විනිතා එම් ගමගේ
පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසත්, වහාම මේ මැතිවරණ ක්‍රමය අහෝසි කර ගැලපෙන ක්‍රමයක් ඉදිරිපත් කරන ලෙසත් වෘත්තිය සමිති රජයට බලකර කියා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණි ලොකුගේ මහතා කියා සිටියේය.
රජය භාර ගත යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා යැයි ජනතාව තීරණය කොට හමාර බැවින් ආණ්ඩුව ඉල්ලා අස්වී වහා මැතිවරණයකට යායුතු යැයි ද හෙතෙම සඳහන් කළේය.
ලොකුගේ මහතා මේ අදහස් පළ කළේ බත්තරමුල්ල, නෙළුම් මාවත ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (14) පපැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තිය සමිති මධ්‍යස්ථානය මඟින් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ ලොකුගේ මහතා මෙසේ ද පැවැසීය.
‘‘ වත්මන් රජයේ වැඩ පිළිවෙළ වැරදියි කියා තැපැල් ඡන්දයේ දීම රජයේ සේවකයන් දන්වා තිබෙනවා. තැපැල් ඡන්දයේ සියයට 70 ක් විතර ලැබී තිබුණේ පොහොට්ටුවටයි. ඒ වගේම රටේ බහුතර ජනතාවත් පොහොට්ටුවට ඡන්දය දුන්නා.
මේ මැතිවරණ ක්රමයේ ඇති විකෘති භාවය මේ මැතිවරණයේ දී පෙනී ගියා. ශක්තිමත් පළාත් පාලන ආයතන පිහිටුවන්න බැරිවෙලා තිබෙනවා. ඇප මුදල් රාජසන්තක වූ අපේක්ෂකයන් මන්ත්‍රී වෙන ක්‍රමයක් මේ . ආසන නො දිනු ජවිපෙට මන්ත්රීකම් දෙන අතරේ දිනු අයට බෝනස් නැතිවෙලා තිබෙනවා.
ලැයිස්තුවේ නැති පරාදවුණ අපේක්ෂකයෝ ලැයිස්තු මන්ත්‍රිවරුන් ලෙස ගත්තොත් වෙන්නේ ඉදිරියේ දී ලැයිස්තුවට දාන්න කෙනෙක් දා ගන්න බැරිවෙන එකයි.
මේ ආණ්ඩුව එදා ඉඳල කළේ ජාතික සම්පත් විජාතිකයින්ට විකුණන එකයි, දේශපාලන පලිගැනීම් කරන එකයි, රැකියා අහිමි කරන එකයි විතරයි. කම්කරු අණ පනත්වල තිබෙනවා වෘත්තිය සමිති නායකයින් මාරු කරන්න බැහැ කියලා. ඒත් ඒක නොදන්නවා වගේ වැඩ කළේ.
වැඩිකල් නොගිහින් ජනාධිපති තීරණය කරාවි ජනවරම අහෝසියි කියලා. ඒ නිසා මැතිවරණයකට ගිහින් නව ජනවරමක් ගන්න සුදානම් විය යුතුයි. ‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ලොකුගේ.... ඔයාලා රට පාලනය කරන කාලේ ඔක්කොම හරියටම වුණා වගේ උඩ පනින්නේ නැතුව ඉන්නවද...? ඔයාලවත් ආණ්ඩු බලයෙන් පැන්නුවේ මේ පාර ඔයාලටම ඡන්දෙ දීපු ජනතාවමයි. එ්ක හොඳට මතක තියාගෙන ඉදිරියට වැඩ කළොත් හොද වෙයි. අනිත් එක මොන ලෝකෙද තියෙන්නේ එක ඡන්දයක ප්‍රතිඵලය නිසා අනිත් ඔක්කොම මැතිවරණ නියමිත කාලයට වඩා කලින් ආපහු තියන්න ඕනේ කියලා...? නිකන් රටේ මිනිස්සුන්ගේ සල්ලි ඔහෙලගේ බල තණ්හාවට පාවිච්චි නොකර හිටියොත් තමයි හොඳ...
වහෙන් හොරෝ නැතුව කෙලින්ම කියන්නකෝ "මේ මැතිවරණ ක්‍රමය අහෝසිකර මහින්ද මහත්තයාට හැමදාම බලේ ඉන්න පුළුවන් " ක්‍රමයක් ගෙනෙන්න කියලා. අහවරයිනේ වැඩේ...
මේ කථාකරන්නේ ජා. සේවක සංගමය මෙහෙයවපු 80 වර්ජනයේ දී ලක්ෂ ගාණක් කම්කරුවන් ගෙදර යවපු පුද්ගලයාමද?
දැන් ඔහොම කියන්නේ මේ ක්‍රමය හැදුවෙත් ඔය කට්ටිය එකතුවෙලා නේ. මොකක්ද ඔය කියන ගැලපෙන ක්‍රමය? අපි නම් ඒ දවස්වල කිව්ව පරාජිතයෝ ඇතුළට ගන්න ලැයිස්තු ක්‍රමය එපා... පක්ෂේ මාරුකළොත් මන්ත්‍රීකම අහෝසි කරන්න ආදී වශයෙන් කෝ කව්රුත් ඇහුවේ නෑ නේ. ඔයගොල්ලෝ ඒවාට කැමති නෑ නේ. දැන් බොරුවට සද්ද නොදා කට වහගෙන ඉන්න.
ප්රජාතන්ත්රවාදයට වඩා එ්කධිපති වහල්බව, තවම මේ අය අගේ කරනවා වගේ...
ඇයි ඊට වැඩිය හොඳයි මේ ක්‍රමය තියාගෙන වෙන ඡන්ද දායකයෝ ටිකක් ගේනවා නම්...!
අඩුම තරමේ තමන්ගේ ආසනයේ මිනිසුන්ටවත් යමක් නොකර හැංගෙන්න තියෙන උවමනාවනෙ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න කියන්නෙ. මොකද, දිස්ත්‍රික්ක මට්ටමෙන්, වියදම වැඩි වුනත්, සොරාකා එය සොයාගන්න පුළුවන්. කොට්ටාශ මට්ටමින් එසේ නොව, වැඩ කළ යුතුයි, එය නොවෙද මේ පවසන්නේ? සොරු කවදද වැඩක් කලේ
සමානුපාතික ක්‍රමය තිබුණත්, කොට්ටාශ ක්‍රමය තිබුණත් ඕනෑම කෙනෙකුට ආකර්ශනීය චරිතයක් ඉස්සරහට දාගෙන දිනන්න පුළුවන්. ඡන්දයේ අරමුණ ග්‍රාමීය සංවර්ධනය, ඡන්දය ඉවර වුණාම ආණ්ඩු පෙරළිය.... ලංකාවේ තියෙන්නේ නම් මහා බහුබූත ක්‍රමයක්... ඡන්දෙ ඉල්ලන අයත් එකයි දෙන අයත් එකයි.
හරි මිනිහෙක් මේ කියන්නේ ප්රජාතන්ත්රවාදය ගැන.... වර්ජනය කරපු, කම්කරුවන්ට ගහපු, දුෂිත දේවල් කරලද අද මේ කතා කරන්නේ...?
මේ අර ඉස්සර හිටපු ලොකුගේද ? නැත්නම් වෙනත් කෙනෙක් වත්ද?
රට ණය කරලා ජොලියෙන් ඉඳලා දැන් පරණ දූෂණ වහගන්න මේ ගොල්ලන්ට ආණ්ඩු බලය ගන්න හදිස්සියි. අනේ ඉතින් අපි තමා ජොලි කරපු ණය ගෙවන්නේ. හිසකෙස් යනකල් රටට කල සේවයක් නැහැ.
මෙම නව ක්‍රමය තුල ආසන බෙද්දී මූලිකවම තියෙන්නේ සමානුපාතික ක්‍රමයමයි. නමුත් ආසනයකට නියෝජනයකුත් තියෙනවා. සරලව කිව්වොත් ආසන ගනණය කරන්නෙ මෙහෙමයි: (1) මැතිවරණ දිස්ත්‍රික්කයක් (මෙම ඡන්දේදී එක සභාවක්) සඳහා එක් එක් කන්ඩායමට ලැබුනු ඡන්ද ගනණට සමානුපාතිකව ආසන ගනණ ගනණ් කරනවා. මේ ආසන ගනණ තමයි එක් එක් කන්ඩායමට අවසානයේ ලැබිය යුතු ආසන ගනණ (2) කොට්ඨාශ දිනලා ලැබුණු ආසන ගනණ ඉස්සරලා සමානුපාතිකව ගනණ් කරපු ආසන ගනණට වඩා අඩු නම් ඒ ගනණ දෙවෙනි ලැයිස්තුවෙන් දෙනවා. නමුත් සමානුපාතිකව ගනණ් කරපු ආසන ගනණට වඩා කොට්ඨාශ දිනලා ලැබුණු ආසන ගනණ සමානනම් හරි වැඩිනම් හරි ලැයිස්තුවෙන් මොනවත් ලැබෙන්නේ නෑ.
මම ලොකුගේ මහතා ඔබගැන කතා කොරන්නේ නැහැ ඔබගේ අදහස ගැන කියන්නම්. දිනන අයට බෝනස් නැතිවීමටත් අනික් අයට බෝනස් වැඩි වීමටත් හදපු ක්‍රමයට ඕගොල්ලෝ කැමති උනා මොකද හදිස්සියේ පැරදුනොත් ඔබලාට වාසිය ලබාගන්න නමුත් ඔබලා දිනුවා බෝනස් නැතිඋනා දැන් අඬනවා . මේකත් අර හෙජින් ගනුදෙනුව වගේ.
මෙතන තියෙන වැරැද්ද කොට්ටාශ ක්‍රමය හා සමානුපාතික ක්‍රමය යන දෙකම පටලවාගෙන අච්චාරුවක් කර ගත්ත එකයි. කොට්ටාශයෙන් පත් වෙන කෙනා සභාවට පත් උනා නම් ප්රශ්නය ඉවරයි. බහුතරයට හෝ සන්ධානගතව සභාවේ බලය පිහිටුවන්න අවශ්‍ය කෙනාට පුළුවන්. 25% කාන්තා නියෝජනයි ලයිස්තුයි ඔක්කොම දාගෙන දැන් ඔලුවේ අත ගහගෙන කල්පනා කරනවා.