රංජන් කස්තුරි
පළාත් පාලන ආයතනවල සියයට 25 ක කාන්තා නියෝජනය ලබාදීම මේ වන විට අර්බුදයක් බවට පත්ව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
සෑම පළාත් පාලන ආයතනයකම සියයට 25 ක කාන්තා නියෝජනය අනිවාර්ය කර ඇතත් මන්ත්‍රීවරුන් පත්ව ඇති ආකාරය අනුව එය අර්බුදයක් බවට පත්ව ඇතැයි සභාපතිවරයා සඳහන් කළේය.
එම නිසා පනත සංශෝධනය කර කාන්තා නියෝජනය පිළිබඳ සංශෝධනයක් ගෙන එන්නැයි තමන් පාර්ලිමේන්තුවට යෝජනා කරන බව ද සභාපතිවරයා කියා සිටියේය.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රමාද වූයේ පරිගණක වැඩසටහනෙහි ඇති වූ දෝෂයක් නිසා බව කී දේශප්‍රිය මහතා එහි සියලු වරද තමන් තනිව භාරගන්නා බව ද කීවේය.
මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබෑවක්ද ඔබ පවසන්නේ? (දෙබස් කැවූ ටෙලි නාට්‍යයක කෑල්ලක් නෙවේ)
ඕකටත් එහෙනම් කොමිසමක්වත් පත් කරලා බලමුද ? දැනට රටේ තිබෙන කොමිසම් ගොඩ උඩට තවත් එකක් වැටුනට කමක් නැහැ නේ.
කාන්තා නියෝජනය අවශ්‍යම දෙයක්ද? මොකක්ද විශේෂත්වය?
ඔන්න අපේ රට. අර්බුධයක් එන බව කල් තියා දැන ගන්න තරම් විචාර බුද්ධියක් අපේ නීති සම්මත කරන අයට නෑ.
මේකනේ ප්‍රශ්නේ නීති හදනවා පසුව වෙනස් කරනවා උවමනා විදිහට. ඕක නෙවේ කරන්න උවමනා. නීතියේ විදිහට පක්ෂ වලට අපේක්ෂකයන් දාන කියන්න. නැතිනම් මන්ත්‍රී වරුන් සංඛ්‍යාවකින් මණ්ඩලය නියෝජනය කරන්න. පක්ෂ හරි විදිහට වැඩ කරේ නැතිනම් ඒගොල්ලන්ට පාඩුව. දැන්වත් සංයමයක් ඇති කරන්නකෝ අපි කරන වැඩ වල.
අනිවාර්ය කාන්තා නියෝජනය බංග්ලාදේශයේ සහ පාකිස්තානයේ දැනටමත් තියෙනවා.
ප්‍රකාශ කිරීම පහසුයි, නමුත් ක්‍රියාත්මක කිරීමේදී ගැටළු ඇතිවන බව ආචාර්යවරුන්ද සිහිතබා ගතයුතුය.
පළාත්පාලන ආයතන පනත සංශෝධනය කරද්දී රාජ්‍ය ආයතන කීයකින් පරික්ෂා කළද, ඔවුන් කාටවත් මෙවැනි ප්‍රශ්න ඇතිවෙයි කියලා කාටවත් හිතුනේ නැද්ද? අපරට ගැන හරිම කණගාටුවක් හිතෙනවා.