චන්දිමාල්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට වැළඳී ඇති වෛරස් උණ හේතුවෙන් ඉන්දියාව සමගින් පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය ඔහුට අහිමී යනු ඇතැයි වාර්තා වේ. අසනීප තත්වය හේතුවෙන් ඊයේ (20 වැනිදා) පැවැති මාධ්‍ය හමුවටද දිනේෂ් චන්දිමාල් සහභාගී නොවූ අතර ඒ සදහා එක්දින සහ විස්සයි20 කණ්ඩායම් හී නායක උපුල් තරංග සහභාගී විය.