(චතුර එස් .කොඩිකාර )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අද(12) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ දී පැවැත්වෙන අතර ඒ සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පැමිණි අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගණවර්ධන මහතා විසින් ඒ මහතා ව පිළිගනු ලැබීය .





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් එක පක්ෂයක සාමාජිකයෙක් වේශයෙන් ඉඳගෙන ඒකට දිනන්න උදව් නොකර, තවත් පක්ෂයකට විවෘතව උදව් කරලා, ස්ටේජ්වල කතා කරලා ඒක දිනවන පුද්ගලයාට අපි නම් කියන්නේ පක්ෂද්‍රෝහී කියලයි.
මට තේරෙන්නේ නැත්තේ, පක්ෂේ නායකයා මහින්දද? මහින්දවම ඉස්සරහට දාන්නේ? ඔයිට කලින් කිවුවේ පක්ෂේ නායකයා ජි එල් කියල කිවුව, බැසිල් කියල කිවුව.
මහජනතාවගේ බලය තමයි හැම එකටම වඩා වැදගත්. මහින්ද වගේ විශාල දේශපාලන හස්තයක් සුළුකොට තැකීම යූ ඇන්පිය සහ මෛත්‍රී පාර්ශවය කරගත් ලොකු මෝඩ කමක්. රනිල් මහත්තයා මීට කලින් බිහිකල හැම ආන්ඩුවක්ම අස්ථාවරයි. ර
පොහොට්ටුව දිනලා ඉවරයි. බහුතරයකගේ මතය පොහොට්ටුව. ඡන්දෙ දුන්න අය දන්නවා නායකයා කවුද කියලා. නිදහස් පක්ෂයට ද්‍රෝහිවුනේ කවුද කියලා මේ ප්‍රතිපල වලින් පැහැදිලි වෙනවා.
කලින් පක්ෂය කඩාගෙන ගියේ සිරිසේන කියලා දන්නේ නැත්තේ ඇයි? ඉතින් මොකද වෙන්නේ? ඊටත් කලින් චන්ද්‍රිකා නෝනා පක්ෂය කැඩුවා, අනුර පක්ෂය කැඩුවා ඔක්කෝටම පෙන්නේ මහින්ද පක්ෂය කැඩුවාම විතරයි. අලුත් එකත් හදලා දිනලත් පෙන්නුවා වෙන අයගේ උදව් නැතුව...
කපිල මහත්තයෝ, ඔබතුමා කියන විදිහට අපේ ජනපති සිරිසේන මැතිඳුන් ද්‍රෝහියෙක් කියලද කියන්නේ? මොකද මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරැද්දුවේ එතුමනේ...
ජනමාධ්‍ය නිදහස දඩමීමා කරගනිමින් සමහර මාධ්‍ය ආයතන මඟින් බොහෝ අවස්ථාවල අසාධාරණව සහ අතිශයෝක්තියෙන් මෙන්ම පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීමේ වුවමනාවට පවතින පාලනයේ දුර්වලතා හතර පස් ගුණයක් ඉස්මතු කරමින් කල පුළුල් ප්‍රචාරයන් නිසා මහජනයා තුල රජය සහ විශේෂයෙන් සමහර පක්ෂ නායකත්ව පිළිබඳව වැරදි ආකල්පයක් ගොඩනැගුණු කරුණ මෙම අසාමාන්‍ය මැතිවරණ ප්‍රතිඵලයට හේතුභූත වන්නට ඇත. මැතිවරණයකදී මෙලෙස සියලු පක්ෂ සෝදාපාලුවට ලක්කරමින් එක කණ්ඩායමකට තනි දිනුමක් ලබාගැනීමට හැකිවෙයි සිතිය හැකි නොවේ. එක පක්ෂයක සාමාජිකත්වය තියාගෙන තවත් පක්ෂයක ප්‍රවර්ධන කටයුතු කිරීම පක්ෂ විනය විරෝධී මෙන්ම පක්ෂද්‍රෝහී කටයුත්තක් නිසා එම පක්ෂ නායකත්වය එවැනි පුද්ගලයින් පක්ෂයෙන් නෙරපා හැරීමට කටයුතු නොකර විනය විරෝධීන් හට දඬුවම් දෙනවා යැයි කියමින් කල් මරමර සිටීම නම් අභිරහසකි.
සිරිමල් ... මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලද හිතන්නේ. ආණ්ඩුව පැරදුනේ එයාලගේ වැරදී නිසා... හිතේ දුකට එතකොට කවි කිය වෙනවා ...!
පැය කීයද ගියේ පොහොට්ටු දැන් පිපිලා .
දුක යනු තවමත් මෝඩ. ලනු දෙන බුරු රැල ප්රිවරගෙන සිටීමි. එම නිසා දැන්වත් මොවුන්ගෙන ඈත්වෙන්න, ඔබතුමාගේ පෞර්ශයත්වයට අබමල් රේණුවකින් ලංවිය නොහැකි මොවුන්ව පන්න දැම්මන.
"එක පක්ෂයක සාමාජිකත්වය තියාගෙන තවත් පක්ෂයක ප්‍රවර්ධන කටයුතු කිරීම පක්ෂ විනය විරෝධී මෙන්ම පක්ෂද්‍රෝහී කටයුත්තක් නිසා එම පක්ෂ නායකත්වය එවැනි පුද්ගලයින් පක්ෂයෙන් නෙරපා හැරීමට කටයුතු නොකර විනය විරෝධීන් හට දඬුවම් දෙනවා යැයි කියමින් කල් මරමර සිටීම නම් අභිරහසකි." නැත. එයනම් අනිත් පක්ෂයේ සභාපති කම දැරීමට තරම් සුදුසුකමකි. මතකද ජනාධිපති සිරිසේන කල දේ.
පළාත් පාලන ආයතන වැඩි ප්‍රමාණයක් දිනුවට රටේ ජනතාව වැඩි පිරිසක් ඉන්නේ පොහොට්ටුවට විරුද්ධ පැත්තේ නොවේද? .පරික්ෂාකර බලන්න.
නෙළුම් මල් මිටක් දුන්නා නම් තවත් අර්ථවත් වෙයි...
මහින්ද මහත්තයෝ ඔබ තුමා ඔය ලග ඉන්න හොරු ,මදාවි,තක්කඩි ,පාහරයෝ ටික එලෙව්වොත් අපිත් ඔය පැත්තේ.
කව්රු කෙසේ කිව්වත් මෙය මහින්ද රාජපක්ෂ මහතා විසින් තනිව ලබාගත් ජයග්‍රහණයක්. එම ජයග්‍රහණය අගය කල යුතු දෙයක්.
මේ තිබ්බේ ප්‍රාදේශීය හා නගර සභා ඡන්දයක්, ජනාධිපතිවරණයක් නෙවේ. පොහොට්ටුවෙන් දිනුව අය දැන් කල යුත්තේ අනුන්ට පේන්න බජව් දාන එක නෙවේ ගමට බැහැල ජනතාවට සේවය කරලා හැමෝම දිනා ගන්න වැඩ පිළිවෙලක් හදන එකයි. ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු වෙන්න. ජනාධිපතිවරණයක් තිබුනානං පරාද බව පේන්නේ නැතිද ? 45% බහුතරය නොවන බව ඔලු ටිකට දාගන්න. නාමල්ට සහ පවුල් සමාගමට නිහතමානිව කට වහගෙන වැඩ කරන්න උගන් වන්න. නැත්තන් පොහොට්ටුව පිපෙන්න කලින් පරවෙන බව මතක තියා ගන්න.
මොන්ටිසෝරි වත් ගිහිල්ලා නැති අදහස් දමන්නෝ තවත් ඉන්න බව නම් පේනවා. 49% සහ 32% න ලොකු 32% කියන කැබිනට් ඇමතිවරු ඉන්න රටක ඕකත් මොකක්ද.?
අපි ගොනාට ගොනා අපිට. ගොනා 1. හිතුව 10000 ගන්නේ පඩිවැඩිකරලා අපේ චන්දෙ ගන්න. මගේ ගෙදර හතර දෙනෙක් රජයේ සේවකයෝ. රුපියල් 40000ක් පඩි වැඩි කරපුහම කොහෙද අනේ සල්ලි තියන්නේ. මේක හරි කරදරයක්නේ. අපිට පරණ පඩිය තිබුනොත් හොඳටම ඇතිනේ. අපිව තම්බන්න පඩි වැඩිකරාට හොඳ සබ්බුව. ගොනා 2. එකනේ. රජතුමා හොරළු . එයා දුබි බැන්කුවේ දැම්මේ අපේ සල්ලිය ? එයා මිග් එහෙම විකුණලා අමාරුවෙන් ගත්ත සල්ලිනේ. ඒවා එයාගේ නැත්නම් ආණ්ඩුවේ . අපේ සල්ලි නෙවේනේ. ඉතින් මොන බැංකුවේ දැම්මත් අපිට මොකෝ? ඒ වගේද බෙදුම්කරේ? උන් හොරකම් කලේ අපේ අර්ථසාධකේනේ?. හොර හැත්ත. ගොනා 3. එ්කනේ. අර රාජිත කියනවා බෙහෙත් 42කක මිල අඩු කලාලු? එයා කව්ද රජතුමා නියම කරලා තිබුණු මිල අඩුකරන්න? පපුවේ අමාරුවලට දාන මොකක්දෝ එකක මිල ලක්ෂයක් අඩුකළාලු. පිස්සා. මොළයක්වත් නැති අපිට පපුවක් මොනාටද ? මෝඩයෝ.
සිරිමල් ඔබගේ කතාව සම්පූර්ණ සත්‍යයකි. මේ මාධ්‍ය නිදහස අනවශ්‍ය අයුරින් භාවිතය නිසා සාමාන්‍ය ජනයා මුලා වෙනවා පමණක් නොව එය යම් යම් අයගේ පෞද්ගලික අභිමතාර්ථයන්ට ඉනිමන් තැබීමකි. අවසානයේ රටට නම් සෙතක් නැතේ.
රත්තරන් බෝලෙට වැඩිය මෙදා රත්තරන් බෝල තියන වළල්ල වැඩ කරලා වගේ.