මහින්දානන්දට එරෙහි නඩුව නොවැම්බරයේ විභාගයට
අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙක හමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මුදල් විශූද්ධීකරණ පනත යටතේ පවරා ඇති නඩුව නොවැම්බර් මස 20 සහ 21 දිනවල විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(10) නියෝග කළේය.