කසල වෙන්කිරීම ගැන පෙර පාසලෙන් පාඩමක් කසල වෙන්කිරීම පිළිබඳව හැටන් ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිමේ වැඩ සටහනක් අද (18) හැටන් පෙර පාසලක දරු දැරියන් පිරිසක් එක්ව සංවිධානය කර තිබිණි. 18 July 2017
මුලතිව් පාසලක කසලගොඩක් පිපිරීමෙන් සිසුන් 8ක් රෝහලේ මුලතිව් කෝකිලායි සිංහල පාසලේ පැවති ඩෙංගු මර්දන වැඩසටහනක් අතරතුර දී අසල තිබූ කසල ගොඩක සිදු වූ පිපිරීමක් හේතුවෙන් කම්පනයට පත් පාසල් සිසුන් 8 දෙනකු අද ( 18) උදෑසන මුලතිව් මාන්චෝලෙයි රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි මුලතිව් පොලීසිය පවසයි. 18 July 2017
නියඟය නිසා වවුනියාවේ යල-මහ කන්න පාළු වෙයි වවුනියාව දිස්ත්‍රික්කයට මේ දිනවල බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් මෙවර මහකන්නයේ හා යලකන්නයේ ගොවිතැන් කටයුතු අඩාල වූ බව වවුනියාව දිසාපති එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතා පවසයි. 18 July 2017
සෝමපාල රත්නායක සමුගනී ප්‍රවීණ සංගීත ශිල්පියකු වන සෝමපාල රත්නායක මහතා අභාවප්‍රාප්ත විය. ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ සොහොයුරා වන සෝමපාල රත්නායක මහතා ජනප්‍රිය ගීත රැසකට තනු නිර්මාණය කළ අයෙකි. 18 July 2017
අංගොඩ ලොක්කාගෙන් මුල්ලේරියාව ස්ථානාධිපතිට ඇමතුමක් ව්‍යාපාරිකයින් ගෙන් තමන් කප්පම් ලබා ගන්නේ දුප්පතුන්ට බෙදා දීම සඳහා බැවින් කප්පම් ගන්නා සිය ගෝලයින්ට කරදර නොකරන ලෙස ඉල්ලා පාතාල නායක අංගොඩ ලොක්කා නැමැත්තා ඉන්දියාවේ බන්ධනාගාරයේ සිට මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතනයෙන් දැනුම් දී ඇති බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය. 17 July 2017
නියෝජ්‍ය ඇමැති භාවිත කළ වාහනයේ පිස්තෝලයක් නියෝජ්‍ය අමාත්‍යවරයකු පරිහරනය කර නැවත බාර දී තිබු සුඛෝපභෝගී මෝටර් රථයක් තුළ තිබී රිවෝල් පිස්තෝලයක් සොයා ගත් බවත්, එය පොලිස් දෙපාර්තමේන්තුව සතු එකක් නොවන බවත් පොලිසිය කියයි. 17 July 2017
වෛද්‍යවරු රාජිත ගැන අගමැතිට පැමිණිලි කරති සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා වෛද්‍යවරුන් පිරිසක් එක්කර ගනිමින් නව වෘත්තීය සමිතියක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින්නේ යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගමැතිවරයාට ලිඛිත පැමිණිල්ලක් කර තිබේ. 17 July 2017
පොලිසිය නොමග යැවූ නැන්දා අත්අඩංගුවට ගම්පහ නගරයේ පාළු ප්‍රදේශයක අශෝභන ලෙසින් සිටි පාසල් සිසුවියක (15) සහ සිසුවකු (17) පොලිස් භාරයට ගෙන මවුපියන් කැඳවූ අවස්ථාවේ සිසුවියගේ මව ලෙස සිසුවාගේ නැන්දා පෙනී සිටී ඇති බවත් පොලිසිය නොමැග යැවීමේ චෝදනාව මත ඇය අත් අඩංගූවට ගත් බවත් ගම්පහ පොලිසිය කියයි. 17 July 2017
පාලිත අබේකෝන් වෛද්‍ය සභාවේ මුල් පුටුව අබියස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පත් කිරීමට රජය තීරණය කර තිබේ. 17 July 2017
පළාත් පාලන සංශෝධන පනත ලබන සතියේ මැතිසබේට ලබන ජනවාරි, පෙබරවාරි මාස වන විට පළාත් පාලන ආයතන සඳහා නගරාධිපතිවරුන්, සභාපතිවරුන් හා මන්ත්‍රී මණ්ඩල පත් වනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 17 July 2017
පක්ෂ තීරණයට එරෙහිවීයැයි උතුරු ධීවර ඇමැති ඉවත් කරන්න ඉල්ලයි උතුරු පළාත් ධීවර හා ප්‍රවාහන අමාත්‍යධූරයෙන් පී.ටෙනීස්වරන් මහතා ඉවත් කරන්නැයි එම අමාත්‍යවරයා නියෝජනය කරන ටෙලෝ සංවිධානය විසින්ම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගෙන් ඉල්ලීමක් කරනු ලැබ තිබේ. 17 July 2017
ඕස්ට්‍රේලියා විදේශ ඇමැති හෙට ලංකාවට ඕස්ටේ්රලියා විදේශ කටයුතු අමාත්‍ය ජූලි බිෂොප් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා හෙට(19) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 17 July 2017
අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් පොලිස් දැලේ අංගොඩ උඩුමුල්ල ප්‍රදේශයේ වාහන අලෙවි ප්රදර්ශනාගාරයක් හිමි ව්‍යාපාරියකුගේ කාර්යාලයකට ඉකුත් (13)වැනිදා කිසියම් පුද්ගලයකු ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාතාල නායක අංගොඩ ලොක්කාගේ ගෝලයකු මිරිහාන විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව පොලිසිය කියයි. 17 July 2017
සහකාර අධ්යක්ෂ වෙනුවෙන් පෙනී ඉන්න නීතීඥවරයකුට අවසර ශ්‍රී ලංකා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්යක්ෂ බී.එච්. ඉන්දික සමන් කුමාර මහතා වෙනුවෙන් නීතීඥවරුන්ට බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට කොමිසම අද (17) අවසර දුන්නේය. 17 July 2017
ඉන්දියාවේ ලොකුම යුද නැව නාවික හමුදාවට ඉන්දියාවේ නිෂ්පාදිත විශාලතම යුද නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ මස 22 වැනි දා මිලදී ගැනීමට නියමිත බව ඉන්දියාවේ ‘‘ හින්දුස්ථාන් ටයිම්ස් “ පුවත්පත වාර්තා කර සිටී. 17 July 2017
මොරටු සරසවියේ සිටි සතුන් පිටිපන ඉඩමක වළදාලා මොරටුව විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සිටියදී අල්ලා ගත් සුනඛයින් සහ බළලුන් 40 දෙනකු පමණ එම විශ්ව විද්‍යාලයට අයත් හෝමාගම පිටිපන ප්‍රදේශයේ පිහිටි ඉඩමකදී පණ පිටින් වළ දමා තිබීයදී සොයා ගැනිමට හැකි වූ බව ‘‘සත්ව අයිතීන් සුරකීමේ බළකායේ‘‘ සභාපති අමිල විජේරත්න මහතා පවසයි. 17 July 2017
අනුරාධපුරයට පානීය ජලය මහවැලියෙන් ගෙනෙයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින දැඩි නියඟය හේතුවෙන් වැව් විශාල සංඛ්‍යාවක් සීදි යාම නිසා පානිය ජලය ලබා ගැනීමට අසීරු බව ප්‍රදේශවාසීහු පවසති. 17 July 2017
රෝහල රජයට ගැනීම විසඳුම නොවෙයිලු නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමෙන් සයිටම් අර්බුදයට විසඳුමක් නොලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 17 July 2017
හිටපු ප්‍රවාහන ඇමැතිගේ ප්රතිශෝධන අයැදුම්පත විවාදය 20 වැනි දා අල්ලස් කොමිසමෙන් තමාට එරෙහිව පවරන ලද නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කිරීම ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලා හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා ඉදිරිපත් කොට ඇති ප්රතිශෝධන ඇයැදුම්පත සම්බන්ධයෙන් විවාදය සැප්තැම්බර් 20 වැනි දා සිදු කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (17) තීරණය කළේය. 17 July 2017
ජනපති - අගමැති උසාවි එන්න බෑ කියති එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්කි දීමට රාජකාරීමය හේතූන් මත අද (17) අධිකරණයට පැමිණීමට හැකියාවක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු නීතීඥවරයෙකු මාර්ගයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතාට අද (17) දැනුම් දුන්නේය. 17 July 2017
සංචාරක හා සංවර්ධන අධිකාරියේ නව සභාපති වැඩ අරඹයි ශ්‍රී ලංකා සංචාරක හා සංවර්ධන අධිකාරියේ නව සභාපති ලෙස කාවන් රත්නායක මහතා එම ධුරයේ වැඩ භාරගැනීම කොළඹ ශ්‍රී ලංකා සංචාරක හා සංවර්ධන අධිකාරියේ දි අද (17) සිදුකෙරිණි. 17 July 2017
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනෙයි මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ කටයුතු අද(17) පෙරවරුවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහලේ දී සිදු කෙරිණි. 17 July 2017
උඩරට දුම්රිය මාර්ගයේ පාලම අලුත්වැඩියාවට සති තුනක් උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ කොටගල අතර අඩි හැටේ පාලම මතදි ඉකුත් (13) වැනි දා රාති‍්‍ර තැපැල් දුම්රියේ මැදිරි හතරක් පීලිපැනිමෙන් අලාභ හානි වු අඩි හැටේ පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු කුඩා දුම්රිය දොඹකරයක සහයෝගය ලබා ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු පාලම් ප්‍රධාන ඉංජිනේරු රංජිත් විජේසිරි පැවසීය. 17 July 2017
වීරකැටියේ දෙපිරිසක් ගැටී තරුණයකු මරුට වීරකැටිය නගරයේ දී අද(17) අලුයම දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිදුවූ පිහි ඇනුමක දී තරුණයකු මියගොස් තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇතැයි පොලිසිය පවසයි. 17 July 2017
ඩෙංගු මර්දනයට උතුරත් සැරසෙයි ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව උතුරේ සෞඛ්‍ය නිලධාරීන් පොලීසිය මෙන්ම සාමාන්‍ය ජනතාව ද ඩෙංගු උවදුර මර්දනය කිරීමට විවිධ වැඩසටහන් ආරම්භ කොට ඇත. 17 July 2017
ඉන්දීය ධීවරයින් 4ක් අත්අඩංගුවට නීති විරෝධී ලෙස මෙරට මුහුදු සිමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 17 July 2017
112 වැනි බන්ධනාගාර දිනය සමරයි 112 වැනි ජාතික බන්ධනාගාර දිනය සමරමින් රට වෙනුවෙන් ජීවිතය පුජා කළ බන්ධනාගාර නිලධාරීන් සිහිකර ඔවුන් වෙනුවෙන් පුෂ්පෝහාර දැක්වීමේ අවස්ථාවක් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදී අද සවස පැවැත්විණ. 16 July 2017
ඉන්දියා විදේශ ඇමැතිගෙන් තමිල්නාඩු ධීවරයන්ට දොස් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් දේශසීමාව පසුකරන ඉන්දීය ධීවරයින් නිකරුණේ අත්අඩංගුවට නොගන්නා බව ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය සඳහන් කර ඇතැයි ඉන්දියාවේ පළවන ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත අද (16) වාර්තා කළේය. 16 July 2017
පුංචි ඡන්දය නොවැම්බර් අග සතියේ පළාත් පාලන මැතිවරණය නොවැම්බර් අවසන් සතියේ පැවැත්වීමට දේශපාලන පක්ෂ නායකයන් එකඟත්වයට පැමිණ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි. 16 July 2017
හදවත දන්දුන් දරුවාගේ මාපියෝ ජනපති හමුවෙති මෙරට ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම සඳහා තම දරුවාගේ හදවත ලබාදුන් මවුපියන් දෙදෙනා අද (16) මහනුවර ජනපති මැදුරේදී මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවිය. 16 July 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026