(නිමල කොඩිතුවක්කු)
ඡායාරූප - ළහිරු හර්ෂණ

ගණිත විෂය සංවර්ධනය උදෙසා මහඟු සේවයක් සිදුකළ මහාචාර්ය ජේ. ඊ ජයසූරිය මහතාගේ සිය වන ජන්ම දිනය නිමිති කරගෙන සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් අද(14) නිකුත් කරන ලදී.
එය මුද්දර කාර්යංශයේ අධ්‍යක්ෂ එච්. වී. ඩී. අයි අබේවික්‍රම මහතා විසින් කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝ නායක හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ඥානිස්සර නා හිමියන් වෙත කොළඹ පදනම් ආයතනයේදි පිළිගැන්වූහ.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, මහාචාර්ය ජේ. ඊ ජයසූරිය පදනමේ නිර්මාතෘ ආචාර්ය දයනාත් ජයසූරිය ඇතුලු පිරිසක් සහභාගී වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයෙක් සහ සැබෑ මහත්මයෙක්.. පරම්පරා ගණනාවක් සඳහා සිසුන්ගේ ගණිත විෂයට අඩිතාලම දැමූයේ මෙතුමාය. අපි ඔහුට ආචාර කරනවා.
ජේ.ඊ. ජයසූරිය මැතිතුමනි, අපි ඔබට සදා නයගැතියි. ඔබ වැනි ගරු පියතුමන්ලා 100 ගණනින් මෙරට උපදීවායි පතමි. මම ද්විතීය ගණිත සාස්තර පටන් ගත්තේ ඔබතුමාගේ පොත්වලිනි.
අහෝ! ඛේදයකි... ෆොටෝවලට අමතරව මෙතුමා ගැන සටහනක්... දෙන්න
මෙතුමා නොදත් අයට මෙතුමා ගැන දැන ගැනීමට සටහනක් දෙන්න ඉතා වටිනවා.
මෙතුමාට සම කළ හැකි ගණිතඥයෙක් මේ දිවයිනේ තවම පහල වී තිබේද යන්න මට නම් උභතෝකෝටිකයෙකි.
1967 තෙක් වීජ ගණිතය සහ ජ්‍යාමිතිය පොත් තිබුනේ සිංහලට පරිවර්තනය කරපු ඉංග්‍රීසි පොත් පමණයි. ඒ පොත් ගොඩක් ලොකු වැඩි. ඒ වගේම සරල නැහැ. මෙතුමා ගොඩක් විශිෂ්ට පොත් දෙකක් සිංහලෙන් ලිව්වා.
1960 දශකයේ ගණිතය උගත් අපට ඔබතුමාගේ සිංහලට පරිවර්තන කල ගණිත පොත් ඉමහත් රුකුලක් විය. ඔබතුමා සිරිලක විද්වතෙක් වී උපදිත්වා.
මෙතුමාගේ සීඝ්‍ර ජ්‍යාමිතිය සහ වීජ ගණිතය පොත් දෙක සාමාන්‍ය පෙළ විභාගයට හරිම ප්‍රයෝජනවත් වුණා................