ජනපති බංගලාදේශයට යයි බංගලාදේශයේ තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (13) උදෑසන 7.55 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ. 13 July 2017
පොදු සමා කාලය අවසන් - කොරියාවෙන් ලංකාවට එන්න නීති විරෝධී අයුරින් දකුණු කොරියාවේ රැඳී සිටින ශ්‍රීලාංකිකයන්ට එරටින් පිටවීමට මාස තුනක පොදු සමා කාලයක් ලබාදී ඇති බැවින් එම පොදු සමාකාලය අවසන් වන ඔක්තෝම්බර් 10 දිනට පෙර ශ්‍රී ලංකාවට එන මෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එරට නීති විරෝධීව රැදී සිටින ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. 13 July 2017
‘කාන්තා නියෝජනය ඉහළ දැමීම ඡන්දය කල් දැමීමට හේතුවක් කරගන්න එපා‘ - කැෆේ පළාත් සභාවන්හි කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා සඳුදා(10) ප්‍රකාශයට පත් කරනු ලැබු ගැසට් නිවේදනය ඉදිරි පළාත් සභා මැතිවරණය කල් දැමීමට හේතුවක් කර නොගන්නැයි කැෆේ සංවිධානය රජයෙන් ඉල්ලීමක් කරයි. 12 July 2017
‘සමන් කුමාර ගැන විමර්ශනයක් අාරම්භ කරලා‘ සේවක අර්ථ සාධක අරමුදලේ ගැණුම්කරුවෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂක බී.එච්. ඉන්දික සමන් කුමාර මහතා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බැඳුම්කර කොමිසමේ කටයුතු සඳහා පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අද (12) එම කොමිසමට දැනුම් දුන්නේය. 12 July 2017
ළමයින් අතුරුදන් කළැයි නාවික හමුදා කොමදෝරු අත්අඩංගුවට 2008දී කොළඹ හා අවට ප්‍රදේශවලින් පැහැරගනු ලැබූ බව කියන ළමයින් පස් දෙනකු ඇතුළු 11 දෙනකු අතුරුදන් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදාවේ කොමදෝරු ඩී.කේ.පී.දසනායක අද(12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 12 July 2017
ලන්ච් ෂීට් කෝටි දෙකක් දිනපතා පරිසරයට කෑම එතීම සඳහා භාවිතා වන තුනී පොලිතින් (ලන්ච් ෂීට් ) කෝටි දෙකකට ආසන්න ප්‍රමාණයක් දිනපතා පරිසරයට එකතුවන බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි. ශ්‍රී ලංකාවේ ජනගහණයද කෝටි දෙකක් වුවත් එක්පුද්ගලයකු දිනකට තුන්වේලක් හෝ ඊට වැඩි ගණනක් ආහාර ගැනීමේදී මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවත් මධ්‍යම පරිසර අධිකාරිය කියයි. 12 July 2017
උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 12 July 2017
පානදුර අධිකරණයෙන් තිදෙනකුට මරණ දඬුවම වසර 12කට පෙරදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගල ඝාතනයක් කළැයි චෝදනා ලැබ සිටි විත්තිකරුවන් තිදෙනකුට මරණීය දණ්ඩනය නියම කිරීමට පානදුර මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක මහත්මිය අද(12) නියෝග කළාය. 12 July 2017
ඇවන්ගාඩ් නඩුවේ ලිඛිත දේශන අගෝස්තු 11 හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු සැකකරුවන් 8කට සම්බන්ධ නඩුවේ ලිඛිත දේශන සඳහා ලබන අගෝස්තු 11 තෙක් නඩුව කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(12) නියෝග කළේය. 12 July 2017
‘දූෂණ මර්දන කාර්යාලය ඵලක් ඇති වැඩක් කර නෑ‘ - රාජිත දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය අවුරුදු එකහමාරක කාලයක් තුළ රුපියල් මිලියන 65ක මුදලක් වියදම් කර ඇතත් ඵලක් ඇති වැඩක් කර නැතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය. 12 July 2017
ත්‍රිකුණාමල මණ්ඩපය ගැන සොයන්නැයි ඉල්ලති නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රීකුණාමලය මණ්ඩපය මාස හතරකට අධික කාලයක් වසා දමමින් එම මණ්ඩපයේ මණ්ඩපාධිපතිවරයා ප්රමුඛ පරිපාලනය විසින් සිසුන්ට එරෙහිව ගෙන යන අත්තනෝමතික ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇත. 12 July 2017
තරුණ උපාධිධාරීන් 40 කට ව්‍යාපාරයක් කරන්න ලක්ෂ 15 ක් ණයක් තරුණ උපාධිධාරීන් 40 කට ව්‍යාපාරයක් ආරම්භ කිරිමට ලංකා බැංකුවෙන් මහජන බැංකුවෙන් උපරිමය ලක්ෂ 15 ක ණය මුදලක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. 12 July 2017
පොලිතින් භාවිතය නවත්වන්න කැබිනට් අනුමැතිය පොලිතීන් ආනයනය,විකිණීම හා භාවිතය සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 12 July 2017
අතුරුදන්වූවන්ගේ ඥාතීන් බලන්න සම්පන්දන් යයි අතුරුදන්වූන් සොයාදෙන ලෙස ඉල්ලමින් කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිට සත්‍යග්‍රහය කරන අතුරුදන්වූවන්ගේ ඥාතීන් හමුවීමට විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා අද (12) ගියේය. 12 July 2017
විසඳුම් ඉල්ලා දෙවියන් යැදීමට වෙලා-සම්පන්දන් මේ ආණ්ඩුව යටතේ ද ජනතාවගේ ගැටලුවලට විසඳුම් ඉල්ලා දෙවියන්ට කන්නලව් කිරීමට සිදුව ඇතැයි විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා පවසයි. 12 July 2017
හදවත් බද්ධයට දරුවාගේ හදවත දුන් පවුලට ජනපතිගෙන් නව නිවසක් මෙරට ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම සඳහා තම දරුවාගේ හදවත ලබාදුන් දෙමව්පියන්ට ඔවුන් දැනට පදංචිව සිටින ස්ථානයේම නව නිවසක් ඉදිකර දීම සඳහා තීරණය කර ඇත. 12 July 2017
අලුත්නුවර පෙරහැර මේ වසරේ නෑ මාවනැල්ල අලූත්නුවර ඓතිහාසික ශ්‍රි දැඩිමුණ්ඩ දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මෙවර නොපැවැත්වෙන බව එහි තේවාව භාර ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා අද (12 ) පැවසීය. 12 July 2017
“නියාමනයෙන් මාධ්‍ය නිදහස අඩු වෙන්නේ නෑ“ ජනමාධ්‍ය නියාමනයට ගෙනෙන කවර පනතකින් වුව ජනමාධ්‍ය නිදහස වැඩි කරනවා මිස අඩු කරන්නේ නැතැයි ස්වාධීන මාධ්‍ය නියාමන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පත්කළ ඇමැති කමිටුවේ සාමාජික විශේෂ කාර්යභාර ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා ගලගෙදර වල්පොලදී අද (12) පැවැසීය 12 July 2017
සුනඛයන් නිසා මසකට 2000ක් අ‘පුර රෝහලේ සුනඛයන්ගේ සපා කැමට ලක්ව ජලභිතිකා රෝගයට ප්‍රතිකාර ලබාගැනීමට මේ වසරේ මුල් මාස 6ට අනුරාධපුර ශික්ෂණ රෝහලට රෝගින් දහතුන් දහස් විසි දෙකක් (13022) පැමිණ ඇතැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අයන්ති කරුණාරත්න මහත්මිය පැවසුවාය. 12 July 2017
‘ඇමැති අකිල හදන්නේ දඹුල්ල පවරගෙන රැකියා දෙන්න’ - ජනක කියයි දඹුලු රජමහා විහාරය කිසිම ආකාරයෙන් රජයට පවරාගැනීමට හෝ වසා දැමීමට කිසිදු ඉඩක් නොදෙන බවත් විහාරය රැකගැනීමට භිෂුන් වහන්සේලා සමඟ සිටින බවත් හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. 12 July 2017
චීන කතගේ මුදල් කොල්ලකෑ සැරයන් අත්අඩංගුවට චීන ජාතික කතකගේ රුපියල් 1,50,00000 ක මුදලක් හා රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා ජංගම දුරකථන දෙකක් මංකොල්ල කෑ බව කියන ගම්පහ මූලස්ථාන පොලිසියේ සැරයන්වරයකු අද(12) අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි. 12 July 2017
සයිටම් ආයතනයට එරෙහිව සීනිගම පොල් ගසති සයිටම් විරෝධී සිසුන්ගේ දෙමාපියන් පිරිසක් අද(12) සීනිගම දෙවොල් දේවාලයේ දී සයිටම් ආයතනයට විරුද්ධව පොල් ගැසූහ. 12 July 2017
එකම පවුලේ තුනක් උමා ඔයට බිලි උමා ඔය ගල්ගේවත්ත තොටුපළේ ගිලී මියගොස් පාවෙමින් තිබූ වැලිමඩ මොරගොල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු දෙක හමාරක දැරියක් ඇතුළු තිදෙනෙකුගේ මළ සිරුරු තුනක් අද (12) දහවල් 1.30 ට පමණ ගොඩගත් බව පොලීසිය පවසයි. 12 July 2017
“දූෂණ මර්දන ඒකකය වසා දමන්නේ ඇමතිවරුන්ගේ වැරදි වහගන්නයි“ දූෂණ ලේකම් කාර්යාලය අහෝසි කරන්නේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට එරෙහි දූෂණ චෝදනා විමර්ශනය කිරිම වැළැක්වීමට යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. 12 July 2017
නිල්ගල වන රක්ෂිතය ගිනිගනී බිබිල නිල්ගල වන රක්ෂිතයේ පුවක්පැලේ වන ප්‍රදේශය දින තුනක් තිස්සේ විටින් විට ගිනිගැනිම නිසා අක්කර 50ක පමණ භුමියේ ගස් වැල් විනාශ වී ඇතැයි අවට ප්‍රදේශවාසීහු කියති. 12 July 2017
කොටි තොප්පියක් ලන්ඩන් යවන්න හැදු තිදෙනා නිදහස් එල්ටීටීඊ සංවිධානයට අයත් ලාංඡනයක් සහිත තොප්පියක් ලන්ඩන් නුවර බලා යැවීමට සැලැසුම් කළැයි චෝදනා ලැබ මාස 15 ක් රිමාන්ඩ් බාරයේ සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු සෙබලකු ඇතුළු තිදෙනෙකු නිතිපති උපදෙස් මත නිදහස් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා නියෝග කළේය. 12 July 2017
සැප්තැම්බරයේ සිට ලන්ච් ෂීට් හා ෂොපින් බෑග් තහනම් ලන්ච් ෂීට්,රිජිෆෝම් කෑම පෙට්ටි සහ ෂොපින් බෑග් ලබන සැප්තැම්බරයේ සිට තහනම් කරන බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි. 12 July 2017
එක්දින නායකත්වය තරංගට - ටෙස්ට් නායකයා චන්දිමාල් ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට උපුල් තරංග පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. 12 July 2017
හොර වයස දාලා රට ගිහින් හතලිස් අට හැවිරිදි වියේ බව සඳහන් ව්‍යාජ ලියකියවිලි සකසා පනස් අට හැවිරිදි කාන්තාවක් කටාර් රාජ්‍යයේ රැකියාවට යාමේ පුවතක් හෙළි කර ගැනීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන ඒකකය සමත් වී තිබේ. 12 July 2017
’සයිටම් විරෝධී ජන පවුර සංවිධාන වී අවසන්’ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සයිටම් විරෝධී ජනපවුර සංවිධාන ගතවී අවසන් වී ඇති බවත් ඒ සඳහා සෑම වෘත්තීය ජන කොටසක්ම ඒකරාශී වි සිටින බවත් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ හම්බන්තොට දිස්ත්‍රික්යේ ලේකම් වෛද්‍ය උපුල් සංජීව ගලප්පත්ති මහතා සඳහන් කළේය. 12 July 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026