ඕසෝන් ස්ථරයට හානි කරන භාණ්ඩ ආනයනය තහනම්
ශීතකරණ, වායු සමන යන්ත්ර ඇතුළු මොන්ට්රියල් සම්මුතියේ සඳහන් ඕසෝන් ප්රහීනකාරක සහිත උපකරණ කාණ්ඩයට අයත් භාවිත කළ හෝ අලුත්වැඩියා කළ උපකරණ ආනයනය වහාම ක්රියාත්මක වන පරිදි තහනම් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.