IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පුත්තලම ප්‍රා සභාපති බන්ධනාගාර රියෙන් සභා සැසියට

හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ රෝවන් පෙරේරා 

පුත්තලම ප්‍රාදේශීය සභාවේ සැසිවාරයට සහභාගී වීම සඳහා ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතා අද බන්ධනාගාර නිළධාරින්ගේ ආරක්ෂාව මැද රැගෙන ආවේය.

2010 වසරේ ජනවාරි 16 දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් මදුරන්කුලියේ පැවති රැළියකට සහභාගිවෙමින් සිටි ආධාරකරුවන් පිරිසකට  කළ වෙඩි තැබීමකින් එක් අයකු මරණයට පත්වීමේ නඩුවේ ප්‍රධාන සැකකරු අංජන සඳරුවන් මහතාය.
 
නඩුවේ  ඇප කොන්දෙසි උල්ලංඝණය කරමින් පසුගිය 10 දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ඉන්දුනිසියාවේ පැවති විශේෂ සමුළුවකට සහභාගිවීමට පිටත්ව යද්දි ගුවන් තොටුපොළ පොලිසිය  සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුනී. ඒ අනුව නඩුව අවසන්වන තුරු සැකකරු රිමාන්ඩ් බාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය. 
  
 එසේ බන්ධනාගාරව සිටින සභාපතිවරයා අද  බන්ධනාගාරයේ සිට බන්ධනාගාර නිළධාරින්ගේ ආරක්ෂාව යටතේ සභා සැසියට රැගෙන ආවේ බන්ධනාගාර බස්රියෙනි.
 
සැසි වාරය සවස හයට පමන අවසන් වූ පසු සභාපතිවරයා යළි බන්ධනාගාරයට රැගෙන යද්දී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඔහු වැළඳගෙන කණගාටුව ප්‍රකාශ කළහ.



අදහස් (1)

පුත්තලම ප්‍රා සභාපති බන්ධනාගාර රියෙන් සභා සැසියට

Shan Saturday, 22 September 2018 06:06 AM

මේ වගේ අයටත් තනතුරු වල ඉන්න පුළුවන් නීති හදන අයටත් , මෙයාලට ඡන්දේ දෙන මෝඩයන්ටත් කවද මොලේ පෑදෙයිද දන්නේ නෑ.......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site