( ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ බල්ලපාන ප්‍රදේශයේදී සිදු වු අනතුරකින් යතුරු පැදිකරුවකු රෝහල් ගතකිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
මිනුවන්ගොඩ, හොරම්පැල්ල, රංකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 22 හැවිරිදි ඩබ්. ප්‍රගීත් දුෂ්‍යන්ත වික්‍රමසිංහ යන අය සිය යතුරු පැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවතට ගොස් මාර්ගය අසළ වූ කම්බි කණුවක ගැටීමෙන් බරපතල තුවාල ලැබීමන් පසු මෙසේ මිය ගොස් ඇත.
යතුරු පැදියේ පිටුපස අසුනේ දෙදෙනෙකු ගමන් කර ඇති බවත් තුවාල ලැබූ එම දෙදෙනා හොරගස්මුල්ල දිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පවසයි.
දිවුලපිටිය ප්‍රදේශයේ සිට මිනුවන්ගොඩ දෙසට ගමන් කර ඇති යතුරුපැදිය වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd