විපක්ෂයේ ඉඳන් ආණ්ඩුවට සහාය දෙනවා -මහින්ද විපක්ෂයේ ඉදන් ආණ්ඩුවට සහාය දෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (16) කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේදී පැවසීය. 16 February 2018
මූල්‍ය අපරාධ වළක්වන්න නිර්දේශ 40 ක් මුදල් විශුද්ධිකරණය , ත්‍රස්තවාදය සහ ගෝලීය වශයෙන් සිදුවන අනෙකුත් අපරාධ වැළැක්වීමේ අරමුණින් මූල්‍ය කාර්ය සාධක බලකාය නිර්දේශ 40ක් හඳුන්වා දී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 16 February 2018
පොහොට්ටුව විපක්ෂය ලෙස පිළිගත යුතුයි-පාඨලී එක්සත් ජාතික පක්ෂය හා මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ බලවේගය අතර ජාතික සන්ධානයකින් ආණ්ඩුව පිහිටුවා පාර්ලිමේන්තුවේ හා නිල විපක්ෂය ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිගත යුතු යැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 16 February 2018
ජාලිය වික්රමසූරියගේ බිරිඳටත් ඇගේ සහෝදරියටත් වරෙන්තු ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට තාවකාලිකව විදේශ ගතවීම සඳහා අධිකරණයෙන් අවසර ලබාගැනීමේදී ඇප වූ ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ සහෝදරිය අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) වරෙන්තු නිකුත් කළාය. 16 February 2018
උදයංග වීරතුංග ගැන විදේශ අමාත්‍යංශයෙන් පරීක්ෂණ නැහැ මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 7.833 ක මහජන මුදල් අවභාවිත කළේ යැයි කියන චෝදනාවලට ලක්ව සිටින රුසියාවේ සහ යුක්රේනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සිදු නොකරන බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මහිෂිනී කොළොන්නේ මෙනවිය අද (16) ලංකාදීපයට පැවසුවාය. 16 February 2018
යාල්දේවිය පීලිපනී-උතුරු දුම්රිය මගේ ප්‍රමාදයක් ගල්කිස්සේ සිට කන්කසන්තුරය බලා ධාවනය වූ යාල්දේවී දුම්රිය මහව දුම්රිය ස්ථානයේදී අද (16) පීලිපැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඇනහිට ඇති බව දුම්රිය පාලන කාර්යාලය කියයි. 16 February 2018
දකුණු අප්‍රිකාවේ නව ජනපති සිරිල් රැම්පෝසා දකුණු අප්‍රිකාවේ නව ජනපතිවරයා ලෙස සිරිල් රැම්පෝසා මහතා පත්වි ඇත. 16 February 2018
වෙල්ගමට ජනපතිගෙන් පොරොන්දුවක් අගමැති ඉවත් කිරීමට ඇති හැකියාව ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම මහතා පවසයි. 16 February 2018
ලසන්ත ඝාතනය ගැන රහස් ප්‍රකාශයක් කරන්න පොලිස් ලොක්කෙක් සූදානම් සන්ඩේ ලීඩර් ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රහස් ප්‍රකාශයක් ලබාදීමට තමන් සූදානම් බව ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමන්ත අධිකාරී මහතා ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාල් මහතා ඉදිරියේ අද (16) ප්‍රකාශ කළේය. 16 February 2018
මුත්තු සිවලිංගම් ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපතිකමෙන් අස්වෙයි ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතා අද (16) පක්ෂ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වු බව එම පක්ෂයේ උප සභාපති හා භාණ්ඩාගාරික මධ්‍යම පළාත් අමාත්‍ය එම්.රාමේෂ්වරන් මහතා පවසයි. 16 February 2018
ගොකරැල්ලේ තරුණයෙක් ගිනස් වාර්තාවකට සැරසෙයි යතුරු පැදියක සිටගෙන කිලෝමීටර් 100ක දුරක් ධාවනය කරවා නව ගිනස් වාර්ථාවක් තැබීම සදහා කුරුණෑගල ගොකරැල්ලේ තරුණයකු අද (16) අනුරාධපුරයෙන් ගමන් ආරම්භ කළේය. 16 February 2018
මන්ත්‍රී බුද්ධික පතිරණ අල්ලස් හෝ දූෂණ කොමිසමට ත්‍රිවිධ හමුදාව සඳහා ආහාර සැපයීමේ 2017-2018 කොන්ත්‍රාත්තුවේ සිදු වී ඇති බව කියන අක්‍රමිකතා හා දුර්වලතා පිළිබඳව පැමිණිල්ලක් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද (16) කොළඹ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව වෙත පැමිණියේය. 16 February 2018
සාකච්ඡාව ජනාධිපති මැදුර දෙසට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්, ඇමති, සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර මේ වන විට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ. මෙම සාකච්ඡාව මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී පැවැත්වෙන බවද දැනගන්නට ඇත. 16 February 2018
විජය කුමාරතුංග ගුණ සැමරේ ශ්‍රී ලාංකීය සිනමාවේ ජනප්‍රියම නළුවකු සහ දේශපාලනඥයකු වූ විජය කුමාරතුංග මහතාගේ 30 වැනි අනුස්මරණ ගුණ සැමරුම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (16) සිදූවේදී පැවැත්විණි 16 February 2018
රයන් ජයලත්ට-බුද්ධ රක්ඛිත හිමිට වරෙන්තු අධිකරණ නියෝග කඩ කරමින් කොළඹ කොටුව ප්‍රදේශයේ විරෝධතාවක් පැවැත්වීම සම්බන්ධ නඩුවකට නොපැමිණියැයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සහ මඩුගල්ලේ බුද්ධ රක්ඛිත හිමියන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) වරෙන්තු නිකුත් කළාය. 16 February 2018
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග ගිවිසුමක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව, සුභ සාධනය පිළිබඳ මෙන්ම නීති විරෝධී මිනිස් වෙළෙඳාමට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ ශ්‍රී ලංකාවේ විදේශ රැකියා අමාත්‍යංශය අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ. 16 February 2018
අර්ජුන් ඇලෝසියස් -කසුන් පලිසේන නැවතත් උසාවි ගෙනෙති පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන යන අය අද(16) නැවතත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරනු ලැබීය. 16 February 2018
මාධ්‍ය ප්‍රධානි හමුව අවලංගුයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හෙට (16) උදේ කොළඹ ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබූ හමුව හදිසියේ අවලංගු කර ඇතැයි වාර්තාවේ. 15 February 2018
හැටන් දිඹුල ප්‍රදේශයේදී කිරි බවුසරයක් පෙරලී ගමනා ගමනය ඇණ හිටි හැටන් දිඹුල බෝගහවත්ත ප්‍රදේශයේ පෞද්ගලික කිරි එකතු කිරිමේ මධ්‍යස්ථානයක සිට මුල්ලේරියාව දක්වා දියර කිරි ලිටර් නවදහස් හත්සියක් 9700 ප්රවහානය කළ බවුසරයක් පෙරලි අනතුරට ලක් වී ඇති බව දිඹුල පොලිසිය පවසයි. 15 February 2018
සෞදි හාම්පුතාගේ අන්තිම කැමැත්තෙන් ශ්‍රී ලාංකිකයකුටත් කොටසක් මීට වසර විස්සකට පෙර සෞදි අරාබියේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකුට ඔහු සේවය කළ හාම්පුතා සිය අන්තිම කැමැත්ත අනුව හිමි මුදල් ලබාදීමට එම ශ්‍රී ලාංකිකයාගේ තොරතුරු ලබාදෙන ලෙස අන්තිම කැමති පත්‍රය ලියූ සෞදි හාම්පුතාගේ පුත්‍රයා රියාද් තානාපති කාර්යාලයේ සහාය ඉල්ලා ඇතිබව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 15 February 2018
ලංකාවේ දුර්ලභ ලස්සනම සර්පයා කුරුවිටින් ශ්‍රී ලංකාවේ ජීවත්වන සර්පයින් අතරින් ඉතාම ලස්සන මෙන් ම දුර්ලභම සර්පයා වන මල්සරා හෙවත් පොල්මල් කරවලෙකු පසුගියදා කුරුවිට තෙප්පනාව ප්‍රදේශයෙන් හමුවූ බව දෙහිවල සත්ව උද්‍යානයේ අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත් මහතා පවසයි. 15 February 2018
අසාදු ලේඛණයෙන් ශ්‍රී ලංකාව ඉවත්කරගැනීමට පියවර ගන්නවා - මහ බැංකු අධිපති යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීම සඳහා ක්‍රමවත් සැලැස්මකට අනුව ක්‍රියාකරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (15) කීය. 15 February 2018
අපරාධ නඩු පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය අපරාධ නඩුවකදී ළමයකු ලෙස ගණන් ගන්නා වයස අවුරුදු 8 සිට 12 දක්වා ඉහළ නැංවීමේ විධිවිධාන ඇතුළත් කර 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 15 February 2018
ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහරට අනුග්‍රහය දක්වති කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන නවම් පෙරහර සඳහා මෙවර අනුග්රහකත්වයන් පිරිනැමීම ගංගාරාමය විහාරස්ථානයේ දී අද (15) සිදුකෙරිණි . එම අවස්ථාවෙදී ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අනුග්රහකයින් එම චෙක්පත් පිරිනැමීම සිදුකෙරිණි 15 February 2018
වෛද්‍යපීඨ සිසුහු මානව හිමිකම් කොමිසමට යති සයිටම් විරෝධී අරගල වල නිරතව සිටි රජයේ වෛද්‍යපීඨ සිසුන්ගේ මහපොළ ගෙවීම් කටයුතු සීමා කිරීම සම්බන්ධයෙන් එම සිසුහු අද (15) මානව හිමිකම් කොමිසම් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. සයිටම් විරෝධී අරගල හේතුවෙන් වෛද්‍ය සිසුන් මාස 9 ක කාලයක් පුරා පන්ති වර්ජනය නිරතව සිටි අතර එම කාලය තුළ මෙම මහපොළ කපාහැර ඇති බව සිසුන් ගේ පැමිණිල්ළේ සඳහන් වේ. 15 February 2018
ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහිදී පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරග දෙකකින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන සිටී. 15 February 2018
විමල් වීරවංශගේ නඩුව ජූනි 14ට කල්යයි ආගමන විගමන නීති උල්ලංඝණය කර විදේශ ගතවීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහි නඩුව ජූනි 14 වැනි දා දක්වා කල්තැබීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් නිල්මිනි රන්කොත්ගේ මහත්මිය අද (15) නියෝග කළාය. 15 February 2018
මඩුවක අකුර කළ සිසුන්ට අලුත් ගොඩනැඟිල්ලක් පළමු වසරට ඇතුළත් කළ දිනයේ පටන් තාවකාලික මඩුවක අකුරු කළ දඹුල්ල තිත්තවැල්ගොල්ල ප්‍රාථමික විදුහලේ පළමු වසරේ සිසුන්ට දඹුල්ල පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකය ප්‍රදේශයේ දානපතියෙකු සමඟ එක්ව මාසයක් ගතවීමට මත්තෙන් අලුත් ගොඩනැඟිල්ලක් ඉදිකර භාරදීම අද (15) සිදු කෙරිණි. 15 February 2018
නීතිය හා සාමය අමාත්‍යංශය සරත් ෆොන්සේකාට දෙන්න - දඹර අමිල හිමි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ජෙනරල් සරත් ෆොන්සේකාට දිය යුතු යැයි පුරවැසි බලය සංවිධානය කියයි. 15 February 2018
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයා ලෙසින් හැඳින්වෙන ධම්මික පෙරේරා මහතා රුපියල් මිලියන 160ක වටිනාකමකින් යුත් ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථයක් ආනයනය කර ඇතැයි වාර්තා වේ. 15 February 2018
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026