(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
2012 වසරේ නොවැම්බර් මාසයේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමින් රැඳවියන් 27 දෙනකු මියයෑමේ සිද්ධියට අදාල රහස් පොලිස් පරීක්ෂණවල ප්‍රගතිය දන්වන්නැයි අභියාචනාධිකරණය අද (15) නීතිපතිට දැනුම් දුන්නේය.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැදවිණි.
2012 වසරේ නොවැම්බර් වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමින් 27 දෙනකු මියයෑමට අදාළව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට පොලිස්පතිවරයාට සහ රහස් පොලිස් අධ්‍යක්ෂවරයාට නියෝග කරන ලෙස ඉල්ලා මෙම සිද්ධිය ඇසින් දුටු සුදේශ් නන්දිමාල් නැමැත්තා විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබිණි.
එවකට සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ උපදෙස් මත වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ සෝදිසි මෙහෙයුමකින් මෙම ගැටුම ඇති වූ බව පෙත්සම්කරු කියා සිටී.
මෙහි වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් , රහස් පොලීසි අධ්‍යක්ෂ , පොලිස්පති සහ බන්ධනාගාර ඇමති නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාර්තා කරන්න "ප්‍රගතිය" ගැන හොයන්න ගිහින් කරගෙන යන "පරීක්ෂණ" තව තවත් පරක්කු වෙන එකයි වෙන්නේ. අපරාධකාරයින්ට නඩු දාන්නේ කවද්ද කියලා අහලනේ.. මිනිස්සු අපරාධකාරයෝ කියලා චෝදනා තියෙන කට්ටිය දිනවන්න ඡන්දෙ දීලා තියෙන්නේ? මෙහෙම රටක් ලොවෙත්, ලොවි ගහෙවත් නැතුව ඇති...
ඔය අහන නඩුවක් අද, හෙටම අහල ඉවරයක් කළොත් හොඳයි කියලයි මට නම් හිතෙන්නේ.
ශිරාන් ගුණරත්න, ගෝඨා බේරලාම තීන්දුවක් දේවි!!!
මේ ඝාතනයට කඩු සහ කුඩු සම්බන්ධයි.
ප්‍රගතිය දන්වන්න වෙලාව ගත කර කර හිටියොත් පරීක්ෂණ තව තව කල් යන්න පුළුවන්. එතකොට මිනීමරුවන්ගේ වලිගෙ තමා අල්ලන්න වෙන්නේ..