( ඔගස්ටින් ප‍්‍රනාන්දු )
මැතිවරණ රාජකාරි සඳහා වාර්තා නොකළ බව කියන හලාවත පොලිසියට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයකුගේ සේවය හැර ගියා සේ සලකා ලිපියක් නිකුත් කර ඇති බව පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති චමිපික සිරිවර්ධන මහතා කීය.
මෙම නිලධාරියා මැතිවරණ රාජකාරි සඳහා අනුයුක්ත කර සිටි බවත් ඊයේ (9) වනතුරු ඔහු රාජකාරියට වාර්තා නොකළ බැවින් ඔහු සේවය හැර ගියාසේ සලකා හලාවත සහකාර පොලිස් අධිකාරි කිර්ති බන්ඩාර මහතා විසින් ලිපියක් නිකුත් කරනු ලැබූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
එම පොලිස් පරීක්ෂකවරයා දින කිහිපයක සිටම දැනුම්දීමකින් තොරව සේවා කටයුතුවලට වාර්තා නොකළ බවත් ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මිනිහා ඉන්නවාද මැරිලද කියලා හොයා බලන්නේ නැතිව වැඩ තහනම් කරපු එකනම් අපුරුයි .