(රංජන් කස්තුරි ඡායාරූප-රොමේෂ් ධනුෂ්ක ද සිල්වා)
අගමැතිධුරයෙන් ඉවත් නොවන්නැයි මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතනයෙන් පවසා ඇතැයි කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව එජාපය යම් ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබෙන බවද අගමැතිධුරයෙහි වෙනසක් අවශ්‍ය නොවන බවද රාජපක්ෂ මහතා අගමැතිවරයාට පවසා ඇතැයි රාජිත සේනාරත්න මහතා කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාපයට හෙණ ගැහුවේ බොරුවේ උල්පත වන කට නිසායි.
හරි දැනුවත් වුණා...
රාත්‍රියට එක කතාවක්... දවල්ට තවත් කතාවක්... මෙහෙම අරුම පුදුම කතා පවත්වන කට්ටිය නිසා තමයි දැන් රට දවස් පහක්ම නන්නත්තාර වෙලා තියෙන්නේ. කවුරුහරි ක්ෂණිකව කියන්නකෝ මොකද්ද වෙන්න යන්නේ කියලා. අර මන්ත්‍රීතුමා හිටියානම් මෙලහට දෙන්න ඕනෑ සේරටම නියමෙට වැඩේ දීල වෙඩි වගේ... ආයේ කතා දෙකක් නෑ. මතකනේ එයා එක්ක තරඟෙට ඡන්දයක් ඉල්ලන්න ගිහින් එක්කෙනෙකුට වෙච්ච නස්පැන්තිය...
දැන් එතකොට රනිල් වැඩ කරන්නෙත් මහින්ද කියන විදියටද?
මේ බොරු අහල අපට දැන් දකින එකත් අප්‍රිය වෙලයි තියෙන්නේ.
ඔය රටේ ඉන්න අය මරා ගත්තට මහින්දයි, රනිලුයි එදා ඉඳලාම ඩීල් එක යටින් තියෙන්නේ... එහෙම නොවුණාම මුළු පිරිසම හිරේ යනවා. මෙම සුළු කාරණාව තේරුම් ගන්න බැරි රටේ ඉන්නේ හරක්ම තමයි.
රාජිතගේ අතේ රෝලක්ද තියෙන්නේ?
අපි තවදුරටත් මොහුගේ කතා විශ්වාස කළ යුතුද? මෙය පළමුවර නොවන අතර ඇමතිවරයකු ලෙස මෙවැනි වගකීම් විරහිතව කරන ප්‍රකාශ පළ කිරීම මාධ්‍ය විසින් නොකළ යුතුයි.
කැබිනට් ප්‍රකාශක ධූරයෙන් ඉවත් නොවන්න’යි මහින්ද කිව්වාලු - ... මේක ඇත්තමද?
සේරම එකම ගහේ ගෙඩි තමයි. පීඩාවට පත්වෙන්නේ අහිංසක මිනිස්සු. කොහොමද අර්ජුන් මහේන්ද්‍රන් ආවද?
මට ඇම්.ඇස්. ප්‍රනාන්දුව මතක් වුණා...
එතකොට දැන් ඇත්ත කියන්නේ කව්ද?
"අගමැතිධුරයෙහි වෙනසක් අවශ්‍ය නොවන බවද රාජපක්ෂ මහතා අගමැතිවරයාට" කිවුවලු ! මහින්ද දැන් පරිපාලනයේ උපදේශකත්වයක් දරනවාද? එහෙම නැත්නම් අගමැතිතුමාගේ පුද්ගලික උපදේශකයාද? ඒ නිසාද රාජපක්ෂ සහෝදර සංස්ථාවේ 2/3 ක්ම (ගෝඨාභය සහ චමල්) අගමැතිකම එපා කිව්වේ? කලකට ඉස්සර මහින්දට අගමැතිකම දෙන්න කියලත් කතාවක් තිබ්බා නේද? මේ අය මහා ලොකුවට සිහින මවන, මේ පුංචි ඡන්දෙට පස්සේ මෙයා දැන් හැම දේකටම ඇඟිලි ගහනවා!
තව වසර දෙකකුත් ඉන්න කියලා... රට නටබුන්ම කරලා දැම්මා නම් හරිනේ..
හාහා එතකොට මහින්දද රටේ ජනාධිපති?
මෙයා කියන ඒවා තාමත් මිනිස්සු විශ්වාස කරනවද? හා හා10 වෙනකොට නිදාගන්න... එතකොට හීන පෙනේවි..
හරි දැනුවත් වුණා....
මේ වෙලාවේ අගමැති වෙනස් කල යුතු නොවන බව ශක්තිමත් නායකයෙක් හැටියට එතුමා දැක ඇත. අපේ රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්න විසඳාගන්න රජයට සහයෝගය දී ශ්‍රේෂ්ට දේශපාලකයකු ලෙස විශ්‍රාම යමි. ජනතා පැතුම එයයි.
තමන්ගේ ආසනේවත් රැක ගන්න බැරි වූ මිනිහෙක් නන් දොඩවනවා... හරියට තද වුණාම විකාර කියනවා වගේ... මෙහෙම මිනිස්සු ලඟ තියාගෙන ඉන්න මෛත්‍රීට දෙයියන්ගේම පිහිට තමයි.
ගොබෙල්ස්ගේ මල්ලි කියලා හිතුවේ, දැන් නම් ගොබෙල්ස්ගේ අප්පා වගේ!
එතකොට අගමැතිතුමා මහින්ද මහත්මයා කියන විදිහටද නටන්නේ? අනික ඔබතුමා කොහොමද දන්නේ එ්ක?
මම ලංකාවේ වර්තමාන චේතිය රජතුමා මම කියන දේ ඔක්කොම අහන්න...
එතුමා හොඳටම දන්නවා ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා... මෙයා හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තහවුරු කරගෙන ඊළඟ ජනාධිපතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලන්න කියලා.
අගමැති වෙනස් වෙන්නෙත් නෑ. මගේ ඇමතිකම වෙනස් වෙන්නෙත් නෑ. හොරු අල්ලන්නෙත් නෑ. හොරකම් නොකර ඉන්නෙත් නෑ. අපේ වරප්‍රසාද අඩුකර ගන්නෙත් නෑ. ඉදිරි වසර දෙකත් මේ විදියට ගිහින් ඊළඟ මැතිවරණයේදී දිනන පැත්තට පැනලා මැරෙනකම්ම ඇමතිකමේ ඉන්නවා.
දැන් රනිල් අහන්නේ මහින්දගේ උපදෙස්ද?
ගොබෙල්ස්ගේ මූණමයි මෙයාට තියෙන්නේ. අනේ ඒ වගේමයි... ඇරපු අතක් නෑ.
අපි හිතමු පක්ෂ 8 ක් එකතුවෙලා රට පාලනය කරනවා කියලා. මේ පක්ෂ 8ම 10% ගානේ ඡන්ද ගන්නවා කියමුකෝ... තව එක පක්ෂයක් තියෙනවා 10.1% ක් ගන්නවා. රට පාලනය කරන්න ඕනේ 10.1% ගත්ත පක්ෂේද? අර පක්ෂ 8 ද?
ඉතින් ඕක කියන්න දෙයක්ද? මහින්ද දන්නවා රනිල් අගමැති පුටුවේ ඉන්නතාක් තමන්ට දේශපාලනිකව වාසි බව. අපි කියන්නෙත් මහින්දට අතින් වියදම් කරලා හරි කමක් නැහැ.... රනිල්ව ඔහොම තියන්න උනන්දු වෙන්න කියලා...
මහින්ද කැමති.. රනිල් වගේ දුර්වල නායකයෙක් එජාපයේ ඉන්නවට... එතකොට එයාගේ ගොඩ වැඩිකරගන්න පුළුවන්. 2005 ඉඳන් මහින්ද තමා රනිල් ව ආරක්ෂා කළේ. එජාපයේ නායකයා රනිල් නම් මහින්ද කවදත් දිනුම්...
මේ අදහස් දාලා තියෙන පාඨක සහෘදයින්ගේ අදහස් වලින්ම පෙනෙනවා වත්මන් ඡන්ද දායකයින්ගේ දැනුවත්භාවය. දැන් ඉන්න මිනිස්සු හිතන විදිහ මීට අවුරුදු කිහිපයකට කලින් උන්නු අයට වැඩිය දේශපාලනමය දැනුමින් යම්තාක් දුරකට පුළුල් දෘෂ්ටියක් ඇතිබව පෙනෙන්නට තියෙනවා. එය අප වැනි මැදපෙළ රටකට හුඟක් වටිනා ප්‍රවණතාවක්. මෙවැනි මධ්‍යස්ත මතධාරීන් සිටිනාතක් පුහු දේශපාලනඥයින්ට මේ පොළවේ ඔවුන්ගේ මුලාවේ බීජ වැපිරීමට නොහැක. ලංකාදීප වැනි මාධ්‍යයකට ගරු කල යුතුයි... නූතන බුද්ධිමත් පරිනත ඡන්දදායකයින් තැනීමට ඔවුන් දෙන දායකත්වයට...
"ටොම් පචයා" විකට චිත්‍රපටය මතක් වෙනවා!
මේ ආණ්ඩුව පෙරලන්න කුමන්ත්‍රණය කලේ මෙයා කියලා ඊළඟ ආණ්ඩුවට පනීවි...
රනිල් සහ මහින්ද ගජ මිතුරෝ බව නම් අපි දන්නවා. සමහර නඩු යට ගියේ එ්කනේ...
මහින්දගේ දැන් ටාගට් එක තමයි මෛත්‍රි. කොනක ඉඳන් දැන් පටන්ගන්නවා පලිගන්න. රනිලුත් ඒ වගේ නායකයෙක් නිසා මහින්ද කවදාවත් හීනෙකින් වත් රනිල්ට අතවත් තියන්නේ නැහැ.
මේ අය කියන්නේ බොරු සහ වංචාකාරී දේවල්.. සල්ලිවලට, බලයට ඕනෑම පහත් වැඩක් කරනවා.
කොළඹ 7 පාලනය මේ රටට නම් වැඩක් නැහැ.
ඇයි, දැන් චතුර නෙමෙයිද උපදෙස් දෙන්නේ?
මහින්ද දන්නවා... රනිල් කට ඇරියොත් එයාලගේ ඡන්ද ගොඩ වැඩිවෙන බව. මදැයි ගමට වයි ෆයි දෙන්න ගියා.
අගමැති හිටියත් මොකද.. නැතිවුණත් මොකද? රටේ දුප්පත් ජනතාවගේ දුක තේරෙන්නේ නැතිනම්...
මහින්දට රනිල් විශ්වාසයි තමන්ගේ පක්ෂයේ අයට වැඩිය. මෙයා දන්නවා රනිල් කවදාවත් අනික් දේශපාලන ලොක්කන්ගෙන් පලි ගන්නේ නෑ කියලා. උදාහරණ විමල්. මහින්ද දන්න්වා නිල් පක්ෂය ආවොත් අනිවාර්යෙන්ම ඒ අය පලි ගන්නවා කියලා. මහින්ද පාලන කාලෙ ඒ අයට සලකපු විදිහට..
මහින්ද කියන දේ කරනවා නම් එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මොකද කරන්නේ?
ඔයාලා එකඑක කතා කියන්න එපා. අපේ රාජිත ඇමති තුමාට... අනිවාර්යයෙන්ම මහින්ද එහෙම කියල තියෙනවා. මොකද රනිල් අයින් වුණොත් ඉන්න වෙන්නේ හිර ගෙදර නිසා...
ඒ ආදරේට නෙමෙයි. තව ටිකක් කල් උන්නහම හැඳිගෑවිලාම යනහැටි බලන්න. දැම්ම ගියොත් මහින්දට ලැබෙන්නේ සියයට 44 ක් විතරයි. තව අවුරුද්දක් දෙකක් උන්නොත් තුනෙන් දෙකක්ම ගන්න පුළුවන් වෙනවා දූරදර්ශි ක්‍රමයට රට පාලනය කළාම.
"බල්ලෙක් බිරුවට කන්දක් පාත් නොවේ" මෙවන් වාචලයින්ට ජනතාව නිසි පාඩමක් දීම ගැන ජනතාවට ප්‍රණාමය පුද කරමි !
රාජිත කට කැඩිච්ච කතා කියන කෙනෙක් දේශපාලනය ගැන මොනවත් අධ්‍යනය කරලා නැති අයෙක් ගත උන කාල පරිච්චේදියේ මර සල්ලියක් හම්බ කරා දේශපාලනයෙන් .......
මෙයා නිසා අපේ පවුලත් අට මහා කුසල කර්මයකට දායක වුණා. අර සිංගප්පුරු ශල්‍ය කර්මයට අපි දායක වුනේ ඒ දවස්වල පුළුවන් තරම් ගෙදරට කෑම බීම බඩුමුට්ටු මිලදී අරන්... දැන් මෙයා දකින කොට හරි සතුටක් දැනෙනවා අපිත් එගොඩ යන්න ගිය පරාණයක් බේරා ගත්තා කියලා. ආයු බොහෝ වේවා !
මෙවර නම් කියා ඇත්තේ සත්‍යයක්. මෙය අගමැති විසින් හා මහින්ද රාජපක්ෂ යන දෙදෙනාම විසින් සනාථ කරනු ලැබ තියෙනවා.
ඔව් ඔව් රනිල්ට රටේ දෙවැනි තැනට ඡන්දෙ ලැබුණ ජනාධිපතිතුමා ඉල්ලා අස්වෙන්න ඕන. උන්නැහේ රනිල්ට වලකපනවා තමන්ම කපාගත් වලේ ඉදලම.