පුලතිසිපුර විද්‍යාපීඨ මධ්‍යස්ථානයෙන් අනෙකුත් මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි බෙදාහැරීම සඳහා දරුවකු යොදා ගැනීම සම්බන්ධයෙන් ලංකාදීප එසැණ පුවත් කරන ලද අනාවරණයකට පසු විමර්ශනයක් ආරම්භ කළ බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
ඡන්ද පෙට්ටි නිකුත් කරන අවස්ථාවේ පැවති කඩිනම් තත්ත්වය හේතුවෙන් කාර්යමණ්ඩලයට එය නිරීක්ෂණය නොවු බවත් පසුව අදාළ දරුවා එම ඡන්ද මධ්‍යස්ථානයෙන් ඉවත් කර වෙනත් පුද්ගලයකු යෙදවීමට කටයුතු කළ බවත් එම කාර්යාලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ළමයා ආසාවට මේ පෙට්ටිය උස්සගෙන යන්න ඇති. මෙය එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි.
අපොයි!!! මේ ගොල්ලෝ හැම කුණු ගොඩක්ම අදිනවා.
මේ කටයුතු භාර නිලධාරියාට පුළුවන් කම්කරුවෙක් සේවයට ගන්න. බොහෝ රජයේ නිලධාරීන්ට අඩු වැටුප් මිසක් වෙනත් ලාභ ප්‍රයෝජන නැති නිසා ජීවත් වෙන්නේ අමාරුවෙන්. දරුවාගේ කැමැත්තෙන් තාත්තාගේ සුළු සේවකයා ලෙස යනවා. කම්කරුවාගේ ගාස්තුව තම පවුලේ වැඩ වලට ගන්න හැකි නිසා දරුවන් මෙයට එන්නේ කැමැත්තෙන්.හිස් ඡන්ද පෙට්ටියක් උස්සන එක අපරාධයක් නෙමෙයි. (පිට රටවල ඕනේ තරම් ළමයි සුළු රැකියා කරනවා පාසල් යන ගමන්. මෙය ළමා හිංසනයක් නෙමෙයි.)