(එස් .ඩී .කොඩිකාර )
දෙනියාය ,පල්ලෙගම සත්මාල ඇල්ලේ දිය නෑමට ගිය පිරිසක ගෙන් එක් පුද්ගලයකු දියේ ගිලී මිය ගොස් ඇති අතර ඔහුගේ සිරුර අද (25) පෙරවරුවේ නාවික හමුදාව විසින් සොයා ගත් බව දෙනියාය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ (29) හැවිරිදි විතානගේ හර්ෂ කුමාර නැමැති අවිවාහක රත්නහැර ගෙවත්ත දූව,මලලගම ,හබරාදූව ලිපිනයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
පවුලේ සාමාජිකයින් සමඟ ඊයේ (24) සවස 5.00 පමණ සත් මාල ඇල්ලට දිය නෑමට ගිය අවස්ථාවේ එහි දෙවන ඇල්ලේ දිය නාමින් සිටින අවස්ථාවේ මෙසේ දියේ ගිලී ඇති අතර එම අවස්ථාවේ ඔහුගේ සිරුර සොයා ගැනීමට නො හැකි වීමෙන් පොලිසිය කළ දැනුම්දීමක් මත නාවික හමුදා නිලධාරීන් පැමිණ අද (25) පෙරවරුවේ ගලක් තුළ සිරවී සිටි පුද්ගලයාගේ සිරුර ගොඩට ගත්තේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd