IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අරුවක්කාඩු කසල අංගනයට පුත්තලම ප්‍රා. සභා මන්ත්‍රීවරුත් විරෝධය පාති

හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ රෝවන් පෙරේරා

 

පුත්තලම ප්‍රාදේශීය සභා සැසිවාරයේදි අද (21) සභාපතිවරයා ඇතුළු සියලුම මන්ත්‍රීවරුන් අරුවක්කාඩු කසල අංගනයට විරෝධය දැක්වීම සිදු කෙරිණි.

මෙම විරෝධතාවය සඳහා සභාව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් 23 දෙනා සමඟ සභාපති අංජන සදරුවන් මහතා ද එක්වීම විශේෂත්වයක් විය.

පෝස්ටර් ඔසවා ගනිමින් මන්ත්‍රීවරුන් විනාඩි කීපයක් සභා සැසිය පැවති ශාලාවේ මහ හඩින් ශබ්ද නගමින් කොළඹ කුණු අපිට එපා යැයි දැවැන්ත විරෝධයක් දැක්වීම දැකගත හැකිවිය.

දැනට බන්ධනාගාර ගතව සිටින සභාපති අංජන සදරුවන් මහතා බන්ධනාගාර බස් රථයකින් සභාවට පැමිණ සිටි අතර සැසිය පැවති ශාලාවේ විරෝධතාවය මහ හඩින් විරෝධයේ ශබ්දය ඇසුණු පොලිස් නිළධාරිහු ද කළබලයට පත්ව සිදුවන්නේ කුමක් දැයි සොයා බැලීමට ශාලාවට පැමිණියහ.

  



අදහස් (0)

අරුවක්කාඩු කසල අංගනයට පුත්තලම ප්‍රා. සභා මන්ත්‍රීවරුත් විරෝධය පාති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site