වැසි ඉල්ලා කිරි කල පූජා කරති පුත්තලම පිටවට රවුම්පාර මුත්තුමාරී අම්මාන් කොවිලේ වාර්ෂික මංගල්‍යයට හා ප්‍රදේශයට නිසි වර්ෂාවක් ලැබෙන ලෙස පතමින් කිරි කල පුඡාවක් අද (23) උදෑසන පැවැත්විණි. 23 July 2017
තමන් ඉලක්ක කළ වෙඩි තැබීමක් බව මහාධිකරණ විනිසුරු කියයි අද සවස 5.00 ට පමණ යාපනය නල්ලූර් කෝවිල පසුපස මාර්ගයේදී කළ වෙඩිතැබීම තමන් ඉලක්ක කරගත් සිදුවීමක් බව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා කියයි 22 July 2017
අම්බලන්තොට කුඩු රැජිණ අල්ලයි අම්බලන්තොට නගරය ඇතුළු ගම් රැසකට මත් කුඩු බෙදූ කුඩු අම්බලන්තොට කුඩු රැජිණ මත් කුඩු සහ මත් කුඩු අළවිකරන ලද මුදල් ද සමඟ අත් අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය කියයි. 22 July 2017
යාපනය මහාධිකරණ විනිසුරුගේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තබයි අද සවස 5.00 ට පමණ යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තබා තිබේ. 22 July 2017
අගමැති පැරැණි දේශපාලන මිතුරන් හමුවෙයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අඛණ්ඩව පාරිලිමේන්තු දිවියට වසර 40ක් සැපිරීම නිමිත්තේ දේශපාලන ගමන සඳහා උරදුන් බියගම එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල සමාජික සමාජියකයන් සමඟ සුහද කතා බහක අද (22) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දි පැවැත්විණි. 22 July 2017
කැසිනෝ යන්න යතුරු පැදි ඉස්සු හතරක් සැකපිට යතුරු පැදි සහ ත්‍රීරොද රථ සොරා ගන්නා කල්ලියක සාමාජකයින් සිවු දෙනකු සොරාගත් යතුරු පැදි 12 ක් සහ ත්‍රිරෝද රථ 3 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 22 July 2017
කැළි කසළ ගැටලූව තවත් රජයකට ඉතුරු කරන්නේ නෑ- ජනපති මෙතෙක් කිසිදු රජයකින් විසඳුමක් නොලැබුණු මේ රටේ කැළි කසළ ගැටලූවට අනාගතයේ පත්වන කිසිදු රජයකට නැවත මුහුණදීමට සිදු නොවන අන්දමේ ස්ථීරසාර විසඳුමක් ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 22 July 2017
‘කළු පාට ඩෙංගු ගැන රතු පාට කතාව සුදු පාටින් අහන්න’ කොළඹ, ගම්පහ, කළුතර, මාතර, මහනුවර, කෑගල්ල, පුත්තලම ආදි දිස්ත්‍රික්ක ගණනාවකට ඩෙංගු උණ මේ වන විට තදින් පැතිර යන අතර ගෙවී ගිය මාස හයක කාලය තුල ඩෙංගු රෝගීන් 80,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත 22 July 2017
ගම්පහ රෝහලේ නවතා තිබූ ගිලන් රියේ හුළං ඇරලා ගම්පහ රෝහල් පරිශ්‍රය තුළ නවතා තිබූ ගිලන් රථයේ ටයර්වල් එහි ප්‍රධානියකුගේ කීමට ආරක්ෂක නියමකයකු විසින් හුළං ඇරිම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඒ.එල්. ෆරීඩ් මහතා පවසයි. 22 July 2017
සයිටම් විරෝධී පාගමනක් ඇරැඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලමින් වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ ශිෂ්‍ය පා ගමනක් කොළඹ නීති පීඨය අසලින් මීට සුළු මොහොතකට පෙර ගමන් ආරම්භ කළේය 22 July 2017
දැරියක අපයෝජනය කළ පහක් සැකපිට 13 හැවිරිදි දැරියක අපයෝජනය කළ තරුණයන් තිදෙනකු හා විවාහකයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 22 July 2017
අඟුණකෙළපැලැස්සේ බෝම්බ ප්‍රහාරයකින් 17ක් රෝහලේ අඟුණකොළපැලැස්ස වැටිය හන්දියේදී ඊයේ රාත්‍රී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් අතර තුර එල්ල වූ අත් බෝම්බ ප්‍රහාරයකින් 17 දෙනකු තුවාල ලබා ඇතැයි අඟුණකොළපැලැස්ස පොලිසිය කියයි 22 July 2017
හොර බෙහෙත් ගෙන්වූයැයි 10 දෙනකුට චෝදනා පෞද්ගලික සමාගමක් හරහා ප්‍රමිතියෙන් තොර ඖෂධයක් ආනයනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු 10 දෙනකු වග උත්තරකරුවන් කරමින් බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති කොමිසම අද (21) චෝදනා පත්‍ර බාරදුන් බව එම කොමිසම කියයි. 21 July 2017
පොරොන්දු ඉටු නොකළොත් ලංකාව අවදානමේ පොරොන්දු වූ පරිදි වත්මන් ආණ්ඩුවට ප්‍රතිසංස්කරණ සිදු කරමින් සංහිඳියා ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යෑමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකාව අවදානම් තත්ත්වයකට පත්වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් සහ දේශපාලන කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානි ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා අද (21) පැවැසීය. 21 July 2017
පෞද්ගලික විශ්ව විද්‍යාල 10 ක් වත් ඕනෑ යයි සිවාජිලිංගම් කියයි රජයේ වෛද්‍ය විද්‍යාලවලට අමතරව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 10ක් ස්ථාපිත කිරිමට රජය පියවර ගතයුතු බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පවසයි. 21 July 2017
‘බුදු සසුනට එරෙහිවන්නන්ට සත්‍ය අවබෝධ වේවා‘ ‘බුදු සසුනට එරෙහි බලවේගයන්ට සත්‍ය අවබෝධ වේවා‘යැයි පතමින් ශ්‍රී ලංකා ජාතික මහා සංඝ සභාව සංවිධානය කළ භික්ෂුන් වහන්සේලාගේ සත්‍යග්‍රහයක් අද (21) අලුත්ගම කන්දේ විහාරස්ථානයේ දී පැවැත්විණි. 21 July 2017
ලක්ෂ 31ක් කොල්ලකෑවැයි තුනක් සැකපිට හොරණ අරපනාගොල්ල කර්මාන්ත ශාලාවකට අයත් රුපියල් තිස් එක් ලක්ෂයකට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධයෙන් එම මුදල් බාරව සිටි අයකැමිවරයකු ඇතුළු තිදෙනකු අද (21) කහංවිල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 21 July 2017
“වසරක් ගියත් මිලියන 144කින් කරපු දෙයක් නෑ“ රුපියල් දාහතර කෝටි හතලිස් ලක්ෂයක මුදලක් උතුරු පළාත් ආණ්ඩුකාර අරමුදලින් පළාත් සභාවට ලබාගෙන වසරක් ගතව ඇතත් එම මුදල්වලින් එක් සතයක් හෝ මෙතෙක් වැය කර නැතැයි උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා පවසයි. 21 July 2017
සිවාජිලිංගම් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවයි බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහ මුල්ලිවායික්කාල් දිනය ගැන කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත කැදවා ඇත 21 July 2017
ජගත් මහලේකම්ගෙන් ලක් රජයට පැසසුම් අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලෙන කාර්යාලය ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු යෙදීම ශ්‍රී ලංකාව ලද සුවිශේෂී ජයග්‍රහණයක් බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇත්තෝනියෝ ගුටරෙස් මහතා පවසයි. 21 July 2017
රයන් අත්අඩංගුවට ගැනීමට යාම ගැන පරීක්ෂණයක් වෛද්‍යපීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට යාමේ සිද්ධියේ දී පොලිසිය අතින් රාජකාරි අතපසුවීමක් හෝ වැරැද්දක් සිදුව ඇතිද යන්න සොයා බැලීම සඳහා පොලිස්පතිවරයාගේ නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 21 July 2017
කොකේන් සිද්ධියට රේගුවේ තුනක් මාරු රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ සතොස ගබඩාව වෙත එවා තිබු සීනි කන්ටේනරයක් තුළ තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 218 ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව එම කන්ටේනර් රථය වරායේ දී පරික්ෂා කළ රේගු නිලධාරීන් තිදෙනකුට වහාම කි‍්‍රයාත්මක වන පරිදි අද (21) සිට ස්ථාන මාරුවීම් ලබා දී ඇත. 21 July 2017
ජපුර පරිසර අධ්‍යයන වාර්තා තහනම් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් නිකුත් කරන පාරිසරික අගැයීම් වාර්තා පිළිනොගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර ඇත. 21 July 2017
ගමට පොලිසියක් ‘ගමට පොලිසියක්’ යන සංකල්පය යටතේ ප්‍රජා පොලිස් සංකල්පය එලදායි හා කාර්යක්ෂමව ක්‍රියාවට නැංවීමේ අරමුණින් පොලිස් ජංගම සේවයේ සමාරම්භක උත්සවය අද (21) කොළඹ කල්‍යාණ ධර්මා ආශ්‍රමයේදී පොලිස් අධිකාරී පාලිත පනාමල්දෙනිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 21 July 2017
රුධිර පරීක්ෂණ පැය දෙකක් ඇතුළත දිය යුතුයි පැය දෙකක් ඇතුළත පෞද්ගලික රසායනාගාර රුධිර පරීක්ෂණ වාර්තා ලබා නොදුනහොත් ඩෙංගු සඳහා ප්‍රතිකාර කිරීමට එම වාර්තා වලංගු නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. 21 July 2017
ඩෙංගු මඬින පාසල් වැඩසටහන 28 දා මේ මස 28 වැනි සිකුරාදා පාසල්වල අධ්‍යාපන කටයුතු නතර කර ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීන්දු කර තිබේ. 21 July 2017
දුම්රිය ආදායම වැඩිවෙයි දුම්රිය දෙපාර්තමේන්තුව ඉකුත් වසරේ මගී ප්‍රවාහනයේ දී ප්‍රගතියක් පෙන්වා ඇතැයි එම දෙපාර්තමේන්තුවේ 2016 කාර්ය සාධන වාර්තාව පෙන්වා දෙයි. 21 July 2017
පුවත්පත් කොමිසමට පැමිණිලි 133ක් ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමට 2016 වසරේදී පැමිණිලි 133ක් ලැබී ඇතැයි එම කොමිසමේ 2016 වාර්ෂික වාර්තාව සඳහන් කරයි. 21 July 2017
වෛද්‍ය සංගමය මානව හිමිකම් යයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට එරෙහිව ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (21) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට හා ඇමරිකා තානාපති කාර්යාලයට සන්දේශයක් බාරදුන්නේය. 21 July 2017
වන්දි ඉල්ලා උපවාස කළ පහක් රෝහලේ හම්බන්තොට සූරියවැව අඩිසියයේ පාර පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දී වසර 5ක් තිස්සේ තමන්ට වන්දි නොදුන් බව කියමින් උපවාසයක නිරත පිරිසෙන් 5 දෙනකු අද(21) අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කෙරිණි. 21 July 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026