අජන්ත කුමාර අගලකඩ
රට තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදය හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනිද්දා (16) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
ජනාධිපතිවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් අනිද්දා (16) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන අතර ජනාධිපතිවරයා එහිදී මෙම ප්‍රකාශය කරනු ඇත.
ඉකුත්දා පැවති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය දරුණු පරාජයකට ලක් වීමත් සමඟ ආණ්ඩුවේ ගමන පිළිබඳව මේ වනවිට අර්බුදකාරී තත්ත්වයක්ද පැන නැගී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම වෙමි මුල් සේවකයා ලක්බිම ඉන්නේ... සැමවිට සරල බව රඟමින් පෙන්නන්නේ... එනමුත් ගමන බෙන්ස්තුල බව සැම දන්නේ... ඉතින් මොකට ප්‍රකාශයන් මින් කියවන්නේ....
අපිට නම් දැන් ඔය විශේෂ ප්‍රකාශ අහලාම එපාවෙලා. 2015 ජනවාරි 08 වෙනිදා ඉඳලා මොන තරම් නම් ප්‍රකාශ කළාද?
ඕකටත් විශේෂ කමිටුවක් පත් කරලා කමිටු වාර්තාවක් ලබා ගත්තොත් නරකද?
අර්බුදයක් තියෙනවා කියල පිලිගන්නවා එහෙනං. අර්භුදයක් වෙන්නේ නැනේ පොරොන්දු වුන දේ හරි වෙලාවට ක්‍රියාත්මක කලානම්. "එයාපෝර්ට් වහනවා. හොරු අල්ලනවා. නිතියානුකුලව දඬුවම් දෙනවා. මන් කවුද කියල දන්නේ නෑ. හදල බලමු අලුත් පක්ෂයක් " වගේ සුරංගනා කතා අවුරුදු තුනක්ම කියව කියවා හිටියා විතරනේ. තමන්ගේ පක්ෂයේ මිනිස්සු වෙන පක්ෂ ප්‍රවර්ධනය කරන කොට අඩු ගණනේ පක්ෂ සාමාජිකත්වයවත් තහනම් නොකර කයිවාරු ගැහුවට ඒ ගොල්ලෝ හැදෙන්නේ නැතිබව තේරුනේ නැද්ද? එ්කාබද්ධයේ කට්ටිය අලුත් පක්ෂයට බැඳෙන්නේ නැත්තේ ලැබෙන පළවෙනි අවස්ථාවේදීම ශ්‍රී ලංකා එක අල්ලාගන්න කුරුමානම් බලමින් කල් මරණ නිසා බව ඔය වටේට පිරිවරාගෙන දිරච්ච ලණු ගිල්ලවන බක පණ්ඩිත උපදේශක පුරෝහිතයෝ රොත්ත පෙන්නා දුන්නේ නැද්ද? අලුත් ආණ්ඩුවක් හදන්න මහින්ද කල්ලිය ලංකර ගන්නවා කියන්නේ කාල බෝම්බයක් බඩේ බැඳගෙන බොත්තම තද කර ගන්නවා වගේ අඥාන වැඩක්නේ. දැන් ඉතින් නහයටත් උඩින්ගලාගෙන ගිහින් තියෙන වතුරේ ගිලෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී ජබු ගහගහ ඉන්න අතරතුරේ ප්‍රකාශ කරන්න ඉතුරුවෙලා තියෙන්නේ මොන "විශේෂ" බඩ කඩිත්තුවද?
ජනතාව විශේෂ ප්රකාශනය කරලා ඉවරයි. දැන් යහපත් දේශපාලකයන්ගේ කතා වලින් වැඩක්නැහැ !!
මෙතුමාගේ ජයග්රහණයේදී මෙතුමා පිළිගත්තා ඔහුගේ ජයග්‍රහණයට ප්‍රධානම සාධකය වුයේ අන්තර්ජාලය භාවිතාකරන බුද්ධිමත් තරුණ ප්‍රජාව බව. එ්ත්, ඒ බුද්ධිමත් එඩිතර තරුණ ප්‍රජාව මේ වනවිට ඔබ සමග නැහැ. වැඩිය කතා අවශ්‍ය නැහැ... අර සයිටම් එකට විරුද්ධව මහපාරේ තප්පුලන තරුණ පරපුර පවා අද සිටින්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා සමගයි. ඒ වගේම සයිටම් එකටම නොවුණත් පෞද්ගලික වෛද්‍ය පීඨවලට පක්ෂපාතී අදහස් ඇති අපිත් අද සිටින්නේ ඒ තරුණ ප්‍රජාව සමගයි. ඔබතුමාගෙන් අපේ හෝ ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු නොවේ නම්, සමස්තයක් ලෙස ඒ පාලකයාගෙන් රටට ඵලක් නැත. අපි තරුණ ප්‍රජාව නියෝජනය කරමින් මහින්ද රාජපක්ෂ මහතාට ජය පතමු!! ඔබතුමා හැමෝටම නමිනැමී පාඩුවේ ඉන්න !!
රටේ කිසිම දේශපාලන අර්බුධයක් නැහැ. ඔබගේ ධුර කාලයට තව කල් තියන බව ජනතාව දන්නවා. විධායකයට අකමැති ඔබ තුමා මේ රට විධායක ජනාධිපති කමට සුදුසු මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ රට බාර දෙන්න. ඒක මේ රටට කරන විශාල සේවයක්.
වෙනස සැපද මහත්තයෝ?
විශේෂ ප්‍රකාශය ඉදිරිපත් කීරීම... විශේෂ ප්‍රකාශක හිටං.
මම නිර්පාක්ෂික වෙමි. දින සියයෙන් විධායකය අහෝසි කරමි. නැවත ජනධිපතිවරණයට නොඉල්ලමි. හොරුන්ට මිනීමරුවන්ට දඬුවම් දෙමි... ඕව අපි කලින් අහපුවා ..දැන් මේ පාර මොනවද කියන බොරු?
දේශපාලන අර්බුදයක් ඇති වෙන්න මේක මහා මැතිවරණය නෙවෙයි නේ. පාර්ලිමේන්තුවට මේ පළාත් සභා ඡන්දෙන් කවුරු හරි අලුතෙන් පත්වුණාද?
ලංකාවයි සිම්බාබ්වේ කණ්ඩායමයි අතර තිබ්බ 4 වෙනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලංකාව දිනුවට පස්සේ පස්සේ සිම්බාබ්වේ එකෙන් ඇවිත් මට කිව්වා අපේ බ්‍රෑන්ඩන් තමා වැඩිම ලකුණු ගැහුවේ ඒ හින්ද දිනුම් සිම්බාබ්වේ කියලා. මම හිනා වෙලා ගෙදර ගියා
යහපාලනය හදපු අපි නම් ඔබතුමාගේ ප්‍රකාශයෙන් බලාපොරොත්තු වෙන්නේ 2020 වෙනකම් සම්මුති ආණ්ඩුව යන බව කියයි කියල. ඔය ඒකාබද්ධය කියන ඒවා අහල ඔබතුමා විනාස මුකයට යන්න එපා. එහෙම වුනොත් ඔබතුමා විතරක් නෙමෙයි යහපාලනය හදපු ඔක්කොම ජිවිත අනතුරේ. විශාල විනාසයක මුල වෙයි.
මෙන්න වැඩක් අරබුදයේ නිර්මාතෘ අරබුදය ගැන දෙශන පවත්වනවා.
අර්බුදයක් නැහැ. ඡන්දයක් තිබුනා පක්ෂයක් දිනුවා. ඉතින් අර්බුදයක් වෙන්නේ කොහොමද. කෙසිම කෙනෙක් රටට ආදරේ නැහැ. තමාගේ බලයට සහ සල්ලි වලට විතරම තමා. රටට වැඩක් කරානම් ඡන්දෙ පරදින්නේ නැහැ.
නීතිය කොහොම වෙතත් දැනටමත් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනලද නායකයෙක්. තවදුරටත් පාර්ලිමේන්තු ඔළුගෙඩි ගණන් කර කර ආණ්ඩු සැදීම පැත්තක දාලා දිනපු කට්ටියට ඉඩ දීලා ගෙදර යායුතුයි.
8% වැනි සුළු මහජන කැමැත්තක් ඇති කෙනෙක් තවදුරටත් පාර්ලිමේන්තුවේ ඔලු ගණන් කර කර ආණ්ඩු පිහිට වීම සදාචාරාත්මක නැහැ.
ප්‍රකාශ නම් අවශ්‍ය නැහැ. තවමත් පාර්ලිමේන්තු වැඩි බහුතර විශ්වාසය දිනිය හැකි පක්ෂ නායකයා වශයෙන් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තමන්ට මනාප පරිදි ආණ්ඩුව කරගෙන යන්න ඉඩදෙන්න. වෙන කාටවත් ඒ සා බහුතරයක් පෙන්වන්න බැහැ. ඊළඟට පළාත් පාලන ආයතන කඩිනමින් ස්ථාපිත කර එම ආයතනවල කටයුතු කරගෙන යන්න ඉඩදෙන්න. ඡන්දයේ දී ජනතාව දුන් පණිඩුඩය නිවැරදිව තේරුම් ගෙන 2015 දි ඔබතුමා ජනතාවට පොරොන්දු වු පරදි ජනමත විචාරණයකට තුඩු නොදෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පමණක් ගෙන ඒමට අගමැතිතුමාට උපදෙස් දෙන්න. එපමණයි. ඔබතුමාට නියමිත ධුර කාලය රැඳී ඉන්න කිසි බාධාවක් නැහැ.
අපි හිතමු... පක්ෂ 8 ක් එකතුවෙලා රට පාලනය කරනවා කියලා. මේ පක්ෂ 8ම 10% ගානේ ඡන්ද ගන්නවා කියමුකෝ. තව එක පක්ෂයක් තියෙනවා 10.1%ක් ගන්නවා. රට පාලනය කරන්න ඕනේ 10.1% ගත්ත පක්ෂයද? අර පක්ෂ 8 ද?
රටේ නම් කිසිම අර්බුදයක් නැහැ මේ පුංචි ඡන්දෙ පතිඵල වලින් .ඡන්දෙට පෙරනම් වැඩ කරන මිනිස් පැය ට්‍රිලියන ගණනක් විනාෂ වුව. ප්‍රධාන පක්ෂ නායකයින්ගේ ජන රැලි නිසා. සමහර සේවකයින් වරුවක් නිවාඩු ගන්නවා. දුරබැහැර සේවකයින් සම්පුර්ණ දිනයම නිවාඩු ගන්නවා. මෙම කාර්තුව නිෂ්පාදනය අඩුම කාර්තුවක් වෙන්න පුළුවන් කලකට පසුව එන .
විද්‍යුත් නාලිකාවක් දෝත බදා අගමැතිවරයාට පහරදීම ආරම්භ කිරීමත්, විවිධ මාධ්‍ය ඔස්සේ එක එක ආකාරයේ අද්භූත අනාවැකි පළකිරීමත් ඉදිරියේ ‘රට අරාජික වීමේ අර්බුදය‘ මේ වන විට පස් වන දිනටද පා තබා ඇත. රාත්‍රියට කියන කතාව පසුදා උදයට වෙනස් කරමින්ද උදයේ කියන කතාව රාත්‍රියට වෙනස් කරමින්ද විවිධ වගකීම් දරන පුද්ගලයින් කරන ප්‍රකාශ නිසා ජාතික දේශපාලන කරළිය අච්චාරුවක් බවට පත්ව තිබේ. ජනාධිපති වෙන්නේ මොකද්ද කියා ඉක්මනට ප්‍රකාශ කලොත් හොඳය. නැත්නම් පොහොට්ටුවේ ඉතිරි ටිකත් පිපෙන්නට බැරි නැත.