අජන්ත කුමාර අගලකඩ
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට (15) පස්වරුවේ කොළඹට කැඳවනු ලැබ ඇත.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ හෙට සවස 3.00ට පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහා ශ්‍රිලනිප ආසන සංවිධායකවරුන් මෙසේ කැඳවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
වර්තමාන දේශපාලන තත්ත්වය හා ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ යාන්තම් 8% ක් ගත්ත ලැජ්ජාවට ඉල්ලා අස්වෙන්න වෙන්න ඇති...
අනේ!!! ඒ අයව ගෙන්නලා, පැය ගාණක් ප්‍රශ්න කරයිද?
අනේ ඒ අයව ගෙන්නලා පැය 5ක් විතර බනියි. රට විනාශ කළේ මහඅයවලුන් කියලා තාම පිළිගන්නේ නැත. හොර සංවිධායකයින්ටත් නියම පරිප්පුව. අර ගල උඩ මොනවද කරපු බළල්ලු වගේනේ, ... ගොඩ වහ ගන්න විදියක් නැතුව නහිනවා.
නැහැ නැහැ... ඔබගේත්, මගේත් මුදලින් තවත් බෝජන සංග්‍රහයක් භුක්ති විඳලා විසිර යාමට හැර, වෙන මුකුත් නැත. මේ ඔක්කොම පිං මාමලා පිනටම ජීවත්වෙන රැලකි.
අනේ අපිත් හිතුවේ කෙළින් වැඩකරන ජනාධිපති කෙනෙක් කියලා. ඔලුව කස කසා ඉන්නවා මිස, කෙලින් වැඩක් නැහැ. මට නම් හිතිලා තියෙන්නේ, රටේ විධායක ජනාධිපතිට වඩා ගමේ ග්‍රාමසේවක මහත්තයගේ වැඩ කෙලින් කියලයි. මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ රට බාර දීලා වැඩක් බලාගෙන ඉන්න මහත්තයෝ. ඡන්ද ක්‍රමයත් වෙනස් කරලා, මන්ත්‍රී සංඛ්‍යාවත් දෙගුණ කරලා අනුන්ට පත්කරලා දුන්න අයටත් දැන් මේ රටේ අහිංසක ජනතාවට නේද පඩි ගෙවන්න සිද්ද වෙන්නේ?
අද ආණ්ඩුව පත්ව ඇති සුළුපටු අපහසුතාවයෙන් ගොඩ එ්ම සඳහා ගන්නා ලද ඉතාම කාලෝචිත පියවරක්... ජනාධිපතිතුමනි, මේ ගොල්ලෝ තමයි සේරම අනා ගත්තේ. යසට දිනාගන්න තිබුණු ඡන්දෙනේ. දැක්කේ නැද්ද රැස්වීම්වල හිටිය සෙනඟ? ඇහුනේ නැද්ද යූ.එන්.පී කාරයින්ට කනේ ඇඟිලි ගහගන්න දීපු මාර ටෝක්ස්. අපරාදේ. මේ ගොල්ලෝ සේරම ආවට පස්සේ පන්සිල් අරගෙන ඉවර වුණාම අර මඬු වලිගය අරන් හොඳට වනලා හොඳවයින් දෙකක් කතා කරන්න. ආයේ මේවගේ මොට්ට වැඩ නොකරන්න.
මේ දේශපාලකයින් හින්දා මේ කපේට අපේ රටනම් සංවර්ධනය කරන්න බෑ. මේ කට්ටිය හිතන් ඉන්නේ හොඳම දේශපාලකයින් මේ අය කියලා. අයින් වෙන්නෙත් නෑ. අලුත් පරම්පරාවේ ඉන්න නවීන්, රුවන්, වසන්ත වගේ කෙනෙක්වත් ඉස්සරහට අරන් නායකත්වයට යොමු කළොත් අනාගතේදීවත් රටට සැබෑ නායකයෙක් හදා ගන්න පුළුවන් වේවි. මොනවා වුණත් රංජන් රාමනායකත් ඒ ඇමති මණ්ඩලයේ තියා ගන්න.
මඩගොහොරු දේශපාලනය පිළිකාවක් වගේ මුළු රටම වෙලාගෙනයි ඉන්නේ...