරේ පවුල් 103,404 කට අයත් පුද්ගලයින් 357,767 දෙනෙකු විපතට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් පෙන්වා දෙයි.
දිවයිනේ සියලු පළාත් වලින් නියඟය හේතුවෙන් වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ උතුරු පළාත වන බවටත් ඉදිරියේ දී වර්ෂාව නොලැබෙන්නේ නම් මෙම විපතට පත් පිරිස් සීඝ්‍රයෙන් ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බවට ද පළාත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන මගින් පෙන්වා දෙයි.
මේ අනුව උතුරු පළාතේ පිහිටි දිස්ත්‍රික්ක පහ වන වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි හා යාපනය දිස්ත්‍රික්කයන්ගේ වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ යාපනය දිස්ත්‍රික්කය වන අතර එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 ක ජීවත් වන පවුල් 30,425 කට අයත් පුද්ගලයින් 110,183 දෙනෙකු විපතට පත්ව ඇති අතර කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4 කට අයත් පවුල් 33,185 කට අයත් පුද්ගලයින් 109,794 දෙනෙකු විපතට පත්ව ඇති අතර මන්නාරම් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5 කට අයත් පවුල් 29422 කට අයත් පුද්ගලයින් 102,168 දෙනෙකු විපතට පත්ව ඇති අතර මුලතිව් දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6 කට අයත් පවුල් 8103 කට අයත් පුද්ගලයින් 27347 දෙනෙකු විපතට පත්ව ඇති අතර වව්නියාව දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4 කට අයත් පවුල් 2269 කට අයත් පුද්ගලයින් 8276 දෙනෙකු විපතට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයන් විසින් වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ අතර උතුරු පළාතට බලපා ඇති දැඩි නියං තත්වය හේතුවෙන් එහි ජනතාව වැඩි වශයෙන්ම පීඩාවට පත්ව ඇත්තේ පානීය ජල ගැටලුවකට වන අතර පානීය ජලය ලබා ගැනීම සඳහා මුළු දිනයේම වෙහෙසීමට සිදු වන බවටත් ඇතැම් අවස්ථාවන්හි විශාල දුරක් ගොස් පානීය ජලය සෙවීමට සිදුව ඇතැයි ද එහි වැසියන් වැඩි දුරටත් කියා සිටිති.

2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නියඟයෙන් උතුරේ ලක්ෂ තුනහමාරක් පීඩාවට