සිරාජ් හසීම්
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයැයි දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනයාගමූර්ති මුරලිතරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.
යුරෝපා රටක් තුළ මැතිවරණයකින් මෙවන් ජනමතයක් ලැබී ඇතිනම් එම රටවල්හි නායකයින් සිය තනතුරුවලින් ස්වේච්ඡාවෙන්ම ඉවත්ව යන බවද කරුණා අම්මාන් මහතා තවදුරටත් කියා සිටියේය.
පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් දෙමළ එක්සත් නිදහස් පෙරමුණ මඩකලපුව කිරාන් ප්‍රදේශයේ (13) වැනිදා පැවැත්වූ ජනහමුවකදී කරුණා අම්මාන් මේ අදහස් පලකර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහසද් දැක්වූ කරුණා අම්මාන් මහතා මෙසේද කිය.
‘‘ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රමුඛත්වයෙන් යුත් පක්ෂය පළාත් පාලන මැතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබනවා කියල මම මීට මාසයකට කලින්ම මාධ්‍ය හමුවේ පැවසුවා.යුරෝපා රටක අද මේ ලංකාවේ පැවති ඡන්දයේ ප්‍රතිඵලය ලැබී තිබුනේ නම් ඔවුන් විසින්ම තනතුරුවලින් ඉල්ලා අස්වෙලා ඇති.
ශ්‍රීලංකාවේ පළාත් පාලන ආයතන 340න් 239කම බලය ශ්‍රීලංකා පොදුජන පෙරමුණ වෙත හිමිවුනා.
මෙම මැතිවරණයේදී මහජනතාව නිසි ලෙස සුදුසු විදිහට ඡන්දය ප්‍රකාශ කරල තිබෙනවා.අපගේ පක්ෂය වන දෙමළ එක්සත් නිදහස් පෙරමුණද මඩකලපුව දිස්ත්‍රීක්කයේ ආසන හතක් ජයග්‍රහණය කලා.
මෙය අප පක්ෂය ලැබූ ජයග්‍රහණයක් කියල කියන්න කැමතියි.අපි අළුත් පක්ෂයක් පිහිටුවාගෙන වසරයි ගතවුනේ.අප පක්ෂය මුහුණදුන් පළමු මැතිවරණයද මෙයයි.අපි ජනමතයට ගරු කරනවා.ඉදිරියේදී ප්‍රගතශීලී දේශපාලන සැලැස්මකින් දේශපාලන ගමන ශක්තිමත් කරගන්නවා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහස් ගණන් අහිංසක මිනිසුන් මරපු, හාමුදුරුවරු ඝාතනය කළ කෙනෙක් නේද මේ? කොහොමද දැන් තත්වේ...
කරපු අපරාධ මතක නැහැ වගේ.... අද උපදෙස් දෙන්න එනවා.
මම නම් කොහෙවත් දැකල නැහැ වැද්දන් බණ කියනවා. අනික තව කෙනෙකුට අණ කරන්න තමන්ට හැකියාවක් තියෙන අතීතයකුත් තිබිය යුතුයි..
හා හා... දැන් එතකොට ලංකාවේ දේශපාලන තීන්දු ගන්නේ කරුණා කියන විදිහටයි.
ඔබ වැනි මිනීමැරුම් දහස් ගණනකට වගකිව යුතු ත්‍රස්තවාදියෙක් යුරෝපා රටක හිටියා නම් මෙලහකට විදුලි පුටු 100ක වාඩි කරලා...
කවුද අප්පා මෙයාට බුලත් දුන්නේ?
මෙයාට ආයෙත් තැන ලැබීගෙන එන බවකුයි පෙනෙන්නේ...
පොහොට්ටුවට ජය වේවා!!! මෙවැනි මහත්වරුන් සිටින...
අර පොඩි ප්‍රාදේශීය ඡන්දෙ දින්නා විතරයි, කොහෙද හැංගිලා හිටපු පරණ කොටිත් දැන් දේශප්‍රේමී සිංහල බෞද්ධ ගොඩේලු. අනේ අර ජාතිමාමක දේශ හිතෛෂි කියල ඡන්දෙ දීල තියෙන්නේ. බලාගෙන ගියාම මෙයාට ඇතුළු නඩේටත් එක්කමනේ..
මේ පුද්ගලයාගේ හොඳ පැත්තත් දකින්න බලන්න. අංගුලිමාලත් රහත් වුණානේ.
රටේ ස්වාමීන් වහන්සේලා, අහිංසක කුඩා දරුවන්, නිරායුධ ජනතාව බුරුතු පිටින් ඝාතනය කරපු අයෙකුට ගිය කල, ඔබ මේ රටට කරපු වැඩ නිසා ඔබට මේ රට ගැන කිසිම දෙයක් කතා කිරිමට අයිතියක් නැති බව තරයේ හිතට ගන්න.
අනේ ලංකාවට ගිය කල
සම්පුර්ණ ඇත්ත. මෙයා කියන විදියට තමයි ලංකාවේ සියලු දෙනා වැඩ කලයුත්තේ.
පළාත් පාලන ඡන්දෙ තිබ්බා, දිනුව අය දිව්රුම් දීලා වැඩ පටන් ගන්න, මහා මැතිවරණය නියමිත කාලයට පවත්වන්න පුළුවන්, පැවතුන ආණ්ඩුව ඒ විදිහටම ඉදිරි වැඩ කටයුතු කරගන යන්න, මේගොල්ල ළදරුවෝ වගේ රණ්ඩු කරගන්නවානේ, මාධ්‍ය ආයතන මේගොල්ලන්ව අවුස්සන්නේ කොටවන්නේ නැතුව හිටියොත් හොඳයි, ඇත්තටම රටේ දේශපාලනය කරන අයගේ පරිනත භාවය ගැන ගැටලුවක් මේ වෙනකොට මහජනතාව ගේ හිතේ ඇතිවෙලා .
කවුද මේ අනේ ඇත්තටම? කවුද මේ උපදෙස් දෙන්නේ?
මේ තිබ්බේ පළාත් පාලන ඡන්දය, මේකෙන් කරන්නේ ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා වලට නියෝජිතයින් තෝර ගැනීම සහ සභාපතිවරු, නගරාධිපතිවරු පත් කිරීම, එහෙම නැතිව මෙය මහා මැතිවරණය හෝ මහා මැතිවරණය දැන් පැවැත්විය යුතුද යන්න තීරණය කරන ජනමත විචාරණයක් නොවෙයි.
දැන් සමහරක්ට මේ කොටියාව ලොකු වෙලා වගේ. මෙයා නැත්නම් යුද්ධය දිනන්න බැහැලු. අනේද කියන්නේ? එතකොට යුද්ධය දින්නේ මෙයා නිසා. අපේ එඩිතර කොල්ලෝ, කෙල්ලෝ නිසා නෙමේ.... ඔව් ඔව් හොඳටම විකාර වැහිලා... මේ පළාත් සභාවක් නිසා... ඉවසන්න මහා මැතිවරණක් එනකම් හොඳේ..
බමුණු ආරච්චි , ඔබගේ අදහසට මම එකග නෑ. මේක සිදුවුනේ මෙයා මේ රජයට එකතු වූ නිසා නොවෙයි ,..
ජනපති කමට හොඳම සුදුස්ස මමයි
මේ ද්‍රෝහියා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කිසිම දෙයක් ගැන දැනුමක් නැති අඥානයෙක් බවයි පෙනෙන්නේ. මොහු යුද්ධ අපරාධ වෙනුවෙන් සිර දඬුවම් ලැබිය යුතු කෙනෙක් පොහොට්ටුවන්ට නම් නියම රණවිරුවෙක් වගේ පේනවා ඇති !
අයියෝ එහෙම කියන්න එපා. ඒකාලේ ප්‍රශ්න වුණා තමයි. ඒවාට සමාව දීලා මහින්ද මහත්තය එයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ උප සභාපතිකම දුන්නනේ..