රොමේෂ් ධනුෂ්ක ද සිල්වා
‘‘ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් හෙට ඉවත් වෙනවානම් අපි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු සමඟ එක්වී ආණ්ඩුව කරන්න ලැස්තියි‘‘ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අද (15) නාරාහේන්පිට අභයාරාමයේ හිටපු ජනාධිපතිට සෙත් පතා සිඳුකළ බෝධි පුජාවක් අවසන් වී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති කියා සිටියේ අගමැතිධුරයෙන් ඉවත් නොවන්නැයි තමා රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතනයෙන් පවසා ඇති බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසවා එය අසත්‍ය ප්‍රකාශයක් බවද හෙතෙම කීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමා පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තේ නැත්තේ. මේ පලවෙනි අඩිය. ඊළඟට මහා පිරුවට.
එතකොට අවීචියේ භාරකාරයා කව්ව්ද? හිතාගන්ඩ බැරිනිසය් ඇහුවේ.
කට වාචාල රාජිත කවද්ද අැත්තක් කිව්වෙ?
මට බල තණ්හාවක් නෑ, මේ ඇත්තමය් කියන්නේ!
ප්‍රාදේශීය සභා ආණ්ඩුවක්ද නැත්තං නගර සභා ආණ්ඩුවක්ද කරන්න කැමති? ප්‍රාදේශීය සභාවක්, නගර සභාවක් දිනලා ආණ්ඩු කරන්න කතා කරන ලෝකයේ එකම පැරදිච්ච ජනාධිපති...
එජාපය 2014 එහාට පන්නාදමා අර කවටයින් 5දෙනාත් සක්වලෙන් එහාට එලවා දමා එකතුවී ඔබ අගමැතිකම ගෙන රට නැවත ඉදිරියට ගෙනයන්න.
ඔය තේරිලා ඉන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් එක්ක නියම සැලැස්මකින් ගම දියුණු කරන්න පුළුවන් කියලා ඔප්පුකරලා පෙන්වලා, ඊට පස්සේ බැරිද රටේ ආණ්ඩුව ලබාගන්න? මොකද මට නම් ඔය ලොකුවට දින්නට ඔය කට්ටිය වැඩට හපන්නුද කියල ෂුවර් නැහැ.
ඔය පළමුවන පින්තුරයේ වැඳගෙන ඉන්න සමහරු බවලත්තු බලයේ ඉන්න කොට මතකද තමන්නට සැප පහසු වාහන ( ඒ කාලේ තිබුනේ ඉන්ටෙර්කුලර් වාහන) අනිවාර්යෙන්ම ඔනියි කියල කියපු හැටි. අපේ රට දුප්පත් මිනිස්සු බහුල රටක් කියල කවදාවත් හිතල තියෙනවද දන්නේ නැහැ.
ආණ්ඩුවක් පිහිටුවන එක ගැන හිත හිතා පන්සල් යන එක නම් නවත්වන්න එපා ඔන්න. දෛනිකව "වොයිස් කට්" දාගන්න ඕනෑනම් තව ගොඩක් කල් පන්සල් යන්න වෙයි. ඔක්කොම හරියි කියලා හිතාගෙන උඩ පනින අනිත් අයටත් මේක පහදලා දුන්නොත් හොඳයි.
ප්‍රියන්ත වෙත, ඒත් එතුමා ත්‍රස්තවාදය පරාද කළ ලොව එකම ජනාධිපතිනේ..
"අගමැතිධුරයෙන් ඉවත් නොවන්නැයි මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතනයෙන් පවසා ඇතැයි කැබිනට් ....." කියපු කටින්මද මහින්ද මහත්තය මේ ටිකත් කිවුවේ....??? "එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් හෙට ඉවත් වෙනවානම් අපි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු සමඟ එක්වී ආණ්ඩුව කරන්න ලැස්තියි‘‘ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියන නිසා මෙයාගේ මොළේ තදබල අමාරුවක් තිබෙන බව ඉතාම පැහැදිලිව පේනවා මේ පුවත සමග තිබෙන පළමු පින්තුරයෙන්ම !!! අනික් අය මෙන් බිම වාඩිවී බණ නොඇසුවත්, මෙයා බුද්ධ, ධර්ම, සංඝ ගව්රවය නොමැතිව අහක බලාගෙන හිනා වේවි සිහින මවන පුද්ගලයෙක් බව නම් පේනවා. එකම රටේ එකවරම රාජපක්ෂ පවුලෙන් ඉදිරිපත්වෙන තුන්වැනි අගමැති අපේක්ෂකයා හැටියට මහින්දගේ නම "ගිනිස් ලෝක වාර්තා පොතට" ඇතුලත් කරමුද? අගමැති පදවියට මෙයාලගේ තියෙන කෑදරකම මින් පැහැදිලි වෙනවා! යලිත් වරක් පන්සලත්, දේශපාලනයත් එකතුකරගෙන සිය අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කරගැනීමට මොහු වළිකන හැටි ලජ්ජා සහගතයි!
මහින්ද මහත්තයෝ පවතින ආණ්ඩුවේ දුර්වලතා අඩුපාඩු නිසා එයාලට රතු එළියක් පෙන්වන්න ඕන නිසයි ඔබතුමාට අපි ඡන්දය දුන්නේ. ඔබතුමා ඒකෙන් අදිමානයක් ඇතිකරගන්න එපා. ඔබතුමාට ආයෙත් ආණ්ඩු කරන්න ඕනනම් ඔය දිනාපු ප්‍රාදේශීය සභාවල හොදට වැඩ කරලා ජනතාවගේ විශ්වාසය දිනාගන්න. ඊට පස්සේ මීලග මහා මැතිවරණයට පොහොට්ටුවෙන්ම එන්න. හැබැයි හොදට මතක තියාගන්න ඔබතුමා පැරදුනු වෙලාවේ ඔබතුමාව අත්හැරලා දාලා ආණ්ඩුවට හේත්තුවෙලා ඇමතිකම් ගත්තු අවස්ථාවදියෝ ටික ආයෙත් ලන්කරගත්තොත් ඔබතුමා ආයෙත් පරදිනවා. ඒනිසා කලබල වෙන්නේ නැතුව පොඩ්ඩක් ඉවසගෙන ඉදලා හොද ශක්තිමත් පිරිසිදු ආණ්ඩුවක් හදන්න සුදුසු වාතාවරණයක් ඇතිකරගන්න.
නුතන හතර බිරි කතාව චන්දේ තිබ්බේ ප්‍රාදේශීය සභා වලටයි පිහිටුවන්න හදන්නේ අලුත් ආන්ඩුවකුයි මැතිවරණය දිනුවේ ජී එල් පීරිස්ගේ පොහොට්ටු පක්ෂයයි. ජය ගත්තා කියල කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ අනුශාසකයි හොදටම පරාද වුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වරයායි. වෙනස් කරන්න හදන්නේ අගමැති වරයායි.
මහින්ද හිටපු ජනපතිතුමා තවම පොහොට්ටුව කිසිම වගකීමක් අරගෙන නෑ.......ඒ කියන්නේ පොහොට්ටුව ෂුවර් නෑ වගේ............පොහොට්ටුවද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙද?
අපි හිතමු පක්ෂ 8 ක් එකතු වෙලා රට පාලනය කරනවා කියලා. මේ පක්ෂ 8 ම 10% ගානේ ඡන්ද ගන්නවා කියමුකෝ. තව එක පක්ෂයක් තියෙනවා 10.1% ක් ගන්නවා. රට පාලනය කරන්න ඕනේ 10.1% ගත්ත පක්ෂේද ? අර පක්ෂ 8 ද?
ජනාධිපතිතුමත් බිමම ඉඳගත්තා නම් තමා වඩාත්ම හොඳ..................
ජනපතිවරණයෙන් පරාදයි. මහා මැතිවරණයෙන් පරාදයි. ප්‍රාදේශීය සභාව යන්තම් දිනාගෙන අගමැති වෙන්නයි කල්පනාව.
රනිල්ට ලැජ්ජාවක් නැත , මහින්දටද ලැජ්ජාවක් නැත. මේ පක්ෂ පාට ක්‍රමය තිබෙනතුරු ලංකාවට ගොඩඒමක් ද නැත, දැන් දැන් පෙනෙන විදියට ලංකවේ බහුතරකට හොරකම වීරකමක් ලෙසත්, අවංකව සේවය කිරීම කොන්දපන නැති කමක් ලෙසත් පෙනෙන තැනට දේසපාලුවන් විසින් ජනතවගේ මනස ශොදනය කර ඇත, සමාජයට ලැබෙන නිදහස බහුතරක් දෙනා තම තමන්ගේ වාසියට හරවාගෙන හිතුමතේ පිස්සු නටන තැනට පත්වී ඇත. කොටින්ම කියනවනම් බුදු දහමින් පෝෂණයවූ ලැජ්ජ බය තිබු මිනිසුන්ගේ , ලැජ්ජ බය වාශ්පවී ඇත.
සමුපකාර ඡන්දයක් දිනුවම ආණ්ඩු පෙරලන්න පුලුවන්ද? පළාත් පාලන ආයතන ස්ථාපිත කරන්නයි මේ ඡන්දෙ තිබ්බේ. ව්‍යවස්ථාදායකය වෙනස් කරන්න නොවෙයි.
සමහර අය 29 වතාවක් පැරදිලා යස අගේට අගමැති කම් කරන්නේ .
ඔන්න ආයෙත් පටන්ගත්තා පන්සල් ගානේ ගිහිල්ලා දේශනා පවත්වන්න.
ඉන්න ඔක්කොම පට්ට හොරුනම් ඔවුන් අතරින් කෙනෙක් නම් අගමැතිවිය යුත්තේ. එහෙනම් මෙයා තමා හොඳම කෙනා අගමැති වීමට. මම කොතනද වැරදි?