තරිඳු ජයවර්ධන
ඉරිදා ගාලු මුවදොරදී පැවැත්වීමට නියමිත 70 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ ලැප්ටොප් නැටුමෙන් ලැප්ටොප් ඉවත් කිරීමට උපදෙස් දුන් බව අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
වයඹ විද්‍යාපීඨයේ ගුරුවරුන් එම නර්ථනාගංගයට පුහුණුවෙමින් සිටි අතර එම ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම නිසා සමාජයේ දැඩි වේවේචනයට හේතු විය.
දුරේක්ෂ සහ ලැප්ටොප් පරිගණක අතැතිව කරන මෙම නර්ථනය ඉවත් කරන ලෙස අධ්‍යාපන ඇමැතිවරයා ද උපදෙස් දී තිබෙන බව අමාත්‍යංශ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. දීර්ඝ කාලයක් තිස්සේ පුහුණුවෙමින් සිටි නිසා අවසාන මොහොතේ නර්ථනය ඉවත් කිරීම ගැටළු සහගත බැවින් ලැප්ටොප් වෙනුවට ලෝක ගෝල අනුරුවක් අතැතිව නර්ථනය කිරීමට සැලසුම් කළත් ලෝක ගෝලයද නැටුමෙන් ඉවත් කිරීමට අවසානයේ තීරණය කර තිබේ.
මෙම නර්ථනය වෙනුවෙන් එම පිරිසම යොදාගෙන වෙනත් නර්ථනයක් සිදු කරනු ඇති බවත්, ඒ සියල්ල අධීක්ෂණය කරන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් බවත් අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
ලැප්ටොප් පරිගණක තබා ඩෙස්ටොප් පරිගණකවත් නැති පාසල් රැසක් ලංකාවේ ඇතැයි ද, අධ්‍යයන කටයුතු සඳහා දුරේක්ෂ නැති පාසල් රැසක්ද තිබිය දී මෙවැනි විහිළු සහගත කටයුතු කිරීම ගැන බලධාරීන් දෙවරක් සිතා බැලිය යුතු යැයි ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය. ගුරුවරුන් යොදාගෙන මෙවැනි කටයුතු කිරීමෙන් බලධාරීන් පමණක් නොව ගුරුවරුන්ද හෑල්ලුවට ලක්වන බව ද ඔහු කීවේය.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේ මෙම නැටුම සම්බන්ධයෙන් මුලින් නොදැන සිටි බවයි. එය දැනගත් වහාම නතර කරන ලෙස උපදෙස් දුන් බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි විකාර නර්ථනයන් ලංකා නිදහස් දිනයට කිසිසේත්ම නොගැලපේ.
සීත කාමරවල ඉඳන් රටේ තීරණ ගන්න නායකයෝ ඉන්නේ අමුතුම මනෝ ලෝකවලයි. රටේ නිදහස් දිනයවත් අර්ථවත් උත්සවයක් තියන්න දන්නේ නෑ. අපේ කෙනත් තීරණ ගන්න තැනට හැමදාම පත්කරලා යවන්නේ... මේ පොලවේ පය ගහලා ඉන්න මිනිසුන් නෙවෙයි.
ලැප්ටොප් වෙනුවට කුළු අරගත්තා නම් නරකද?
පරක්කු වෙලා හරි ගත් නිවැරැදි තීන්දුවක් . මෙච්චර දියුණු ලෝකේ අපි ලැප්ටොප් උඩ දමා වන්නම් නටනවා. රට්ටු විතරක් නෙවි ලෝකෙත් හිනස්සන වැඩ මේවා.
ලැප්ටොප් තියෙන්නේ පිට්ටනිවල නටවන්න නොවන බව වයඹ විද්‍යාපීඨයේ ගුරුවරුන්ට නොතේරීම ඇත්තෙන්ම කණගාටු විය යුතු කරුණක් !!!
මෙවන් ජාතික උත්සවයක් මීට වඩා කලින් සැලසුම් කොට ඉදිරිපත් කිරීමට සංවිධායකයන් කටයුතු කලයුතුය. මන්දයත් මේ රටේ නිදහස් දින උත්සවය නිසා.... මෙදෙස ලෝකයම බලාසිටියි.
මැටිමෝල් නිවට ආණ්ඩුවක් සංහිඳියාව ගැන කතා කලාට එහි සංස්කෘතිය, සභ්‍යත්වය නැත. නිවටකම ඇත. නිදහස සැමරුම ඇත්තේ නමට පමණි. නමුත් නිදහස නැත. එඩ්වඩ්වරුන්ට ආරාධනා කිරීමෙන් ඒ බව පේනවා. මේ ආණ්ඩුවේ තරම නැටුමෙන්ම පේනවා.
පාරම්පරිකව එන කලගෙඩි හෝ සෙම්බු යොදාගත්තා නම් මොකද වෙන්නේ?
අපේ රට ගැන හරිම දුකයි. අපේ පොඩි කාලේ කොයිතරම් සුන්දරද? එත් අපේ දරුවන්ගේ පොඩිකාලේ සුන්දරව මතක්කරන්නේ මොනවද?
නව නිර්මාණ මගුලක් අල්ලගෙන බොරුවට දඟලන්නේ නැතුව ආබාධිත රණවිරුවෝ නිදහස් උත්සවයට සහභාගි කර නොගැනීම ගැන ප්‍රශ්න කළොත් වටිනවා මහත්තයෝ...
ලැප්ටොප් ටික අරගන්න මජනතාවගේ සල්ලි වියදම් කලානම් කොමිසමක්වත් පත්කරන්න වේවිද දන්නේ නැහැ... ගහපු ඒවා හොයන්න.
මේ වසරේ කින් බානට් ත්‍යාගය පිරිනමන්න සුදුසුයි... ලැප් ටොප් නැටුමේ නිර්මාතෘතුමන්ට හෝ තුමියට.
වසරේ හොඳම ගොන් පාට් එකට හිමි තෑග්ග පිරිනැමිය යුතුයි නිර්මාණ කරුවාට...
මදැයි... ක්ලොස් අප් ෆොටෝ එකක් බලන්න හිටියා.
මීට වඩා හොඳයි පඹයින් ටිකක් දාලා ඩාන්ස් කළා නම්...
ලංකාවේ ඉන්න සමහර දේශපාලකයන් සහ රජයේ නිලධාරීන් ලංකාවට පමණක් නොව ලෝකයටම විහිළු සපයන බව පේනවා. මේ සමහර නිලධාරීන් කරන වැඩ නිසා විශේෂයෙන්ම මැතිවරණයක් කිට්ටුව අපහසුතාවයට පත්වන්නේ මේ රජයයි. මේකෙන්ම පේනවා තවම පසුගිය රජයේ අන්තවාදීන් මේ රජය ඇතුලතත් ඉන්නවා කියලා. මේ වගේ ගොබ්බ විහිළු වැඩ නැවත්වීමට ගත් තීරණය ඉතාමත් වටිනවා. ඔය වැඩේ යෝජනාකරපු කට්ටිය සහ ස්ථිර කරපු කට්ටිය ගැන අවධානයෙන් ඉන්න...
රට කන ගුරුවරු. කව්ද මේ? මොලේ වාඩි වෙන තැන හිර කරගෙන ඉන්නේ... අනේ නිදහස... කෝ ආදර්ශය..
මම නම් කියන්නේ අං තට්ටු ටිකක් කරකවමින් දේශපාලකයන් ටිකක් නටමින් පෙළපාලියේ ගියා නම් බොහොම අපූරුයි.
හපොයි අපරාදේ... ලැප්ටොප් වන්නම නතර කෙරුවනේ...
මෙම නැටුමින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වී ඇත්තේ "නවීන විද්‍යාඥයා" නැමති සංකල්පයයි. මෙය බාලාංශ ළදරුවන්ටත් නොගැලපෙන බංකොලොත් විගඩමක්. අවාසනාවකට මේ සඳහා සූදානම්ව සිටියේ ගුරු සිසුවියන් පැහැදිලිවම ඔවුන්ගේ උපදේශකයින්ගේ මග පෙන්වීම යටතේ. ඉතින් මොවුන්ගෙන් රටේ බුද්ධිමත් දරු පරපුරක් නිර්මාණය කරන්නේ කොහොමද ?
ලැප්ටොප් නැටුමේ ඇති වරද මටනම් නොතේරේ. නිදහස ලැබුවේ රටේ ජනතාවයි. එත් මිනුසන්ට තමන් කැමති දේ කරන්න නිදහක් නැත.
ඔතන මෙහෙම දේකුත් තියනව, කුලු නැටුම, දෑකැති නැටුම අපි දැන් අගය කරනවනෙ, එත් ඔවත් නටපු මුල් කාලෙ ඔය විදියටම බනින්න ඇති නේ.
පොල් ගෙඩියක් අරන් නැටුවනම් හරි.. සෑහෙන්න වටිනාකමක් දීපූ එකම දේනේ ආන්ඩුවෙන්..
මේ නැටුම් අංගයට අන්තර් ජාලය හරහා ඇති විශාල ප්‍රචාරයක් ලැබී ඇත්තේ බොහෝදෙනා "නැටුමේ වරදක් දකිනවාට වඩා ඒ මඟින් ආණ්ඩුව සමච්චලයට ලක්කිරීමට ගන්නා උත්සාහය" නිසයි. සම්ප්‍රදායික නැටුම් වැයුම් ඒ අයුරින්ම ආරක්ෂා කර ගැනීම වැදගත් වෙනවා මෙන්ම අපේ ළමයින් හැමදාම කුළු නැටුමටයි කලගෙඩි නැටුමටයි සීමා කර තැබීම සාධාරණ වන්නේද නැත. බැරි වෙලාවත් "කලගෙඩි නැටුමයි කුළු නැටුමයි" ප්‍රථම වතාවට "අද නිර්මාණය කර" මේ උත්සවයේ අංගයක් ලෙස ඇතුලත් කර තිබුනානම් ඒකටත් බොහෝදෙනා මේ විධිහටම අපවාද උපවාද උසුළු විසුළු කරනවා අනිවාර්යයි.
ගූගල් බැලුම සහ ඩිගිටල් නැටුමක් හොඳද?
ලෝකයක් ඉස්සරහට කුල්ල, පෙට්ටි ,හට්ටි අරං යන්ඩයි ලජ්ජා වෙන්ඩ ඕනේ , මේක නියමයි (තව මදි , මෙයිට වඩා අපේ දියුණු තැන පෙන්ඩ කරන්ඩ ඕනේ ) , අනේ අපේ උන්ට තාම ඕනේ අලි පිටේ යන්ඩ , රෙද්ද ඇදල උදලු අරං අමුඩ ගහන් නටන්ඩ .
අන්තට්ට්ටු නැටුමක් දාමුද?
ඉවත් කරන්න ඕනේ නැටුමින් ලැප්ටොප් එක නොවෙයි, මුළු රටටම ලැප්ටොප් දෙනවයි කියා ජනතාව රැවටු අයව.
මෝඩ දේශපාලකයනි දැන්වත් අපේ රට ගැන හිතනන.
රටක ජාතියක ගෞරවය ලෝකය ඉදිරියේ හෑල්ලු කරන, ශ්‍රී ලාංකීය ජනතාව ජෝකෙර් ලා කරන පුපිරි පාලනයක්. මේකද තත්වෙ... ?
ලැප් ටොප් වෙනුවට අර අධ්‍යාපනයට බොහොම සම්බන්ධ විලක්කුව නොහොත් පන්දමක් අතට දුන්නනම් බොහොම ගැලපෙනවනේ.
ටොප් ටොප් තනන් තැනෙන ලැප් ටොප් තනන්තනෙන නා ආ පාරම්පරික දේශීය නැටුම් සංස්කෘතිය හැල්ලුවට ලක් කරන කලුසුද්දන්ට ඉන්දියාවේ නම් ඉඩ නැති බව මෙහි සිටින ඉන්දියානුවන් පැවසුවා
වජිර වගේ ඇමතිකෙනෙක්ගෙන් මීට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ................
මේ ශ්‍රීමාල් ට. කුළු නැටීමට සහ කලගෙඩි නැටුමට කව්රුත් මොනවවත් කියන්නේ නැහැ.
සැලැස්මක් නැතිව ලැජ්ජාවට පත්වෙනවාට වඩා සැලැස්මක් ඇතිව මේවා කළා නම් ලැජ්ජා වෙන්න ඕනේ නැහැනේ.
ශ්‍රීමාල් මහත්මයා වෙතයි, කළ ගෙඩි සහ කුළු නැටුම් අතීතයේ නිර්මාණය වී ඇත්තේ, නිවෙස් වල අදාල භාණ්ඩ භාවිතයේදී නර්තන විලාසයක් අතීත ගැමියා දුටු නිසයි. එසේ නොමැතිව නර්තනයේ හිස් අත් පිරවීමට නොවෙයි. ලැප්ටොප්, දුරේක්ෂ භාවිතයේදී නර්තන විලාසයක් දිස්වන්නේ කුමනාකාරවදැයි දැනගැනීමට කැමැත්තෙමි. නවීන උපකරණ භාවිතා කළ පමණින් සියල්ල නර්තනයකට උචිත නොවේ.
මේ ගොල්ලන්ගේ ලැප්ටොප් උස්සගෙන නටන්න වුණා වගේ අරගොල්ලන්ගේ සිල් රෙදි අරගෙන නටන්න වෙනවා. වෙල්ලස්සේ මියගිය ලක්ෂ ගණනක් සිහලුන්ගේ ලේ සිහි කරන්නේ අද මේ වගේද?
දේශීය සංස්කෘතිය ගැන ඔබගේ නොදැනුවත්කම ගැන අපි කණගාටු වෙමු. කලගෙඩි නැටුම්, ලැප්ටොප් නැටුම් කිරීමෙන් හෑල්ලුවට ලක්වන්නේ දෙදහස් පන්සිය වසරක අපේ උරුමය, සංස්කෘතිය පාරම්පරික නැටුම් කලාවයි..
මෙච්චර සංකෘතික දේවල් තියෙද්දී තොර ගත්තු දේ. සුනිල් මහතාගේ ඇස ඇරුනේ නැත්නම් ලංකාවේ රෙදි ගැලවෙනවා.
පෙරහුරුවට එවැනි නර්තනයක් ඉදිරිපත් කලේ මහින්ද ඇතුළු පිරිසට පොඩි ඇඩ්පාරක් දෙන්න..
කුමන නැටුම් කෙළි කවට සිනාදා ...! ගොන් මොළයට කවදාවත් නැත කිසි බාධා !
මේ රටේ විද්‍යාපීඨ අයිති වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට. ඒත් ඒ අමාත්‍යාංශයේ ලේකම් දන්නේ නෑ තමන්ගේ අමාත්‍යාංශයට අයිති විෂයක ළමයි අරන් මේ රටේ නටන නාඩගම.