(අමල් වික්‍රමරත්න)
ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කනිෂ්ඨ කාර්යමණ්ඩලය ආරම්භකළ වැඩ වර්ජනයක් නිසා අද (15) ගාල්ල තැපැල් කාර්යාලයෙන් බෙදා හැරීමට නියමිත ලිපි තේරීම, බෙදා හැරීම ඇතුළු කනිෂ්ඨ කාර්යමණ්ඩලය මගින් සිදුවන සියලුම කාර්යයන් අඩපණ වී ඇතැයි තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමයේ සංවිධායක ලේකම් අනුර නිශාන්ත මහතා පවසයි.
ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට අතිකාල නොගෙවීමේ සිද්ධියක් මත මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇතැයි කියැවේ.
ඊයේ (14) සවස 5.00 සිට රාත්‍රී වැඩ මුරයට පැමිණි සියලුම කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් මෙලෙස ලෙඩ නිවාඩු මත සේවය නොකිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය ආරම්භ කර තිබේ.
වෙනත් මාසවල ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සියලුම සේවක මණ්ඩලවලට එකවර අතිකාල ගෙවීම් සිදුකරන බවත් එය සෑම මසකම 10 වැනි දා වනවිට ලැබෙන නමුත් මෙවර නිලධාරීන් පමණක් නියමිත දිනයේ අතිකාල ලබාගෙන කනිෂ්ඨ සේවක මණ්ඩලයට අතිකාල ගෙවීම පැහැර හැර ඇති බවත් පැවසේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊ මේල් තියෙනකන් එස් එම් එස් තියෙනකන් අපිට ප්රශ්නයක් නැහැ.
සෑම රජයේ නිළධාරියෙක්ම මෙහෙම තමා. තමන්ගේ දේවල් ලබාගන්න නම් හරියට සටන් කරනවා. නමුත් හොද සේවයක් දෙන්න මහන්සි වෙන්නේ නැහැ. මම බොරුනම් කියන්නේ දැන් රජයේ කාර්යාලයකට ගිහින් බලන්න කොපමණ දේවල් බලන්න ඕනෙද කියල වැඩක් කරගන්න. සීයට අසූවක් පමණ එහෙම තමා. සේරම තමන්ගේ වගකීම හරියට කරනවානම් රටක් දියුණු වෙනවා.