ආණ්ඩුව අස්ථාවර වීමට ඉඩ නොතබන බව එජාපය කියයි
‘ආණ්ඩුව අස්ථාවර වෙන්න අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ. ආණ්ඩුව වට්ටන්න හිතාගෙන ආණ්ඩුවත් සමග සිටින මන්ත්‍රීවරු පිරිසක් ඉවත් කරගන්න කටයුතු කිරිමෙන් මහින්ද රාජපක්ෂ මහතාටත් සිදුවන්නේ හොඳට ලී ඉරමින් තිබූ පලංචියට නැග කූඤ්ඤය ඉවත් කළ වඳුරාට වෙච්ච වැඩේ‘ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා අද(16) සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.