IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පරෙවියන් ඇල්ලීමට වහළයට නැගී සිසුවා සිවිලිමෙන් වැටී මරුට

  ( ඔගස්ටින් ප්‍රනාන්දු )

පරෙවියන් ඇල්ලිමට පාසල් වහළයකට නැග ගත් සිසුන් පිරිසක් අතර සිටි 13 වියැති සිසුවකු  වහළයේ සිවිලිම කඩා ගෙන බිමට වැටී බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටියදි අද ( 23 දා ) අලුයම මිය ගොස් ඇති බව උඩප්පුව පොලිසිය කියයි .

මෙසේ මිය ගොස් ඇත්තේ උඩප්පුව නානතුරෙයි ප්‍රදේශයේ විසු 13 වන වියේ පසුවන කාලිදාසන් සිවාකරන් නමැති දරුවෙකි.

මිය ගිය දරුවා තම මිතුරන් දෙදෙනෙකු සමග ඊයේ ( 22 දා ) පස්වරු තමන් අධ්‍යාපනය ලබන උඩප්පු දෙමල මහ විදුහල් වහලේ සිවිලිමේ රැදි සිටින පරවියන් ඇල්ලිම පිණිස ගොස් ඇත. එහිදි සෙසු දරුවන් පාසල තුළ රැදි සිටිය දි මිය ගිය දරුවා වහළයට නැග එම පරවියන් රැදි ඇති සිවිලම තුළට රිංගු බවත් ඒ සමඟම ඔහු සිවිලිම කඩා ගෙන බිම වැටි ඇති බවට තොරතුරු ලද බවත් කියයි .

බරපතල ලෙසින් තුවාල ලබා සිටි දරුවා වහාම හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇතත් ඔහු අද ( 23 දා ) අලුයම මිය ගොස් ඇති බවත් දරුවා වැටුණු අවස්ථාවේ දි ඔහුගේ හිස  බිම ඇණිමෙන් බරපතල තුවාල ලබා ඇත.

උඩප්පුව පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි. 



අදහස් (0)

පරෙවියන් ඇල්ලීමට වහළයට නැගී සිසුවා සිවිලිමෙන් වැටී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site