(මනෝප්රිය ගුණසේකර සහ ලහිරු හර්ෂණ)
අධිකරණ නියෝග නොකතා මහජනතාවට පීඩාවන පරිදි උද්ඝෝෂණයක නිරත වූයැයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර හා භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි මේ මස 28 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(15) නියෝග කළාය.
වෙනත් නඩු කටයුත්තක් සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ කොල්ලුපිටිය පොලිසිය කළ කරුණු දැක්වීම මත ඔවුන් රිමාන්ඩ් ගත කෙරිණි.
(ඡායාරූප-ළහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට තෙවරප්පෙරුම ඇතුළට ගන්නෙ නැත්තෙ ඇයි? එතුමටත් අධිකරණ නියෝගයක් දුන්න නේද උපවසෙ නවත්තන්න කියලා. නමුත් එතුම එකට පයින් ගැහුව් නෙද?
මේ ගොල්ලෝ එළියේ හිටියේ ඇප උඩ නේද? කරුණාකරලා ආයෙමත් මේ ගොල්ලන්ට ඇප දෙන්න එපා. නඩු කටයුතු අවසාන වන තෙක්ම ඇතුලේම තියාගන්න. නැත්නම් අධිකරණය විහිළුවක් වෙලා තමයි නවතින්නේ...
අළුත් ආණ්ඩුව ආවට පස්සෙත් බෝඩ් ලෑලි උස්සගෙන කොල්ලුපිටියට එන්නකෝ පුළුවන් නම්... මෙයාලට පාඩමක් උගන්නලා වැඩ පටන් ගනිමු.
දේවාලේ කපුවට මිසක් ආතුරයන්ට බලයක් නැහැ. මේ අය කවදත් ආතුරයින් විතරයි.
මේ අන්තරේ අය රටට බරක්....
මේ අය ආයෙත් කළේ නීතිය රජ කරවන්නයි. අඩුමගානේ අවුරුද්දක්වත් ඇතුලේ තියාගන්න ඕනෑ..
මෙම ශිෂ්‍යයින්ට නම් නීතිය අකුරටම, ඒත් මුළු රටම උලා කෑවන්හට, මිනී මරුවන්ට නිදහස...!!!
එයත් වෙනත් වැඩකට පොලිසියට ආපු වෙලාවක අත්අඩංගුවට ගනියි. කලබල වෙන්න එපා ...
හාමුදුරුවෝ හිරේ දාන්න එපා... රටටම සාප වදිනවා.
මේ දෙන්නගෙන් කවුද අනේ හාමුදුරුවෝ? මන් දන්නේ නැති හින්දයි අහන්නේ. රැවුල හින්දා හිතාගන්න අමාරුයි.
සිවුරු දාපු පලියට සෝවාන් වෙන්නේ නැහැ. සමහර හාමුදුරුවරුන්ගේ හැසිරීම ගිහියන්ටත් වඩා පිළිකුල්. මට පේන විදිහට ළහිරුගේ ඉගැනීමේ කටයුතු තියෙන්නේ හිරගේ අතුලේ වගේ!
කොහොමද මෙයා හාමුදුරුවෝ වෙන්නේ? ශාසනයටත් සාපයක්..
මෙයත් තව හොඳ උදාරණයක්.. අපේ රටේ නීතිය සැමට එකලෙස ක්‍රියාත්මක වෙනවද කියලා නැවත හිතන්න. බලාගෙන ගියාම අධිකරණය ගැන අර වන් ෂොට් කියන කතා සහතික ඇත්ත !!
මොන පන්සලේ මහණ වූ අයෙක්ද? කියා සොයාබලන්න...