( තිළිණි ද සිල්වා )
උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට පිටුවහල් කරවා ගැනීමේ අරමුණින් විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින නියෝජිත පිරිසක් එරට අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
විදේශ කටයුතු අමාත්‍යාංශ්‍ය අද (09) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.
මේ කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට උපදෙස් ලබාගැනීම සඳහා, අබුඩාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් ආගමන කටයුතු සම්බන්ධයෙන් විශේෂ දැනුමක් ඇති, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතීඥයන්ගේ සේවය ලබාගෙන ඇතැයි එම අමාත්‍යාංශය සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඡන්ද ගුණ්ඩු නෙවෙයි නේද? යුද්ධයට මුවාවෙලා කරපු හොරකම් සියල්ල හෙළිදරව් කර සියල්ලටම දඬුවම් දෙන්න. ඇමරිකාවට පැනලා ඉන්න අයව ගෙන්නා ගන්නේ නැද්ද?
මෙයාට ඉස්සර මෝටර් සයිකලයක් විතරයි තිබුනේ. ඥාති සහෝදරයෝ නිසා තමයි දුප්පත් අපේ සල්ලි වලින් ගොඩ ගියේ.
මොහු එහෙ පොලිසියෙන් නිදහස් කරලා නම් තව දුරටත් ඔහු එහෙ රඳවාගෙන නැහැ නේද? එහෙනම් කොහොමද ඔහුව මෙහෙ ගෙනෙන්නේ? අනිත් එක ඔහු යුක්රේන පුර වැසියෙක් නම් කොහොමද මෙහෙට ගෙනෙන්නේ?
උදයංගට තියෙන සියලුම චෝදනා අබුඩාබියේ දී ඉදිරිපත් නොකර ඔප්පු කරන්න පුළුවන් එක චෝදනාවක් පමණක් අබුඩාබි බලධාරයින්ට ඉදිරිපත් කලහොත් මිනිහව එරටට අරගෙන එන්න අපහසු වෙන එකක් නැහැ. එයාගේ ළඟ සේවය කරපු සේවකයාව ගිනි තබා මැරූ බවට චෝදනාවකුත් ඔහුට තියෙනවලු.
අවලංගු රාජතාන්ත්‍රික පාස්පෝර්ට් එකකින් හොරෙන් පනින්න හදලා තියෙන්නේ. හරි එක එහෙ පොලිසියේ හින්දා කොහෙවත් යන්න බැහැ. ඔය එෆ්.බී. එකේ පුරසාරම් කිව්වට.
යහපාලන ආණ්ඩුව නා ගන්නේ මෙන්න මේ විදියටයි.
ඔය ඔක්කොම ඡන්දෙ ඉවර වෙනකන්. 11දා දවල් වෙනකොට කියයි... උදයංග යුක්රේනයෙන් අරන් ගියා අපිට මොනවත් කරන්න බැරි වුණා කියලා. මේ අවුරුදු තුනටම ඕකනේ කලේ. දැන්වත් අපේ රටේ අයගේ මොලේ පෑදෙන්නේ නැද්ද?
විදේශ කටයුතු අමාත්‍යාංශය දැන්ද ඇහැරුනේ? මෙයාලා ඔක්කොම අපිව ගොනාට අන්දනවා.
තවත් කණ්ඩායමක්, දෙකක් යවන්න වෙන පාටයි. මේ අය ගෙනෙන්න! (ගිය කාණ්ඩය අාවැයි?)
දැන්නේ අාණ්ඩුවත් දන්නේ නිල්නෝටිස් ඒකෙන් වැඩක් නැහැ කියලා.. ජනාධිපතිතුමා මතක අැතිව අර රනිල් වෙලාව බලලා සිංගප්පුරුවට යවපු මහේන්ද්‍රන් ගෙන්න ගන්න රතු නෝටිස්ම යවන්න. ඒක රනිල් කරන්නේ නොකෙරෙන පැත්තට බව අපි කවුරුත් දන්නවනේ..