ශ්රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සින්ග් සන්දු අද (13) පස්වරුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හමු වී ඇතැයි වාර්තා වේ.
ඉන්දීය මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා හා අග්රාමාත්යවරයා හමු වී ඇත්තේ වෙන වෙනමය. ඉන්දියාවේ නව විදේශ ලේකම් විජේ ගෝක්හාලේ හමුවීම සඳහා නවදිල්ලි නුවරට යෑමට පෙර මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා හා අග්රාමාත්යවරයා හමු වී ඇත.
මෙම හමුවීම් කලින් සැලසුම් කරන ලද ඒවා යැයි ද මෙම හමුවීම් සහ ශ්රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය හා කිසිදු සම්බන්ධයක් නැතැයි ද විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.
නායකයන් දෙදෙනා සහ මහ කොමසාරිස්වරයා අතර පැවැති සාකච්ඡාවලදී ද්විපාර්ශවීය කරුණු සහ අන්යෝනය සබඳතා පිළිබඳ සාකච්ඡා වී ඇතැයි ද වාර්තා වේ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ ඔය එන්නේ බළලා මල්ලෙන් එලියට.
බොහොම උනන්දු වෙනවා වගේ? රනිල් එක්කල එකඟවුණු විදියට අපේ රටේ ආර්ථිකය දියුණු කරන්න පසුගිය අවුරුදු දෙකේම එකඟ නොවී දැන් උත්සහ කරනවා තව දුරටත් රට අස්ථාවර කරන්න.
අපි ඉන්දියාවේ ප්රාන්තයක් නෙවෙයි අපේ ප්රශ්න අපි විසදගමු.
කොහොමද ඊටීසීඒ එක ප්ලෑන් කරලා තියෙන විදිය... රටම නැති කරන්න හදන්නේ ඉන්දියාවත් එක්ක අපේ ජෝඩුව එකතු වෙලා.
ඒ පාර ඉන්දියන්කාරයා මොන ගැටයක් ගහන්න හදනවද දන්නේ නැහැ! අපේ රටේ වැඩ, අපේ ප්රශ්න විසඳගන්න අපට ඉන්දියාව ඕනෑ නැහැ කියන්න.