හිරාන් ප්‍රියංකර ජයසිංහ
කල්පිටිය දූපත් වාසින් තම ඡන්දය භාවිතා කිරීමට මොහොත්තුවාරම දුපතේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානය වෙත ධීවර යාත්‍රා සහ ට්‍රැක්ටර් මගින් පැමිණ ඡන්දය පාවිච්චි කළේය.
කල්පිටිය දූපත් වලල්ට අයත් බත්තලංගුණ්ඩුව , පල්ලියවත්ත, උච්චමුණේ,කිරිමුන්දලම ,තොරපාඩුව දූපත් වාසින් මෙසේ ධීවර යාත්‍රා මගින් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ තිබේ.
මොහොත්තුවාරම ඡන්ද මධ්‍යස්ථානයේ මෙම දූපත් වාසින්ගේ ඡන්ද 714 කට ආසන්න ප්‍රමාණයක් තිබේන බවත් ඒ ඡන්ද දායකයින්ට තම ඡන්දය භාවිතා කිරීම සඳහා පැමිණිමට ධීවර යාත්‍රා සහ ට්‍රැක්ටර් පහසුකම් ( 9 ) උදෑසන සිට ලබා දි තිබේ.
ඇතැම් පිරිස් ලබා දි තිබු ප්‍රවාහන පහසුකම් ලබා ගෙන තිබුනද ඇතැම් ඡන්ද දායකයින් ඔවුන්ගේ පුද්ගලික ධීවර යාත්‍රාවලින් මොහොත්තුවාරම ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ සිටි බව කල්පිටිය ප්‍රාදේශීය ලේකම් චතුර ජයසිංහ මහතා පැවසිය .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd