IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ජේ. ඊ ජයසූරිය සමරු මුද්දරයක්

(නිමල කොඩිතුවක්කු)

ඡායාරූප - ළහිරු හර්ෂණ

ගණිත විෂය සංවර්ධනය උදෙසා මහඟු සේවයක් සිදුකළ මහාචාර්ය ජේ. ඊ ජයසූරිය මහතාගේ සිය වන ජන්ම දිනය නිමිති කරගෙන සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් අද(14) නිකුත් කරන ලදී.

එය මුද්දර කාර්යංශයේ අධ්‍යක්ෂ එච්. වී. ඩී. අයි අබේවික්‍රම මහතා විසින් කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝ නායක හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ඥානිස්සර නා හිමියන් වෙත කොළඹ පදනම් ආයතනයේදි පිළිගැන්වූහ.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, මහාචාර්ය ජේ. ඊ ජයසූරිය පදනමේ නිර්මාතෘ ආචාර්ය දයනාත් ජයසූරිය ඇතුලු පිරිසක් සහභාගී වූහ.

 

 



අදහස් (8)

ජේ. ඊ ජයසූරිය සමරු මුද්දරයක්

Sunil Wednesday, 14 February 2018 09:28 AM

ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයෙක් සහ සැබෑ මහත්මයෙක්.. පරම්පරා ගණනාවක් සඳහා සිසුන්ගේ ගණිත විෂයට අඩිතාලම දැමූයේ මෙතුමාය. අපි ඔහුට ආචාර කරනවා.

:       0       22

Bamunuarachchi Wednesday, 14 February 2018 09:55 AM

ජේ.ඊ. ජයසූරිය මැතිතුමනි, අපි ඔබට සදා නයගැතියි. ඔබ වැනි ගරු පියතුමන්ලා 100 ගණනින් මෙරට උපදීවායි පතමි. මම ද්විතීය ගණිත සාස්තර පටන් ගත්තේ ඔබතුමාගේ පොත්වලිනි.

:       0       14

bamunuarachchi Wednesday, 14 February 2018 09:58 AM

අහෝ! ඛේදයකි... ෆොටෝවලට අමතරව මෙතුමා ගැන සටහනක්... දෙන්න

:       0       20

sanath Wednesday, 14 February 2018 11:48 AM

මෙතුමා නොදත් අයට මෙතුමා ගැන දැන ගැනීමට සටහනක් දෙන්න ඉතා වටිනවා.

:       0       17

thilina Wednesday, 14 February 2018 05:32 PM

මෙතුමාට සම කළ හැකි ගණිතඥයෙක් මේ දිවයිනේ තවම පහල වී තිබේද යන්න මට නම් උභතෝකෝටිකයෙකි.

:       0       0

Herath Wednesday, 14 February 2018 07:56 PM

1967 තෙක් වීජ ගණිතය සහ ජ්‍යාමිතිය පොත් තිබුනේ සිංහලට පරිවර්තනය කරපු ඉංග්‍රීසි පොත් පමණයි. ඒ පොත් ගොඩක් ලොකු වැඩි. ඒ වගේම සරල නැහැ. මෙතුමා ගොඩක් විශිෂ්ට පොත් දෙකක් සිංහලෙන් ලිව්වා.

:       0       0

vidya Thursday, 15 February 2018 04:44 AM

1960 දශකයේ ගණිතය උගත් අපට ඔබතුමාගේ සිංහලට පරිවර්තන කල ගණිත පොත් ඉමහත් රුකුලක් විය. ඔබතුමා සිරිලක විද්වතෙක් වී උපදිත්වා.

:       0       1

Athula k Thursday, 15 February 2018 07:27 AM

මෙතුමාගේ සීඝ්‍ර ජ්‍යාමිතිය සහ වීජ ගණිතය පොත් දෙක සාමාන්‍ය පෙළ විභාගයට හරිම ප්‍රයෝජනවත් වුණා................

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 408 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 118 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 798 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site