රංජිත් රාජපක්ෂ
පළාත් පාලන මැතිවරණයේ ප්රතිපල නිකුත් කිරිම සමඟ හැටන් ලංගම ඩිපෝවේ ඇතැම් සේවකයයෝ එම ඩිපෝවේ කළමනාකාරවරයා සහ ඩිපෝ පරික්ෂකවරයා දරන තනතුරු වලින් ඉවත් වන ලෙස බලපෑම් කර ඇති අතර ඇතැම් සේවකයයෝ ඩිපෝවේ පරිපාලනය අතට ගෙන තිබේ.
සේවකයන් කරන ලද බලපෑම් සම්බන්ධයෙන් ඩිපෝවේ කළමනාකාර අනුර දොඩම්තැන්න මහතා හැටන් පොලිසියට ඊයේ පැමිණීල්ලක් කර තිබේ.
හැටන් ලංගම ඩිපෝවේ සිදුවී ඇතැයි කියන මෙම අර්බුධය සම්බන්ධයෙන් ප්රාදේශිය ප්රධාන කළමනාකාරවරයා සහ ප්රාදේශිය ඉංජිනේරු ගම්පොළ ප්රධාන කාර්ය්යාලයේ නිලධාරීන් පැමිණ සේවකයන් සමඟ මෙම ගැටලූව සම්බන්ධයෙන් අද (13) සාකච්ඡාකර තිබේ.
ඩිපෝ කළමනාකාරවරයා සහ ඩිපෝ පරික්ෂකවරයා එම තනතුරුවලින් ඉවත් කිරීමටනම් ඔවූන් සම්බන්ධව සේවකයින් විසින් ලිපියක් සකස් කර අත්සන් කර එය භාර දිමෙන් පසු මේ සම්බන්ධව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බව එම නිලධාරීන් සේවකයන් හමුවේ අද (13) පවසා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය තමයි මොන නායකයා වුවත් නැති කරන්නේ.
කට්ටිය වැඩ පටන් අරගෙන එන්නේ අපේ බුද්ධිමත් ජනතාවට අපේ උපහාරය. 2015 කට්ටියව එලියට නොදාපු එකේ ප්රතිඑල ජය වෙවා
නියමයි මේ තියෙන්නේ ප්රාදේශීය සභා දිනුවම තත්වය , තව කොහෙද රට දිනුවොත්
චුටිම ඡන්දෙන් දිනලා ඔහොම නම් මහා ඡන්දෙන් දිනලා මොනවා නොකර ඉදීවිද .