IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ධීවර සමිතියක ඇතිවු ආරවුලකින් නිලධාරීන් දෙදෙනකු ඇතුළු තවත් අයෙක් රෝහලේ

(අනීෂා මානගේ)


තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පැවැති ධීවර සමිතියක් අතරතුරදී ඇතිවූ ආරවුලක් දුරදිග යාම නිසා ධීවර අමාත්‍යංශයේ නිළධාරින් දෙදෙනෙකු හා තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.  


මෙලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචි සමරප්පුලි මද්දුමආරච්චිගේ අනුර(43) නම් පස්දරු පියෙකු, ධීවර අමාත්‍යංශයේ සේවයේ නියුතු  සහකාර අධ්‍යක්ෂවරයෙක් හා ධීවර පරික්ෂකවරයෙකි.  


පට්ටියපොළ දකුණ ග්‍රාමීය මිරිදිය ධීවර සමිතියේ මාසික රැස්වීම පෙරේදා පස්වරුවේදී පට්ටියපොළ ප්‍රජා ශාලාවෙහි පවත්වා ඇත. මේ සදහා ධීවර අමාත්‍යංශයේ සේවයේ නියුතු නිළධාරින් හා සමිතියේ සාමාජිකයින් සහභාගී වී තිබේ.

එම රැස්වීම අතරතුරදී රැස්වීමට සහභාගී වූ ධීවරයින් පිරිසක් හා නිළධාරින් අතර ආරවුලක් ඇති වී ඇති අතර එහිදී ධීවරයින් විසින් නිළධාරින්ට පහර දී ඇතැයි පොලිසිය කියයි. 


පහරකෑම නිසා තුවාල ලැබූ නිළධාරින් දෙදෙනා තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර මේ ගැටුම පිළිබදව සමිතියේ සාමාජිකයින් විසින් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට දැනුම් දී තිබේ. 


ධීවර සමිතියේ ඇති වූ ගැටුමෙන් අනතුරුව පට්ටියපොළ රජමහාවිහාරය ඉදිරිපස පිහිටි නිවසක රාත්‍රී 8.30ට පමණ වෙඩි තැබීමක් හා පහරදීමක් සිදුව ඇති අතර වෙඩි පහරින් කිසිවෙකුටත් හානි සිදුව නොමැත. 


ධීවර සමිතියේදී ඇතිවූවා යැයි කියන ගැටුම සම්බන්ධයෙන් පොලිස් නිළධාරින්ට තොරතුරු සැපයූ බව කියමින් ප්‍රදේශවාසීන් දෙදෙනෙකු පට්ටියපොළ රජමහා විහාරය ඉදිරිපස පිහිටි නිවසේ හිමිකරු සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති අතර එම පුද්ගලයින් විසින් ඔහු ඉනෙහි සගවාගෙන සිටි ගිනි අවියක් රැගෙන හදිසියේ නිවෙස් හිමියාට වෙඩි පහරක් එල්ලකර ඇත.


ඉන් නිවෙස් හිමියාට කිසිදු හානියක් සිදුව නොමැති අතර නිවසේ ඇතුලත බිත්තියකට වෙඩි පහර වැදී තිබේ. ඉන් අනතුරුව නිවෙස් හිමියාගේ පුතාට සැකකරුවන් පහරදී ඇති අතර ඔහුගේ හිසට තුවාල සිදුවීම නිසා ප්‍රතිකාර සදහා තංගල්ල මූලික රෝහලට ඇතුලත් කර තිබේ.  


පට්ටියපොල දකුණ ග්‍රාමීය මිරිදිය සංවිධානයේ සාමිජිකයින්ට අයත් පට්ටියපොළ මහවැව ඔරු තොටුපොලේ ගාල් කර තිබූ ඔරු තුනකට කිසියම් පුද්ගලයෙකු ගිනි තබා විනාශ කර ඇතැයිද පොලිසිය කියයි.



අදහස් (0)

ධීවර සමිතියක ඇතිවු ආරවුලකින් නිලධාරීන් දෙදෙනකු ඇතුළු තවත් අයෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site