( රොමේෂ් මධුෂංඛ)
කොටි සංවිධානයේ හිටපු සාමාජිකයෙකු වන දිලීපන් නොහොත් රාසයියා පාර්දීපන් නැමත්තාගේ 31 වන ගුණ සැමරුම අද (26) යාපනය නල්ලූර් කෝවිල පිටුපස ඇති ස්ථානයකදී දේශපාලන නියෝජිතයින් පිරිසකගේ සහ සාමාන්‍ය වැසියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවත්විණි.
යාපනය නල්ලූර් කොවිල පිටුපස පිහිටි දිලීපන්ගේ ස්මාරකය තිබූ ස්ථානයේ දිලීපන්ගේ ඡායාරූපයක් තබා යාපනය මහනගරාධිපතිගේ ප්‍රධානත්වයෙන් හා දෙමළ ජාතික ජනතා පෙරමුනේ නියෝජිතයින් පිරිසකගේ ප්‍රධානත්වයෙන් දිලීපන්ගේ ගුණ සැමරුම ආරම්භ කෙරුණු අතර එම අවස්ථාවට යාපනය මෙන්ම කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවලින්ද සාමාන්‍ය වැසියන් පැමිණියහ.
1987 සැප්තැම්බර් මස 15 වනදා දිලීපන් නොහාත් රාසයියා පාර්තීපන් යාපනය නල්ලූර් කොවිල පිටුපස මාරාන්තික උපවාසයක් ආරම්භ කරනු ලැබුවේ ඉන්දීය සාම සාධක හමුදාව මෙරටින් ඉවත්වන තුරු සිය උපවාසය අත්නොහරින බවටයි .
එම උපවාසය අතරතුරදී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ද පැමිණ අදාල උපවාසය නවත්වන ලෙසට ඉල්ලා සිටියද උපවාසය අත් නොහැරීමෙන් සැප්තැම්බර් 26 වනදා ඔහු උපවාසය අතරතුරදී නිරාහාරව සිටීම නිසා මිය ගියේය.
මිය යන විටත් කොටි සංවිධානය විසින් ඔහුට ලුතිනන් කර්නල් තනතුරක් ලබා දී ඇති අතර ඔහුව එවකට හැඳින්වූවේ ලුතිනන් කර්නල් දිලීපන් ලෙසින්ය.






2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු කොටි නායක දීලීපන් සැමරේ