රොමේෂ් මධුෂංඛ
මන්නාරම මඩු පරසන්කුලම්හි පෙරියවලයං කඩ්ඩු ප්‍රදේශයේ දී හක්කපටස් කෑ වල් අලියකුගේ ජීවිතය බේරා ගැනීමට වනජීවි නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන් විසින් අද (28) දැඩි පරිශ්‍රමයක නිරත විය.
බෝම්බයට ගොදුරු වූ වල් අලියා පිළිබඳ පළමුව 20 වැනි සිංහ රෙජිමේන්තුවේ යුද හමුදා නිලධාරීන් දැක ඒ බව වනජීවි නිලධාරීන් වෙතට දැනුම් දීමෙන් පසු වනජීවි නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇත.
දඩයම්කරුවන් විසින් හක්කපටස් බෝම්බයක් යොදා තිබියදී මෙම වල් අලියා එයට ගොදුරු වී ඇති අතර හක්කපටස් බෝම්බය අලියාගේ මුඛය තුළම පුපුරා යාම හේතුවෙන් මුඛයටත් හිසටත් දැඩි හානි සිදුව ඇති අතරම ජීවිතය ද දැඩි අවදානම් තත්වයක පවතින බවට මන්නාරම් මඩු වනජීවි නිලධරයෝ පැවසුහ.
හක්කපටස් බෝම්බය තැබූ පුද්ගලයින් කවුරුන් දැයි යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එම පිරිස් සොයා ද පරික්ෂණයක් වනජීවි නිලධාරීන් විසින් ඇරඹීය.


2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හක්කපටස් කෑ වල් අලියාගේ ජිවිතය බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක