ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පාර්ක්ලන්ඩ්හි උසස් පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් 17දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
විනය සම්බන්ද හේතුන් මත එම පාසලෙන් නෙරපනු ලැබූ 19 හැවිරිදි පුද්ගලයකු විසින් මෙම වෙඩිතැබීම සිදුකරනු ලැබ ඇති බවත් ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
රයිෆලයක් රැගෙන පැමිණි සැකකරු සිසුන් තිදෙනකු පාසලෙන් පිටතදී ද 12 දෙනකු පාසල තුළදීද ඝාතනය කර ඇත. තවත් දෙදෙනකු රෝහලට ගෙනයන අවස්ථාවේ මියගොස් ඇත.
වෛද්‍යවරුන් පවසන්නේ තුවාල ලැබූ අයගෙන් පස්දෙනකුගේ තත්ත්වය බරපතල බවයි.
2012 වර්ෂයේ කනෙක්ටිකට් ප්‍රාන්ත පාසලක සිදුවූ වෙඩි තැබීමකින් ළමුන් 20දෙනකු මියගිය අතර ඉන්පසුව පාසලක සිදු වූ භයානකම වෙඩිතැබීමේ සිද්ධිය මෙය බව බලධාරීහු පවසති.
(රොයිටර් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම දුකයි. අර කියන්න වගේ මේකටත් පොහොට්ටුව සම්බන්ධද දන්නේ නෑ.
ඕක තමා "දියුණු" ඇමරිකාවේ උසස් පාසැල් වල තත්වය.
අහන්න දෙයක් නැහැ පොහොට්ටුව දින්නපු නිසා තරහට කරපු දෙයක්.
අපි නම් ඕකට කියන්නේ ගිනි අවි සංස්කෘතිය කියලයි. ඇමෙරිකාව "දියුණු" රටක් නම් නිදහසේ ගිනි අවි භාවිතයට ඇති අවශ්‍යතාවය කුමක්ද? ඒකෙන්ම පේනවා ඇමෙරිකාව කොතරම් ම්ලේච්ච රටක්ද කියන එක.
ගිනි අවි සංස්කෘතිය මේ රටේ පැලපදියන් වෙලා තියෙන්නේ. ඔවුන්ගේ ව්‍යවස්ථාවේ තුන්වැනි වගන්තියෙන් ගිනි අවි පාවිච්චි කිරීමට අයිතිය දීල තියෙනවා.